Home / Featured / ප්‍රභූ වාහන පුපරවන්න ගෙනා කොටි බොම්බයක්- වව්නියාවේ ගෙදරක මිදුලෙන් මතුවෙයි

ප්‍රභූ වාහන පුපරවන්න ගෙනා කොටි බොම්බයක්- වව්නියාවේ ගෙදරක මිදුලෙන් මතුවෙයි

වව්නියාව උක්කුලාන්කුලම් ප්‍රදේශයේ නිවසක මිඳුලෙ වල දමා තිබූ වාහන පිරිරවීම සඳහා යොදා ගන්නා කිලෝ 15 ග්‍රෑම් 150 ක බරින් යුත් අධිබලැති පීඩින බෝම්බයක් හමු වූ බවට වව්නියාව පොලසිය කියා සිටියේය.

උක්කුලාන්කුලම් ගම්මානයේ කාන්තාවක් තම නිවසෙහි ගෙමිදුලේ වලක් හෑරීමට ගත් උත්සහයකදී අදාල බෝම්බය මතුවී ඇති අතර පසුව නිවැසියන් විසින් ඒ බව වව්නියාව පොලීසිය දැනුම් දීමෙන් පසුව ගොඩට ගෙන ඇත.

මෙසේ හමු වූ අධිබලැති පීඩණ බොම්බය කොටි සංවිධානය විසින් නිස්පාදිත එකක් බවටත් යුද සමයේදී ප්‍රභූ වාහන පිපිරවීම සඳහා රැගෙන එන ලද බොම්බයක් බවට සැක කරන බවට වව්නියාව පොලීසිය කියා සිටියේය.

මෙ සේ හමු වූ පීඩින බොම්බයෙහි ‘‘කැප්ටන් රාජා (අයියා) 99 වශයෙන් සටහන් කොට තිබුණු අතර අදාල බෝම්බය වව්නියාව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට දැනුම්දීමෙන් පසුව වව්නියාව අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව එම නිලධාරීන් විසින් නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන තිබුණි.

වන්නි රොමේෂ් මධුෂංඛ

(උක්කුලාකුලම් ගම්මානයේ මිඳුලකින් මතුවූ අධිබලැති පීඩණ බොම්බය හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අදාළ බොම්බය නිස්ක්‍රීය කිරීමට පියවර ගත් අයුරු )

Check Also

රටේ ආර්ථිකයම මෛත්‍රි යටතට …ආර්ථික අනු කමිටු මුලසුනෙන් රනිල් ඉවතට

රටේ ආර්ථික කළමනාකරණය සම්බන්ධ තීන්දු තීරණ ගන්නා කැබිනට්‌ අනුකමිටුවේ නව ප්‍රධානියා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *