Home / Featured / මිතොටමුල්ල කුණු කන්ද නාය ගියේ නෑ…. ජිවිත ගණනක් අරන් කුණු කන්ද ගිය හැටි

මිතොටමුල්ල කුණු කන්ද නාය ගියේ නෑ…. ජිවිත ගණනක් අරන් කුණු කන්ද ගිය හැටි

මිතොටමුල්ල ඛේදවාචකයට මුල එහි කුණු කන්දේ බිඳවැටීමක් මිස එය නාය යාමක් නොවන බව ජාතික ගොඩනැගිලි පරයේෂණ සංවිධානයේ භූ විද්‍යා සහ භූමි අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්.බණ්ඩාර අනාවරණය කර තිබේ.

කුණු කන්ද බිඳවැටීමට හේතුව කසල කන්දේ බර දරාගත නොහැකිවීමේන් එහි පොළවේ පස් තට්ටු ඉහළට ඉලිප්පීම බවත් එවිට ඒ පස් තට්ටු මත පිහිටි ගොඩනැගිලි බිඳ වැටීමත් සමඟ කුණු කන්ද ඒ මතට පතිත වීම සිදුවී බවයි අධ්‍යක්ෂක වරයා සදහන් කරන්නේ.

තමුත් එම සිද්ධියට මුහුණ දුන් ප්‍රදේශවාසීන් කළ ප්‍රකාශ අනුව එම සිදු වීමත් සමඟ ඇති වූ ගිගුරම් හඬ, පස් තට්ටු වේගයෙන් ගමන් කිරීම ආදී කරුණු මත මෙය මෙම කුණු කන්ද නාය යාමක් ලෙස සමහර භූ විද්‍යාඥයින් විසින් පළමුව අනුමාන කර ඇති අතර කුණු කන්ද අභ්‍යන්තරයේ සිදුවන ජෛව රසායනික ක්‍රියාකාරීත්වයන් ද මෙම පිපිරීම සිදුවිය හැකි බවට මත පලවි තිබේ.

මේ අතර මීතොටමුල්ල කුණුකන්දේ ඛේදවාචකයෙන් මිය ගිය ගණන 27 දක්වා ඉහළ ගොස් ඇති අතරඊයේ රාත්‍රී වන විට මිය ගිය 26 දෙනකුගේ සිරුරු සොයා ගෙන ඇති අතර තවත් පුද්ගලයකුගේ කකුලක් පමණක් සොයාගෙන තිබේ. ඒ අනුව 27 දෙනකු මිය ගොස් ඇතැයි තහවුරු වී ඇති බව ආරක්ෂක අංශ කියයි.

මිය ගිය බවට තහවුරු වූ පිරිස අතර ළමයි හය දෙනෙක් ද සිටිති. තවත් බොහෝ දෙනෙක් අතුරුදන්ව සිටිති. අතුරුදන් වූ සංඛ්‍යාව කොපමණදැයි වගකිව යුතු ආයතන කිසිවක් තවමත් නිශ්චිතව ප්‍රකාශ කර නැත.

Check Also

ඒකාබද්ධය දකින්නේ දවල් සිහින…..එදා රට විකුණාගෙන කණකොට අද කෑ ගහන අය තිත්ත බෙහෙත් බිව්ව ගොලුවෝ වගේ

ඒකාබද්ධය දකින්නේ දවල් සිහිනයක් බවත් මෙම ආණ්ඩුව කිසි ජගතෙකුට සෙලවිය නොහැකි බව අමාත්‍ය වසන්ත අලුවිහාරේ ...