Home / ප‍්‍රාදේශිය / කෝවිලේ උත්සවයක් අවසානයේ දෙපාර්ශවයක් අතර ගැටුමක් -එක් දරු පියෙකු මරුට. සිවි දෙනෙකුට බරපතලයි

කෝවිලේ උත්සවයක් අවසානයේ දෙපාර්ශවයක් අතර ගැටුමක් -එක් දරු පියෙකු මරුට. සිවි දෙනෙකුට බරපතලයි

හැටන් පොලිස් වසමට අයත් කුඩුඔය වතුයායේ හින්දු කෝවිලක පැවති උත්සවයක් අවසානයේ දෙපාර්ශවයක් අතර ඇති වු ගැටුමකින් එක් අයෙකු මියගොස් තවත් සිවි දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ඇති බව හැටන් පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ එම ජනපදයේම පදිංචි එමි.පුෂ්පරාජ් නැමැති (26)හැවරදි එක්දරු පියෙකි. එම වතුයායේ මුත්තු මාරියමිමන් කෝවිලේ දින පහක් පැවති උත්සවයක් අවසානයේ (18.04) රාති‍්‍ර 7.45 ට පමණ මෙම දෙපාර්ශවය අතර ගැටුමක් ඇති වි ඇති බවයි පොලිසිය පවසන්නේ.

උල් ආයුධයකින් ඇණිම නිසා මරණකරු එම ස්ථානයේම ජිවිතක්‍ෂයට පත්වි ඇති අතර එම ගැටුමෙන් තවත් තුවාල ලැබු සිවි දෙනෙකු දික්ඔය මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ඔහුන්ගේ තත්ත්වය බරපතල නිසා ඔහුන් නාවලප්ිටිය මුලික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. සැකකරුවන් දෙදෙනෙකු රාති‍්‍රයේම සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ප‍්‍රධාන සැකකරු ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු සොයා හැටන් පොලිසිය මෙහෙයුමක් ආරමිභ කර තිබෙනවා.

කුඩාඔය ජනපදයේම සැකකරුවන් මරණකරු සහ තුවාලකරුවන් පදිංචි අතර කාලයක් තිස්සේ දෙපාර්ශවය අතරමපැවති මත භේදයක් මෙම ගැටුමට හේතුවි ඇති බවයි සිද්ධිය පිළිබද පරික්‍ෂණ පවත්වන හැටන් පොලිසිය පවසන්නේ.

හැටන් රංජිත් රාජපක්ෂ

 


Check Also

සවුදියේ ” “ඔලේයා බාබා” රැදවුම් කදවුරේ අපේ කතුන්ට දස වධ දේ …ගෘග සේවය ගිය කතකගේ මළ සිරුරක්

සෞදි  අරාබියේ, රියාද් නගරයේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කරමින් සිටියදී මිය ගිය බව කියන මස්කෙළිය ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *