Home / Featured / කොළඹ මිහිපිට අපායක් වෙයි …ආණ්ඩුවට ගැළවීමක් නෑ ජනතාව ආණ්ඩුවට එළවා එළවා ගහයි …

කොළඹ මිහිපිට අපායක් වෙයි …ආණ්ඩුවට ගැළවීමක් නෑ ජනතාව ආණ්ඩුවට එළවා එළවා ගහයි …

කොළඹ නගරයේ එකතුවන කැළි කසල පිළියන්දල -කරදියාන කසළ අංගනයට බැහැර කිරීමට එරෙහිව ප්‍රදේශවාසින් විසින් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

වේරැහැර -රත්මලාන මාර්ගය ,බොරුපන පාලම අසලින් හරස් කර ඔවුන් විරෝධතාවයේ නියැලී සිටිනවා.මේ හේතුවෙන් මාර්ගය තුළ දැඩි රථවාහන තදබදයක්ද ඇතිවී තිබෙනවා.කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වී .කේ .ඒ අනුර විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය කරදියාන කසල අංගනයට කසල බැහැර කිරීම සදහා ඊයේ අවසර ලබා දුන්නා.ඒ සමගින්ම ප්‍රදේශවාසින් විසින් විරෝධතා පැවැත්වීම හේතුවෙන් කසල රැගෙන පැමිණි ලොරි රථ කිහිපයක්ම ආපසු හරවා එවා ඇත. දැනටමත් කසල රැගෙන පැමිණි ලොරි රථ 30 ක් කුණු බැහැර කිරීමට ඉඩ ලබා නොදීම නිසා එම ස්ථානයේ රදවා සිටින ආකාරයක්ද දක්නට ලැබෙනවා.

අද මීතොටමුල්ලට අත්ව ඇති ඉරණම හෙට අපට අත්කර දීම ආණ්ඩුවේ අරමුණ දැයි එම ජනතාව ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා.කෙසේ වෙතත් දිගින් දිගටම උග්‍ර වන මෙම කැළි කසල ප්‍රශ්නය හමුවේ ආණ්ඩුවේ වගකිව යුතු බළධාරින් නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බවටද එම ජනතාව චෝදනා කරනවා.

කොළඹ කුණු ගැටළුව උත්සන්න වීමත් සමගම කොළඹ ප්‍රදේශ රැසක් කැළි කසල නිසා මේ වන විට අපවිත්‍රවී තිබෙනවා.ඇතැම් මාර්ග වල කැළි කසල ගොඩ ගැසීම නිසා කොළඹ අවට මාර්ග රැසක් දැඩි ලෙස අපිරිසිදුවී ඇත.

පෙර පැවති රජය විසින් කොළඹ නගරය පිරිසිදුව පවත්වා ගැනීම සදහා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කලද වත්මන් රජයෙන් එම ව්‍යාපෘති විධිමත් ලෙස ක්‍රියාත්මක නොවීම සහ මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම නිසා සිදුවූ ඛේදවාචකය නිසා මේ ගැටළුව උත්සන්න වීමත් සමගින් මේ තත්වය උග්‍ර මට්ටමකට පත්වී ඇත.

කොළඹ ප්‍රදේශයේ තැන් තැන්වල ගොඩ ගැසෙන කුණු බල්ලන් ,බළළුන් සහ කපුටන් විසින් ඇද දමා ඇති අතර එදා සුරපුරයක්ව පැවති කොළඹ නගරය මේ වන විට මිහිපිට අපායක් බවට පත්ව ඇත.

මීතොටමුල්ල කුණු කන්ද නාය යැමේ සිද්ධියත් සමඟ මේ වන විට දිනපතා කොළඹ එකතුවන විශාල කුණු තොගය බැහැර කිරීම බරපතළ ගැටලුවක්‌ බවට පත්ව තිබේ.

කොළඹ නගරය තුළ දිනකට කසළ ටොන් 750 ක්‌ පමණ එක්‌රැස්‌ වන අතර ඉතිරි ප්‍රමාණය බැහැර කරනුයේ කොතැනකටදැයි යන්න පිළිබඳ අදාළ බලධාරීන් කිසිවකුත් මෙතෙක්‌ අනාවරණය කර නැත.

කොළඹ කුණු දොම්පේ නගර සභාවට අයත් කසළ කළමනාකරණ මධ්‍යස්‌ථානය වෙත රැගෙන යැමට ඊයේ (18 දා) පියවර ගෙන තිබුණද එම ප්‍රදේශවාසීන්ගෙන් එයට දැඩි විරෝධයක්‌ එල්ල වී තිබිණි.

දොම්පේ ප්‍රදේශවාසීන් එම විරෝධතාව ආරම්භ කරන අවස්‌ථාව වන විටත් කසළ ලොරි කිහිපයක්‌ එහි ගොස්‌ තිබූ අතර විරෝධතාකරුවන් එම ලොරිවලට යළි පිටව යා නොදී විරෝධතාවේ නිරතවීමෙන් ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක්‌ද ඇතිවී තිබිණි.

 

Check Also

උතුරු-නැගෙනහිර රජයෙන් උදුරා ගත් ඉඩම් වහාම නැවත ලබා දෙනු! -පීඩිත ජනතාව වීදි බසියි

රජය විසින් දේපල පවරා ගැනීම නිසා අයුක්තියට පත් සියලු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණයක් ඊයේ (27) ...