Home / Featured / කුණු කන්දට රතන සාධු කෙමිකල් එකක් ගහලා … අතේ මාට්ටුයි ….ප්‍රදේශවාසින් සාක්ෂියි

කුණු කන්දට රතන සාධු කෙමිකල් එකක් ගහලා … අතේ මාට්ටුයි ….ප්‍රදේශවාසින් සාක්ෂියි

මීතොටමුල්ල කුණු කන්ද නාය ගොස් පවුල් පිටින් වළ දමන මොහොතක ඒ පිළිබද සොයා බැලීමට කිසිදු වගකිව යුතු දේශපාලඥයෙකු පැමිණ නැති බවට එම ප්‍රදේශවාසින් චෝදනා කරනවා. මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම ස්වභාවික ව්‍යවසනයක් නොවන බවත් එයට දේශපාලඥයන් වග කිව යුතු බව එම ජනතාව දිගින් දිගටම කියා සිටී.

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමට පෙර අතුරලියේ රතන හිමිගේ උපදෙස් මත රසායනික ද්‍රව්‍යක් කුණු දිරාපත් වීමට යැයි කියමින් ඒ සදහා එක් කල බවත් කුණු කන්ද නාය යෑමට එය බලපෑ බව මීතොටමුල්ල මහා ඛේදවාචකය සියැසින් දුටු අතුල ඉන්ද්‍රවංච පැවසුවා.

දිනපතා පුවත්පතක් වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කර තිබෙනවා.

ඔහු වැඩිදුරටත් මෙසේ පවසා ඇත.

“ඔය සිද්ධිය වෙන්න කලින් ගෙවල්වල පතුරු ගැලවෙන්න ගත්තා.අපි ඒ ගැන විමසිලමත් වුණා.ගෙවල් වල කට්ටිය පාරට ආවා.පාරත් පුපුරලා තිබුණා.අපි බලන් ඉන්නකොටම කුණු කන්ද පාමුල තිබුණ තට්ටු දෙකේ ගේ එකවරම අඩි 40 ක් විතර උඩ ගියා.ඒ එක්කම තිබුණ අනිත් ගෙවලුත් එක පාරටම උඩ ගියා.ඒ ගෙවල් ඇතුළේ මිනිස්සුත් හිටියා.මේ හැමදේම වෙන්න ගියේ තත්පර ගාණයි .දැන් පස් ගොඩක් වෙලා තියෙන මේ පාරේ ඒ වෙනකොට ත්‍රිවිලර් 15 ක් පමණ නවත්වලා තිබුණා.පස්සේ එක ත්‍රිවිලයක්වත් හොයා ගන්න තිබුණේ නෑ .

අපේ ජිවීත එක්ක සෙල්ලම් කරපු මරික්කාර් ,හිරුණිකා ආවොත් ගහලා එලවනවා.පසුගිය කාලයේ මරික්කාර් ඇවිත් මේ අවසන් සටන කියලා එක් කළා .ඒ අවසන් සටනේ ප්‍රතිඵල තමයි මේ.මේ අය අපිට වේලාසන අයින් වෙන්න කියලා සල්ලි දුන්නා කියලා කියනවා.සත පහක් දුන්නේ නෑ.දුන්නා නම් මේ මිනිස්සු අද ජීවත් වෙනවා.කන්දෙ කුණු දිරවන්න කියලා රතන හාමුදුරුවෝ මොකක්දෝ කෙමිකල් එකක් ගැස්සෙව්වා.ඒ කෙමිකල් එකත් මේ සිද්ධියට බලපෑවා.”

කුණු කන්ද නායයෑමට හේතුව කොළඹ මහ නගර සභාව විසින් කුණු කන්දට එක් කරන ලද රසායනිකයක් .

(උපුටා ගැන්ම )

 

කුණු කන්දට රසායනික ද්‍රව්‍යක් මුසු කරලා …පුපුරා ගියේ ඒ නිසා

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම කොළඹ නගර සභාව කුණු කන්දට ඉසින ලද රසායන ද්‍රව්‍යයක්‌ නිසා සිදු වූවක් බව ඒ අවට ප්‍රදේශවාසින් චෝදනා කරනවා.

කුණු කන්ද නාය යෑමට මාසයකට පෙර ගිනි නිවන හමුදාවේ බවුසර්වලින් පැමිණි පිරිසක් රසායන ද්‍රව්‍යයක්‌ කුණු කන්දට ඉසිනු ආකාරය සියැසින් දුටු බව පවසන ප්‍රදේශවාසීන් ඒ සදහා විරෝධය පෑ බවද පවසනවා. රසායනික ද්‍රව්‍ය ඉසීම තුළ ලෙඩ රෝග වැළදෙතැයි බියක් පවතින බවට එහිදී ප්‍රදේශවාසින් ප්‍රකාශ කලද එල්ල වූ දැඩි විරෝධය හමුවේ කොළඹ නගර සභාවෙන් එවූ පිරිස පවසා ඇත්තේ ,ඉසින ලද රසායනිකය හරහා කුණු ඉතා ඉක්මණින් දිරා පත් වන බවයි.

කෙසේ වෙතත් මේ රසායනික ද්‍රව්‍ය කුණු කන්දට එක් කිරීම නිසා කුණු කන්ද මතින් වහනය වන දුර්ගන්ධය නැතිව යන බවත් එය ජිවිත වලට කිසිදු තර්ජනයක් නැති බවටද ඔවුන් වැඩිදුරටත් පවසා ඇත.නමුත් ප්‍රදේශවාසින් දිගින් දිගටම ඉල්ලා ඇත්තේ කුණු කන්දට රසායනික ද්‍රව්‍ය ඉසිනවා වෙනුවට වහාම එම කුණු කන්ද එම ස්ථානයෙන් ඉවත් කර දෙන ලෙසටයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස්‌ වී. කේ. ඒ. අනුර ,

“මීතොටමුල්ල කුණු කන්ද මතින් වහනය වන දුර්ගන්ධය නැතිව යන්නයි අපි එම රසායන ද්‍රව්‍යය ඉසිනු ලැබුවේ. එය අපි සිදු කළේ පර්යේෂණයක්‌ විදිහටයි.කුණු කන්ද නාය යැමට එම රසායන ද්‍රව්‍ය හේතුවූවා කියා කෙළින්ම කියන්න බැහැ.පසුගිය දින කිහිපයේ මීතොටමුල්ල ප්‍රදේශයට මි.මී. 100 ක පමණ වැස්‌සක්‌ ඇද හැළුණා. කුණු කන්ද අවට ප්‍රදේශයේ ජලය පිරී තිබුණා. නාය යැමට එය හේතු වුණා කියලා තමයි දැනට අප සැක කරන්නේ”

 

(උපුටා ගැන්ම අවසන් )

Check Also

ඒකාබද්ධය දකින්නේ දවල් සිහින…..එදා රට විකුණාගෙන කණකොට අද කෑ ගහන අය තිත්ත බෙහෙත් බිව්ව ගොලුවෝ වගේ

ඒකාබද්ධය දකින්නේ දවල් සිහිනයක් බවත් මෙම ආණ්ඩුව කිසි ජගතෙකුට සෙලවිය නොහැකි බව අමාත්‍ය වසන්ත අලුවිහාරේ ...