හමුදා ප්‍රබලයන් තිදෙනෙකු CID කැදවයි … ලසන්ත ඝාතනය ගැන ප්‍රබල සාක්ෂි

0

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා ඇතුළු ජෙෂ්ඨතම හමුදා නිළධාරින් තිදෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (18) ප්‍රශ්න කර ඇත.

පොලිස් මූලස්ථානය සදහන් කලේ ප්‍රශ්න කල හමුදා නිළධාරින් අතර ඒකාබද්ධ මෙහෙයුම් අධ්‍යක්ෂවරයාව සිටී මේජර් ජනරාල් කුමාර හේරත් ,හිටපු බස්නාහිර පළාත් ආඥපති මේජර් ජෙනරාල් මනෝ පෙරේරා යන අය සිටින බවයි.සැක කටයුතු දුරකථන සංවාද කිහිපයක් සම්බන්ධයෙන් එහිදී අදාළ හමුදා නිළධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණයට අදාළ තොරතුරු ලබා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙසට මෙම නිළධාරීන්ට දැනුම්දී තිබෙනවා.එහිදී පැය 04 කට ආසන්න කාලයක් අදාළ හමුදා නිළධාරීන්ගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇත. මෙහිදී ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු රැසක් හෙළිවූ බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් කියා සිටියා.