Home / Featured / හමුදාවට එරෙහි TNA සැලසුමක් ගැන තොරතුරු …ක්‍රියාත්මක වුණොත් උතුරින් හමුදාව ඉවතට

හමුදාවට එරෙහි TNA සැලසුමක් ගැන තොරතුරු …ක්‍රියාත්මක වුණොත් උතුරින් හමුදාව ඉවතට

උතුරේ ආරක්‍ෂක උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථාන 10 කින් හමුදාව ඉවත් කිරීම සඳහා ද්‍රවිඩ සන්ධානය දියත් කර ඇති සැලසුමක්‌ ගැන තොරතුරු හෙළිවී ඇති බව දිවයින පුවත්පත වාර්තා කරනවා. යුද්ධය අවසාන වී ඇති බව දක්‌වමින් මෙම උපාය මාර්ගික ස්‌ථානවල හමුදාව රැඳී සිටීම තේරුමක්‌ නැති බව ද්‍රවිඩ සන්ධානය රජය වෙත කරුණු දක්‌වමින් පවසා ඇති බවද එම පුවතේ සදහන්.

කොටි සංවිධානය සිය ආරක්‍ෂක කේන්ද්‍රස්‌ථාන ලෙස පවත්වාගෙන ගිය ස්‌ථානවලින් හමුදාව ඉවත් කිරීම ද්‍රවිඩ සන්ධානයේ අරමුණයි. ඉරණමඩු කොටි ධාවන පථයෙන්ද හමුදාව ඉවත් විය යුතු බව ද්‍රවිඩ සන්ධානය ඉල්ලා තිබෙනවා යෑයි ආරක්‍ෂක ආරංචි මාර්ග සදහන් කරන බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්.

මේ අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල යුධ හමුදාව බාරයේ ඇති ඉඩම් ජනතාවට ලබාදීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පැවසුවේ ඒ සඳහා ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වු බවය.

ඒ අනුව දිස්ත්‍රීක් මට්ටමින් ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව එම්.ඒ.සුමන්තිරන් වැඩිදුරටත් සදහන් කළා.

Check Also

පොලිස්‌පති නීතිය තාම නවනවා…..නීතිපතිවරයා අරලියගහ මන්දිරයට ගෙන්වලා ඇමැතිවරු මන්ත්‍රීවරු උපදෙස් දෙනවා… මේක “මූසල දෙවසර” ක්

පොලිස්‌පතිවරයා පොලිසියේ අහිංසක නිලධාරීන්ට කනට ගහන තත්ත්වයට පත්වෙලා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ පවසයි.ආණ්‌ඩුවට ...