Home / Featured / අත්තනෝමතික ගණු දෙනුවක්…ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට -රට පුරා තෙල් බෙදා හැරීම … ගුවන් යානා සැපයුම් අංශයත් අඩාළයි

අත්තනෝමතික ගණු දෙනුවක්…ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට -රට පුරා තෙල් බෙදා හැරීම … ගුවන් යානා සැපයුම් අංශයත් අඩාළයි

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරා දෙන ගිවිසුම වහාම අකුළා ගත යුතු බවත් ඒ සදහා ආණ්ඩුවේ බළධාරීන්ට බලපෑම් කරන බව,ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල පවසනවා.ඊයේ (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියා.

අත්තනෝමතික ලෙස ඉන්දියාවට පවරා දෙන්න යන මෙම තෙල් ටැංකි සංකීර්ණය ශ්‍රි ලංකා රජය සතුව පවත්වා ගත යුතු බවත් එසේ නොකරන්නේ නම් අදාළ ගිවිසුම හකුළා ගන්නා තුරු දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට සූදානම් බවද ඔහු පැවසුවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අශෝක රංවල ,

“ත්‍රිකුණාමලය චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය මේ මොහොත වෙනකොටත් ලංකාව රජය සතු දේපොළක්.හැබැයි මේ මොහොත වෙනකොට කැබිනට් පත්‍රිකාවක් සකස් කරලා තියෙනවා මේ තෙල් ටැංකි සංකීර්ණය අත්තනෝමතිකව ඉන්දියාවට භාර දෙන්න. අපිට ආරංචියි මේ 28 වනදාට මේ දේශද්‍රෝහි ගිවිසුම අත්සන් කරනවාය කියලා. මේ ගිවිසුම අත්සන් කරන්න සූදානම් වෙනවා නම් අපි පළමුවෙන්ම ගන්න පියවර තමා ඛණිජ තෙල් බෙදා හැරීම සම්පූර්ණයෙන්ම අඩපණ කරනවා.

ගුවන්‍ යානා සැපයුම් අංශය සම්පූර්ණයෙන්ම අඩපණ කරනවා. ඒකටත් ඇහුම්කන් දුන්නේ නැත්තම් පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු සම්පුර්ණයෙන්ම අඩපණ කරනවා.නැව් වලට තෙල් සැපයුම ඇතුළු බොරතෙල් බෑමේ කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ කරනවා.ඒ නිසා කැබිනට් මණ්ඩලයට කියනවා මේකට ඇහුන්කම් දෙන්න කියලා.රට අපහසුතාවයට පත් කරන්න ලෑස්ති වෙන්න එපා. වහාම ඉන්දියාවට තෙල් ටැංකි පවරා දෙන මෙම ගිවිසුම අකුළා ගන්න. අකුළ ගන්නා තුරු ඛණිජ තෙල් වෘත්තිය සමිතිය විදියට අපේ සටන අපි දියත් කරනවා.”

Check Also

මේ හැමදේම කලේ බැසිල් රාජපක්ෂයි- MSටයි MRටයි එකම ආණ්ඩුවක ඉන්න පුළුවන් නම් දැන් මොකද්ද ප්‍රශ්නේ

උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපතිවරයා ඉවත් කර නව සභාපතිවරයෙක් පත් වීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ...