Home / Featured / සයිටම් කොටස් වෙළද පොළට දමා විකුණනවා …. රටේ ආර්ථිකය දැන් ශක්තිමත්

සයිටම් කොටස් වෙළද පොළට දමා විකුණනවා …. රටේ ආර්ථිකය දැන් ශක්තිමත්

මාලබේ සයිටම් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනය කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. අද (20) දින කොළඹ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවක දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

සයිටම් ආයතනයේ පරිපාලනය සදහා වෙනමම කොමිසමක් පත් කරන බවද එහිදී ජනාධිපතිවරයා කියා සිටියා.

රටේ ආර්ථිකය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පල කර තිබෙනවා. වර්තමානයේ රටේ ආර්ථිකය ශක්තිමත්ව හා ස්ථාවරව ඉදිරියට ගමන් කරන බව පැවසූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ආයෝජනය කර ඇති විදේශ සංචිත ප්‍රමාණය බිලියන 5 ඉක්මවා ඇති බවයි.

එමෙන්ම ඉදිරි සති දෙක ඇතුළත රාජ්‍ය ආයතනවල තනතුරුවල වෙනසක් සිදු කරමින් රාජ්‍ය යාන්ත්‍රණයේ වෙනසක් සිදු වනු ඇති බවද ජනපතිවරයා ප්‍රකාශ කර තිබේ.

 

Check Also

මේ හැමදේම කලේ බැසිල් රාජපක්ෂයි- MSටයි MRටයි එකම ආණ්ඩුවක ඉන්න පුළුවන් නම් දැන් මොකද්ද ප්‍රශ්නේ

උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපතිවරයා ඉවත් කර නව සභාපතිවරයෙක් පත් වීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ...