Home / Featured / යහපාලනයට දෙවියොත් නොබලන හේතුව මෙන්න -දැන් තරුණ පරපුර කැරට් අලවලට රැවටෙන්නේ නෑ

යහපාලනයට දෙවියොත් නොබලන හේතුව මෙන්න -දැන් තරුණ පරපුර කැරට් අලවලට රැවටෙන්නේ නෑ

ලෝකයේ කිසිම රටක නැතිව ඇති මේ තරමට පළිගන්න ආණ්ඩුවක් බවත්  මේ පළිගැනීම් නිසාම අද දෙවියොවත් මේ රජය දිහා බලන්නේ නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.කුරුණෑගල වැව රවුමේ පිහිටි එ්කාබද්ධ විපක්ෂ කාර්යාලයේ දී පැවැති උත්සවයකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ සදහන් කළේ වර්තමානයේ ඉන්න තරුණ පරපුර කැරට් අලවලට රැවටෙන්නේ නෑ යනුවෙනි.

වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 

”අද සිද්ධ වෙන්නේ අපට බණිනවා අපේ කාලයේ හොරකම් කළා කියලා. එ් වුණාට මෙයාලා එ් වගේ හතර පස් ගුණයක් හොරකම් කරනවා. මීතොටමුල්ලේ මියගිය මිනිස්සුන්ට දුන්න මිනී පෙට්ටියෙනුත් හොරකම් කරන තත්ත්වයට මේ ආණ්ඩුව වැටිලා. අඩුම තරමේ මියගිය මනුස්සයගේ මෘත ශරීරයට හරි ගෞරවයක් තියෙන්න ඕන. මේ ආණ්ඩුවට මනුස්සකම නෑ. මේ කසළ ගැටලූවට විසඳුමක් දෙන්න අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය පවා අපි අරගෙන තිබුණේ. එ් සඳහා අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන පවා වෙන් කරලා තියෙද්දී තමයි රජය පෙරළුණේ.

මම මුලින්ම බලයට ආවේ චන්ද්‍රිකා යුගය ඉවර වෙලා. ඉතිං මම මට ඉස්සර තිබුණ යුගයට බැණ බැණ හිටියා නම්, අඬ අඬා හිටියා නම් මට පුළුවන් වෙනවද යුද්ධෙ ඉවර කරන්න. එ් වගේම තමයි මට පුළුවන් වෙනවද රට සංවර්ධනය කරන්න. එ් පසුගිය යුගයේ සිද්ධ වුණ දේවල් ගැන හොයන්න ඕන. හැබැයි එ් දේවල් මතම ඉඳලා ඵලක් නෑ. රට ඉදිරියට අරගෙන යන්න ඕන. අපට දිගටම චෝදනා කරනවා. නඩු දානවා. ලෝකයේ කිසිම රටක නැතිව ඇති මේ තරමට පළිගන්න ආණ්ඩුවක්. මේ පළිගැනීම් නිසාම අද දෙවියොවත් මේ රජය දිහා බලන්නේ නෑ.

අපි රුපියල් 350 ට දුන්න පොහොර සහනාධාරය අද ලැබෙන්නේ නෑ. පිං පඩියෙන් පවා අද බදු අය කරනවා. අද වැඩිපුරම පළිගන්නේ අසාධාරණයට ලක්වෙන්නේ ශ‍්‍රීලනිප පාක්ෂිකයන්ම තමයි. එජාප අයට කිසිම කරදරයක් වෙලා නෑ. අද රැකියා අහිමිවෙලා තියෙන්නේ අපේ පක්ෂයේ අයට.

වර්තමානයේ ඉන්න තරුණ පරපුර කැරට් අලවලට රැවටෙන්නේ නෑ. වොක්ස්වාගන් කම්පැනියක් දානවා කිව්වා. එත් එ් කම්පැනිය කියනවා ඔවුන් එහෙම දෙයක් දන්නෙවත් නෑ කියලා. අපි පිරිවෙන්වලට දිපු සහන සියල්ල බලයට ආපු ගමන් ඉවත් කළා. මම ණය ගත්තා කියලා කියනවා. හැබැයි මම ගත්ත ණයවලින් කරපු දේවල් මට පෙන්වන්න පුළුවන්. 

 

Check Also

අකිල විරාජ් මේ හදන්නේ පන්සල් වහන්න- හාමුදුරුවෝ පුරාවස්තු පෙන්වලා දුෂණ,වංචා කරලා

දඹුලු ලෙන් විහාරය මධ්‍යම සංස්කෘතික අරමුද‍ලට පවරා ගනිමින් පන්සල් යැපිම සදහා ලැබෙන අදායම නැතිකර දැමිම ...