Home / Featured / ජනපති ඒකාධිපති ගමනක -මහා දවාලයේ ව්‍යවස්ථාව බිදී විරෝධතා …අරගල මැද ජනපති පසු නොබසී

ජනපති ඒකාධිපති ගමනක -මහා දවාලයේ ව්‍යවස්ථාව බිදී විරෝධතා …අරගල මැද ජනපති පසු නොබසී

කැළි කසල බැහැර කිරීම සම්බන්ධයෙන් ඊයේ (20) දිනයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිකුත් කල අති විශේෂ ගැසට් පත්‍රය හරහා මෙරට ජනතාවගේ මානව හිමිකම් කඩ කිරීම හෙළා දකින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා .ඔවුන් මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනයක මේ බව සදහන්.

අදාළ ගැසට් පත්‍රය මගින් 1978 ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබාදී ඇති මූලික අයිතිවාසිකම් මහ දවාලයේ කඩකර ඇති බවත් මෙයින් රජය අනුගමනය කරන ඒකාධිපති තත්වය මනාව පැහදිලි වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

මෙරට සිවිල් සංවිධාන සහ රජයට විරුද්ධ මත දරන පුද්ගලයින් දඩයම් කිරීම ජනාධිපතිවරයා විසින්ම අරඹා ඇති බවත් රජයේ මේ ක්‍රියාකලාපය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

එම සම්පූර්ණ නිවේදනය පහත දක්වා ඇත.

ජනාධිපතිවරයා විසින් නිකුත් කල ගැසට් නිවේදනය

“මහජන ආරක්ෂක පනතේ 17 වන වගන්තිය ප‍්‍රකාරව අතිගරු ජනාධිපතිතුමා විසින් නිකුත් කරන ලද නියෝගයක් අනුව, ඕනෑම පළාත් පාලන ආයතනයක් විසින් කි‍්‍රයාත්මක කරන හා පවත්වාගෙන යනු ලබන අපද්‍රව්‍ය ඉවත් කිරීම, එකතු කිරීම, ප‍්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරීම, සකස් කිරීම, වෙන් කිරීම, බැහැර කිරීම සහ මහාමාර්ගවල ඇති අපද්‍රව්‍ය, නිවෙස්වලින් බැහැර කරන අපද්‍රව්‍ය හා ඊට සමාන කාර්යයන් පිළිබඳව ගනු ලබන කි‍්‍රයාමාර්ග මෙම නියෝගයට අදාළ වේ.

එමෙන්ම මේවා අත්‍යාවශ්‍ය සේවා බවට එමගින් නියම කර ඇත.

එමගින් පහත සඳහන් කි‍්‍රයාමාර්ග ආවරණය වේ.

01- යම් කිසිවෙකු පුද්ගලයෙකුට හෝ දේපළවලට වාචිකව හෝ ලිඛිතව හිංසනයක් සිදු කිරීමෙන් එනම් තර්ජනය කිරීම, බලහත්කාරයෙන් හෝ කුමන අන්දමකින් හෝ අපහාසයකින් හෝ අන් ක‍්‍රමයකින් එම කාර්යයන්හි යෙදීම වැළැක්වීම, බාධා කිරීම, ප‍්‍රමාද කිරීම හෝ අවහිර කිරීමට තැත් කිරීම වරදකි. එමෙන්ම මෙවැනි කි‍්‍රයාවන් සඳකහා බලපෑම, ජනතාව ප‍්‍රකෝප කිරීම අන් අන්දමකින් පෙළඹවීම මගින් එවැනි සේවා පවත්වාගෙන යාමට යමෙකුට බාධා කිරීම රැකියාවෙන් ඉවත්වන ලෙස බලපෑම් කිරීම නීති විරෝධි වේ. තවද මෙවැනි කාර්යයන් සඳහා රැකියා අවස්ථාවන් සැපයීම හෝ රැකියාවන් භාර ගැනීම වැළැක්වීම ද එසේම වරදකි.

මෙකී කි‍්‍රයාවන් සඳහා කිසිවෙකු ශාරිරිකව හෝ වාචිකව හෝ ලිඛිතව හෝ බලපෑම් කිරීම, දඬුවම් ලැබිය හැකි වරදක් වේ.

02- මෙම පනතේ විධිවිධාන අනුව උක්ත කි‍්‍රයාවන් කළ හෝ කරන හෝ කළේ යැයි සැක කිරීමට සාධාරණ හේතු ඇති විට ඕනෑම පොලිස් නිළධාරියෙකුට වරෙන්තු රහිතව, ඕනෑම අවස්ථාවක එවැන්නෙකු අත්අඩංගුවට ගත හැකිය.

03- මෙවැනි වරදකට හසුවූ කෙනෙකු මහේස්ත‍්‍රාත්වරයෙකු ඉදිරිපිට නඩු විනිශ්චයකින් පසුව බරපතල වැඩ සහිත සිරදඬුවමකට යටත් කළ හැකි වේ.”

 

Check Also

මල්ටි බැරල්, රොකට් උණ්ඩ නෑ, රට බෙදුම්වාදයට යනවා……. ඥාණසාර හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්

වෙඩි උණ්ඩ නොමැතිව, මල්ටි බැරල් රොකට් උණ්ඩ නොමැතිව ලියවිලි වලින් පමණක් රට බෙදුම්වාදය කරා ගෙන ...