රුපියල තවදුරටත් බාල්දුයි …ඇපත් නෑ- රටම හොම්බෙන් යන දවස අත ළග

0

ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණයවී තිබෙනවා. පසුගිය 19 දා වන විට රුපියලේ අගය 153.40 දක්වා සටහන්වී තිබුණී. පසුගිය 18 දා 152.15 ලෙස පැවති රුපියලේ අගය 19 වන බදාදා වන විට 153.40 දක්වා පහළ ගොස් තිබුණි.

අපනයන කරුවන්ගේ ඩොලරය සදහා පවතින ඉල්ලුම් ඉහළ යෑම රුපියල තවදුරටත් අව ප්‍රමාණය වීමට හේතුවි ඇති බව ව්‍යාපාරිකයන් පවසනවා.

කෙසේ වෙතත් මේ ආකාරයට දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වීම රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අගවනවා.

රුපියල අවප්‍රමාණයවී උද්ධමනය ඉහළ අගයක් ගැනීම හේතුවෙන් භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යනු ඇති බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ. රුපියල රැක ගැනීම සදහා ආණ්ඩුවට වැඩපිළිවෙලක් නොමැතිකම මේ තත්වය ඇති වීමට බලපා ඇත.මේ තත්වය තුළ භාණ්ඩ ආනයන කරුවන් විශාල අර්බුධයකට මුහුණ පා තිබෙනවා. සියළුම ආනයනික භාණ්ඩ මිලද මේ නිසා ඉහළ අගයක් ගනු ඇති.

මේ අතර රාජ්‍ය සේවකයන්ට වැටුප් ලබා දීම සදහා රජය විසින් අප්‍රේල් 01 සිට 07 දක්වා මුදල් තොගයක් අච්චු ගසා ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක දුෂ්‍යන්ත පෙරේරා පසුගියදා පැවසුවා .ඔහු සදහන් කලේ මේ හේතුවෙන් රට තුල උද්ධමනය වැඩි වීමේ අවධානමක් මතුව ඇති බවයි. උද්ධමනය වැඩි වීමත් සමග රටේ දැනට පවතින ආර්ථික අර්බුධය තව දුරටත් උග්‍ර වනු ඇති බවයි ඔහු කියා සිටියේ.