Home / Featured / රටම හාමතේ තබා මහ ඇමතිලාට 30,000 තෑගි පාර්සල්… මී පැණි ,එළගි තෙල් ,සරම් මදිවාට සාරියකුත් ඔබලා

රටම හාමතේ තබා මහ ඇමතිලාට 30,000 තෑගි පාර්සල්… මී පැණි ,එළගි තෙල් ,සරම් මදිවාට සාරියකුත් ඔබලා

ලබන 06 වැනිදා හබරන තරු පහේ හෝටලය පැවැත්වීමට නියමිත 33 වන මහ ඇමතිවරුන්ගේ සමුළුව සදහා පැමිණෙන ප්‍රධාන අමාත්‍යවරුන්ට සහ අනෙකුත් නිළධාරීන්ට ත්‍යාග ලබා දීම සදහා එක් ත්‍යාග පාර්සලයකට රු .30,000 මුදලක් වැය කර තිබෙනවා.එවැනි ආකාරයේ පාර්සල් 50 ක් මේ වන විටත් සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මී පැණි බෝතලයක්, එළඟි තෙල් බෝතලයක් , අත් යන්ත්‍ර සරම් එකක් අත් යන්ත්‍ර සාරියක් දේශිය සහල් වර්ග කිහිපයක්ද මෙම තැගි පාර්සලයට ඇතුළත්ව තිබේ. රටේ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් කටයුතු කලද කාන්තා නියෝජනයක් ඒ සදහා ඇතුළත් නොවේ .නමුත් අදාළ ත්‍යාග පාර්සලය සදහා සාරියක්ද ඇතුළත් කර තිබෙනවා.

උතුරු මැද පළාතේ ගොවි ජනතාවගේ වි වගාවන් ඇතුලූ භෝග කන්න දෙකක් විනාශවි තිබේ. වගා හානි සදහා මාසිකව රුපියල් 10,000 ක් දෙන බවට රජය පොරොන්දු වුවද ගොවින් බොහෝ පිරිසකට එම මුදල් මෙතෙක් ලැබි නොමැති බව ගොවිහු චෝදනා කරති.

උතුරු මැද පළාතේ ගොවි ජනතාව ඇතුලූ බොහෝ දෙනා මෙවර අවුරුදු සැමරුවේ මහත් අසිරුවෙන් සොයාගත් සොච්චම් මුදලකිනි. එසේ තිබියදි උතුරු මැද පළාත් සභාව මෙම උත්සව දෙක සදහා රුපියල් ලක්ෂ 150 ක් වැය කර ඇත.

 

Check Also

අකිල විරාජ් මේ හදන්නේ පන්සල් වහන්න- හාමුදුරුවෝ පුරාවස්තු පෙන්වලා දුෂණ,වංචා කරලා

දඹුලු ලෙන් විහාරය මධ්‍යම සංස්කෘතික අරමුද‍ලට පවරා ගනිමින් පන්සල් යැපිම සදහා ලැබෙන අදායම නැතිකර දැමිම ...