මන්දබුද්ධික …විගඩමා …සායම සේදිලා … වහා මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස්වෙනු !

0

 

දේශපාලන වාසිය උදෙසා මීතොටමුල්ල කුණු කන්දේ ප‍්‍රශ්ණය අතට අරගෙන මහජනතාව මුලාකරන තම සුපුරුදු දේශපාලන ව්‍යාපාරය නැවතත් ආරම්භ කර ඇති වාසුදේව නානායක්කාර මහතා දැනට අවලංගු කාසියක් බවට පත්ව ඇති මහින්ද කණ්ඩායමේ බංකොලොත්භාවය වසා ගැනිම සඳහා මීතොටමුල්ල කුණු කන්දේ ප‍්‍රශ්ණය පෙරටු කර ගෙන යහපාලන රජයට එරෙහිව මඩ ප‍්‍රචාරයක් ගෙන යන බව ඉතාමත් පැහැදිලිව පෙනෙන්නට ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබුර් රහුමාන් පවසයි.

මීතොටමුල්ල කුණු කඳු ඛෙදවාචකය මුල් කරගෙන තමා මන්ත‍්‍රීකමෙන් ඉල්ලා අස්විය යුතු බවට වාසුදේව කර ඇති මෙම ප‍්‍රකාශය මන්ද බුද්ධිකයෙකුගේ විගඩම් කතාවක් බවත් ප‍්‍රකාශ කල මන්ත‍්‍රීවරයා, මීතොටමුල්ල ඛෙිදවාචකයට සම්පුර්ණයෙන්ම වග කිව යුත්තේ වාසුදේව මහතා ඇමතිකම් දැරු පො.ඒ.පෙරමුණේ හා මහින්ද රාජපක්ෂ මහතාගේ දසක දෙකක පාලනය බව වාසුදේවලාට අමතක වි තිබිම කණගාටුවට කරුණක් බවත්, අදාළ කුණු ප‍්‍රශ්ණයට ස්ථිරසාර විසඳුමක් නොදි කුණු කන්දට එරෙහිව සටන්කල ජනතාව බිය වද්දමින්, බලහත්කාරයෙන්ම මීතොටමුල්ල කුණුවලින් පිරවු ගොඨාභය රාජපක්ෂලාගේ මැර බලය ගැන එදා වචනයක්වත් කතා නොකල වාසුදේව නානයක්කාර මහතා අද යහ පාලන රජයට චෝදනා කරන අතරම මාහට මන්ත‍්‍රීකමෙන් ඉල්ලා අස්වන ලෙස ප‍්‍රකාශ කරන්නේ රෙදි ඇදගෙනද දැයි කියා තමා ප‍්‍රශ්ණ කරන බවත්, මෙවනවිට විශාල ජිවිත හානි ස්මඟ දේපළ හානි සිදුවි ඇති මීතොටමුල්ල ඛේදවාචකයට වග කිව යුත්තේ පසුගිය ඒ දසක දෙකක පාලන යුගයේ ප‍්‍රධානීන් හා එම පාලකයන්ගේ අතකොලූවක් ලෙස කාලය ගෙවු වාසුදේවලාම බවත් ප‍්‍රකාශ කල මුජිබුර් රහුමාන් මන්ත‍්‍රිවරයා වසර විස්සක් රට පාලනය කල ඒ පාලකයින්ට, අදාළ ප‍්‍රශ්ණයට විසඳුමක් නොදි දිග්ගැස්සීම පිළිබඳව චෝදනා නොකර වසර දෙකක යහපාලනයට චෝදනා කිරිම කෙතරම් වැරදි ක‍්‍රියාවක්දැයි ජනතාව හෝදාකාරවම දන්නා බවත් මන්ත‍්‍රීවරයා කීය.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන කාලයේ බහුලව සිදුවු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහිව ක‍්‍රියාවන්, දුෂණය, භීෂණය, පැහැරගැනිම්, මිනිමැරුම් ආදී මානව දයාවට එරෙහි ක‍්‍රියාවන් අනුමත කර ගෙන මහින්ද රාජපක්ෂගේ ඔඩක්කුවේම කාලයගෙවු වාසුදේව මහතා අද උත්තම පුත‍්‍රයෙකු වෙලා, කිසිවක් නොදන්නාසේ නව රජයට චෝදනා කරන්නේ මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති පාලනය නැවත මේ රටේ බිහිකිරිමේ ආශාවෙන් බව පොදු මහජනතාව හොඳින් දන්නා බවත් ප‍්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂගේ අසාධාරණ අරාජිත ඒකාධිපති පාලනයත් සමඟ අත්වැල් බැඳගෙන ඇමතිකම් දැරු වාසුදේව මහතා අවලංගු කාසියක්වි, සායම් සේදී මහජන අප‍්‍රසාදයට පාත‍්‍රවි ඇති තත්වයක් තුල, නැවතත් ජනතාව අතරට ගොස්, නැතිවි ගිය තමගේ ව්‍යාජ සමාජවාදය නැවත ස්ථාපිත කර ගැනිමටත් මහින්ද රාජපක්ෂ පාලනය නැවත ඇති කිරිමේ අඩිතාලම දැමීමටත් යහපාලනයට එරෙහිව පුහු ගර්ජනයක් දියත් කර ඇති බවත් පැහැදිළිය.

එබැවින්, මීතොටමුල්ලේ ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු සලන වාසුදේව තමන් ඇමතිකම් දැරු පසුගිය පාලනයේ වගකිව යුතු අයගේ මුලික වරදින් සිදුවු මෙම ඛෙදවාචකය සම්බන්ධයෙන් මහජනතාවගෙන් සමාව අයදිය යුතු අතර, මන්ත‍්‍රිකම්වලින් ඉල්ලා අස්විය යුත්තේ වාසුදේව මන්ත‍්‍රිවරයා සහ ඔහුගේ නායකයින් බව තේරුම් ගත යුතු බවත්, මීතොටමුල්ල කුණු කඳු ප‍්‍රශ්ණය ගැන කතා කර තමා කිසිවිටකත් දේශපාලනය නොකල බවත්, මීතොටමුල්ල ප‍්‍රශ්ණය මෙතරම් දුරදිග යෑමට ඉඩනොදි වළක්වා ගැනිමට අවකාශය තිබු නමුත්, වාසුදේව ඇමතිකම් දැරු පාලකයන්ට තුළින් එය විසඳිමට අවස්ථාව තිබියදිත් ඔවුන් එය නොකල බවත්, ජනතා ප‍්‍රශ්ණ වලට මුහුණදි. කඩිනමින් ඒවා විසඳිය යුතුයි යන ස්ථාවරයේ තමා නිතරම සිටින බවත්, තමා නිරන්තරයෙන් ජනතාවගේ ප‍්‍රශ්ණ වෙනුවෙන් පෙනි සිටින අයෙකු වාසුදේව නානායක්කාර මහතාගේ අවස්ථාවාදි ප‍්‍රකාශවලින් තමා කිසිඳා නොසැලෙන බවත් මන්ත‍්‍රිවරයා ප‍්‍රකාශ කරයි.

මුජිබුර් රහුමාන්