Home / Featured / ජනාධිපති වටේ යවලා …රාජිත ,කිරිඇල්ල මාට්ටුයි ජනාධිපති නියෝග අදාළ නෑ …GMOA සටනක් !

ජනාධිපති වටේ යවලා …රාජිත ,කිරිඇල්ල මාට්ටුයි ජනාධිපති නියෝග අදාළ නෑ …GMOA සටනක් !

සයිටම් අර්බුදය විසඳීම සඳහා ජනාධිපතිවරයා ලබාදී ඇති විසඳුමට එකඟ නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පවසයි.ජාතික පුවත්පතක් වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබෙනවා.

ජනාධිපතිවරයාගේ මේ තීන්දුව සම්බන්ධයෙන් සිය සංගමය ඊට අදාළ සියළුම වෘත්තිය සමිති සමග සාකච්ඡා කලද , අදාළ තීරණයට කිසිදු වෘත්තිය සමිතියක් එකග නොවන බවද ඔහු පවසා තිබෙනවා.

සයිටම් සඳහා වෙනම පාලක මණ්‌ඩලයක්‌ පත් කළ යුතු බවට ජනාධිපතිවරයා කර ඇති යෝජනාවෙන් පෙනී යන්නේ දැනට තිබෙන සයිටම් පාලනය වැරැදි බව ජනාධිපතිවරයාම පිළිගෙන තිබෙන බව යෑයි ද වෛද්‍ය නවීන් ද සොයිසා වැඩිදුරටත් සදහන් කළා. සයිටම් සිසුන්ට පුහුණුව ප්‍රමාණවත් නොමැති බව සහ ඔවුන් විභාගවලට පෙනී සිටිය යුතු බව ද ජනාධිපතිවරයා පිළිගෙන ඇතැයි කී වෛද්‍ය නවීන් ද සොයිසා සයිටම් අර්බුදය පිළිබඳ ජනාධිපතිවරයා යම්තාක්‌ දුරට කරුණු තේරුම් ගෙන ඇති බවද පවසා තිබෙනවා.

එහෙත් සෞඛ්‍ය ඇමැතිවරයා සහ උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා විසින් ජනාධිපතිවරයා නොමඟ යවා ඇති බව ජනාධිපතිවරයාගේ විසඳුම් තුළින් පැහැදිලි වන බවත් ජනාධිපතිවරයා සිදු කල යුත්තේ සයිටම් ආයතනය රජයට පවරා ගැනීම බව ඔහු කියා සිටී. ජනාධිපතිවරයා එසේ නොකරන්නේ නම් , සියලු වෘත්තීය සමිති සමඟ කළ අරගලය තවදුරටත් අඛණ්‌ඩව සිදුකරන බව ඔහු වැඩිදුරටත් පුවත්පත හා අදහස් දක්වමින් පවසා ඇත.

ඊයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසුවේ , මාලබේ සයිටම් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනය කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට පියවර ගන්නා බවයි .ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි වෛද්‍ය නවීන්ද සොයිසා මේ බව සදහන් කලේ.

Check Also

දේශප්‍රේමීත්වය දේශපාලන තක්කඩියාගේ අවසාන තිප්පොළයි…

සිල් රෙදි නඩුවේ දඩ මුදල් ගෙවන්න ඕනෑ මහජනතාව නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව අමාත්‍ය ...