Home / Featured / මහින්ද මහත්තයට දැන් හරි අපේ තාත්තව මතක්වෙලා- මිනුවන්ගොඩ ජනතාව උත්තර දෙයි හරි වෙලාවට

මහින්ද මහත්තයට දැන් හරි අපේ තාත්තව මතක්වෙලා- මිනුවන්ගොඩ ජනතාව උත්තර දෙයි හරි වෙලාවට

මහින්ද රාජපක්ෂ මහතාට තම පියාණන්ව දැන් හෝ මතක් වීම සම්බන්ධයෙන් තමා සතුටට පත් වන බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

අද (21) පස්වරුවේ චෛත්‍ය පරිශ්‍රයෙහිදී පැවැති දිවංගත රෙජී රණතුංගගේ 80 වැනි ජන්ම දිනය නිමිති කරගනිමින් වරාය පිය පුතු පදනම හා බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ විශේෂ පුණ්‍ය උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ

“මහින්ද මහත්තයට දැන් හරි අපේ තාත්තව මතක්වෙලා තියෙන එක හොඳයි. පණ පිටින් ඉන්නකොට බලන්න බැරිවෙච්ච තාත්තව මැරිච්ච කාලයේ හරි මතක්වෙන එක හොඳයි. මම ඒ ගැන දීර්ඝව කතා කරන්නේ නැහැ. තාත්තට වෙච්ච දේවල් ඉදිරියේදී කියලා දෙන්නම්. මේක ඒ දේවල් කතාකරන්න අවස්ථාවක් නෙවෙයි. නමුත් අපි දැනගන්න ඕන කරේ කවුද කියන එකත්. නොකරේ කවුද කියන එකත්. වුණේ මොකද්ද කියන එකත්. මම නෙවෙයි ඒ සම්බන්ධයෙන් වැඩියෙන්ම දන්නේ මිනුවන්ගොඩ ජනතාව. ඒගොල්ලෝ උත්තර දෙයි හරි වෙලාවට.”

“ඒ වගේම මේ පිය පුතු පදනමේ දරුවන්ට රැකියා ලබාදෙනවා කියලා අවුරුදු කිහිපයක් තිස්සේ ඔවුන්ව රස්තියාදු කරලා තිබුණා. එක් පියෙක් හුඟක් අමාරුවෙන් ඇවිල්ලා මාව මුණගැහිලා තාත්තලා, අම්මලා විශාල සංඛ්‍යාවක් සමග මගෙන් ඉල්ලීමක් කළා, මේ දරුවන් අවුරුදු දෙකක් තිස්සේ පුහුණුවීම් කළා. නමුත් තවමත් පත්වීමක් ලැබිලා නැහැ කියලා. රස්තියාදු කළා කියලා. ඒ අවස්ථාව ලබාදෙන්න කියලා මගෙන් ඉල්ලීමක් කළා. අපි ඒ දරුවන්ට රැකියා ලබාදුන්නා. සාමාන්‍යයෙන් ආසනයකට නැත්නම් දිස්ත්‍රික්කයට ලබාදෙන්න තිබුණ පත්වීම් ටිකක් තමයි අපි ඒ දරුවන්ට දුන්නේ. ඔවුන් පුහුණුවීම් ලබපු දරුවෝ ටිකක්. ඉතින් මම සන්තෝස වෙනවා විශේෂයෙන්ම ආණ්ඩුව විසුරුවා හරින්න ඉස්සෙල්ලා 2015 වසරේදී අපි ජනාධීපතිවරණය ජයග්‍ර‍හණය කරලා ආණ්ඩුව විසුරුවා හැරලා අලුත් ආණ්ඩුව පත්වෙන්න ඉස්සෙල්ලා මේ දරුවන්ට රැකියා ලබාදුන්නා…..”

Check Also

ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි වෙසක් අප්‍රේල් වලමයි-තීරණය කරන්න මට බලයක් නෑ -ඇමති කියයි

පටු දේශපාලන අරමුණු ඇති පිරිස වෙසක් පෝය දිනය සම්බන්ධයෙන් රජයට චෝදනා කරන බව ස්වදේශ කටයුතු ...