Home / ප‍්‍රාදේශිය / අධිකරණ නියෝග නොතකයි …සිංහලේ අත්පත්‍රිකා බෙදුවයි රිමාන්ඩ් …

අධිකරණ නියෝග නොතකයි …සිංහලේ අත්පත්‍රිකා බෙදුවයි රිමාන්ඩ් …

අධිකරණ නියෝගයක් උල්ලංඝණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිසිය මගින් ඊයේ (26) සැකපිට අත්අඩංගුවට ගත් සිංහලේ ජාතික සංවිධානයේ සභාපති සහ භාණ්ඩාගාරික යන දෙදෙනා ඊයේ පස්වරුවේ හැටන් දිසා අධීකරණයේ මහේස්ත‍්‍රාත් හා දිසා විනිසුරු ප‍්‍රසන්න ලියනගේ වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරුවන් දෙදෙනා ලබන මස (03) වන දින දක්වා, රක්‍ෂිත බන්ධනාගාරගත කිරිමට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළා.

මෙසේ රක්‍ෂිත බන්ධනගාරගත කරනු ලැබුවේ සිංහලේ ජාතික සංවිධානයේ සභාපති සාලිය ජි රණවක සහ එම සංවිධානයේ භාණ්ඩාගාරික මහේෂ් කාවින්ද යන අයයි.

මෙම සංවිධානය මගින් ශ්‍රි පාදස්ථානාධිපති හිමියන්ගේ නිසි අවසරයකින් තොරව ශ්‍රි පාද උඩ මලුවේ බුදු පිළිමයක් තැන්පත් කිරිමට එම සංවිධානයේ තවත් පිරිසක් සමග ඉකුත් (25) නල්ලතන්නිය පැමිණී අවස්ථාවේ හැටන් මහේස්ත‍්‍රාත් අධීකරණය මගින් වන්දනාකරුවන්ට අවහිර හෝ බාධාවක් වන පරිදි කි‍්‍රයා නොකරන්නැයි නිකුත් කර තිබු ආඥාවක් උල්ලංඝණය කරමින් මෙම සැකකරුවන් දෙදෙනා ශ්‍රි පාද නල්ලතන්නි මාර්ගයේ සීත ගගුල ප‍්‍රදේශයේදි සටන් පාඨ රැගත් පෝස්ටර් අත ඇතිව වන්දනාකරුවන්ට අත්පති‍්‍රකා බෙදා දෙමින් කි‍්‍රයා කිරිම හේතුවෙන් නල්ලතන්නිය පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

(හැටන් -රංජිත් රාජපක්ෂ )

 

Check Also

ශ්‍රි පාදස්ථානයේ බුදුපිළිමයක් තැන්පත් කිරීමට තහනමක් ! බුදුන් වදින්නවත් නිදහසක් නැති රටක්

“සිංහලේ ජාතික සංවිධාන‍යේ සභාපති සාලිය පී.රණවක මහතා ඇතුළු පිරිසක් නීති විරෝධී අයුරින් ශ්‍රි පාද උඩ ...