2016 වර්ෂයේ ලිංගාශි‍්‍රත රෝගීන් 35,000-සියයට 4% ක් වයස අවුරුදු 18ට අඩු ළමයින්

0

2016 වර්ෂයේ දිවයිනපුරා ලිංගාශි‍්‍රත රෝග සායනවලට රෝගීන් 35,000 ක් පමණ පැමිණ තිබෙන බවත් ඉන් සියයට 4% ක් හෙවත් 1,400 ක් පමණ වයස අවුරුදු 18ට අඩු ළමයින් බව ජාතික ලිංගාශි‍්‍රත රෝග සහ ඒඞ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ පවසයි.

2016 වර්ෂයේ දිවයිනපුරා ලිංගාශි‍්‍රත රෝග සායනවලට රෝගීන් 35,000 ක් පමණ පැමිණ තිබෙන බවත් ඉන් සියයට 4% ක් හෙවත් 1400 ක් පමණ වයස අවුරුදු 18ට අඩු ළමයින් බවත් ඒ අතරින් වයස අවුරුදු 25 ට අඩු අය 3,500 ක් පමණ සිටින බවද අධ්‍යක්ෂවරයා සදහන් කර තිබේ.

මිට අමතරව වයස අවුරුදු 15-25 අතර පසුවන එච්අයිවී ආසාධිතයින් 25 දෙනකු 2016 දී හඳුනාගෙන ඇති බවත් ඒ අතරින් සමලිංගික සබඳතා පවත්වන්නන් දස දහසක් පමණ දැනට හඳුනාගෙන ඇති බවද අධ්‍යක්ෂකවරයා සදහන් කර තිබේ.

ඒ අතරින් බහුතරයක් වයස අවුරුදු 12-25 අතර පසුවන්නන් වන අතර ගම්බද පාසල් සිසු සිසුවියන් සමාජ රෝගවලට ලක්වීමේ දැඩි අවධානමක් තියෙන බවට හඳුනාගෙනද තිබේ.

යම් අයෙකුට ලිංගාශි‍්‍රත රෝගයක් වැළඳී තිබේ නම් එය තවකෙකුට පැතිරයාමේ අවදානමක් ඇති බවත් අයහපත් ලිංගික සබඳතා පවත්වන්නන් විසින් ලාබාලයින් හමුවේ අතිශෝක්තියෙන් හුවා දක්වා කුතුහලයක් ඇති කිරීමට කටයුතු කරන බවත් ඔවුන් එසේ කරන්නේ තවත් අය පොළඹවා ගැනීමට බවද ඒඞ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ පෙන්වා දෙනවා.