ක්‍රිකට් ක්‍රීඩාව අනතුරේද ?

0

ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් පාලක මණ්ඩලය එක්ව සම්මත කර ගැනීමට යන කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කෙරෙන විශේෂ විධායක කමිටු රැස්වීමක් ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලයේදී අද (23)පැවැත්වේ.

එම විශේෂ විධායක රැස්වීමේදී අදාළ කෙටුම්පතට සහය දක්වන්නේද යන්න සාකච්ඡා කෙරෙනු ඇති. නව කෙටුම්පත මඟින් ජගත් ක‍්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය දරන රටවල් සංඛ්‍යාව 04 ක් දක්වා අඩු කිරීමට හා ප‍්‍රධාන කරුණූ 06 ක් සම්මත කර ගැනීමට නියමිතයි.

කෙසේ වෙතත් ක‍්‍රිකට් විචාරකයන් පෙන්වා දෙන්නේ මෙම පනත සම්මත කර ගතහොත් අනෙකුත් රටවලට අසාධාරණයක් සිදු වන බවයි. එනම් ජගත් ක‍්‍රිකට් කවුන්සිලයේ ප‍්‍රධාන බලතල ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ටේ‍්‍රලියාව අතර බෙදි යන බවයි ක‍්‍රිකට් විචාරකයන්ගේ මතය.ඒ කෙසේ වෙතත් මේ වන විටත් දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් පාලක මණ්ඩලය සිය විරෝධය පල කර තිබේ.