Home / Featured / මෛත්‍රි කලේ අන්තිම කැත වැඩක් …අපේ ආණ්ඩුවේ ප්‍රබලම ඇමති ඔහු …ශ්‍රිලනිප දැවැන්ත්ම එජාපයට පාවා දීම

මෛත්‍රි කලේ අන්තිම කැත වැඩක් …අපේ ආණ්ඩුවේ ප්‍රබලම ඇමති ඔහු …ශ්‍රිලනිප දැවැන්ත්ම එජාපයට පාවා දීම

ගෝල්ෆේස් මැයි දින රැලිය සාර්ථකව පැවැත්වීම සදහා විශාල කාර්ය භාරයක් කල පුද්ගලයෙක් තමා බැසිල් රාජපක්ෂ කියලා කියන්නේ. පසුගිය කාලය පූරාවටම ඔහු පිළිබද නොයෙක් ආකාරයේ විවේචනයන් පැවතියද ගෝල්ෆේස් මැයි දින රැලියෙන් පසු ඔහු පිළිබද නැවත වරක් සමාජයේ කතා බහට ලක් වුණා.

ඇත්තටම පසුගිය කාලය පූරාවටම බැසිල් රාජපක්ෂට එල්ල වූ චෝදනාව ගැන සත්‍ය අසත්‍යතාවය මොකක්ද ? ගෝල් ෆේස් පිටියේ මේ තරම් සාර්ථකව මැයි දින රැලියක් පැවැත්වූවේ කොහොමද ? හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගියදා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කර තිබුණා.ඒ BBC සිංහල සංදේශය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.

එම සම්පූර්ණ සාකච්ඡාව පහත දක්වා ඇත.

කම්කරුවන්ගේ දිනයක් ,කම්කරුවන්ගේ රැලියක් දේශපාලන හයිය පෙන්වීමේ රැලියක් ලෙස ඔබතුමන්ලා පරිවර්තනය කළාද ?

දේශපාලන හයිය පෙන්වීම මැයි දිනවලදී ශ්‍රි ලංකාවේ ආරම්භ වූණේ හුගාක් ඈත කාලයේ ඉදලා .ඒ වගේම ලෝකයෙත් මැයි දිනය යොදා ගන්නේ හුගාක් රටවල් වල විශේෂයෙන්ම සමාජවාදි කොමිනිස්ට් රටවල් වල ඒක ඉහළින්ම පවත්වනවා මැයි දිනය තමුන්ගේ දේශපාලන ශක්තිය පෙන්වන්න.ඒක අළුත් දෙයක් නෙමේ.

දැන් ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලිය ගැන කතා කළොත් ඔබතුමා මොකක්ද හිතන්නේ ? ඒකෙන් මොකක්ද ජනතාවට දුන්න පණිවිඩය ?

විශේෂයෙන්ම මේක ශ්‍රි ලංකා පොදු ජන පක්ෂය හැටියට මේක ඉතාම වැදගත් දිනයක් වුණා.මොකද අපේ පක්ෂය පිහිටවලා මාස 06 ක් වුණේ මැයි 01 දා.ඒ වගේම අපේ පක්ෂය පවත්වන පළවෙනි මැයි රැලිය මේක.විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වයෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සම්බන්ධ වුණා.ඒකෙදි අපිට ලොකු අභියෝගයක් දුන්නා.අපි තමා ඉල්ලුවේ ගෝල්ෆේස් පිට්ටනිය මේ රැලිය තියන්න.මුලින් ඒක අපිට දෙන්න බෑ කිව්වා.ඊට පස්සේ හයිඩ් පාක් එක අපි ගන්න උත්සහ කළා.ඒකත් දෙන්න බෑ කිව්වා.ඒ අනුව නිතිමය මාර්ගයෙන් අප ක්‍රියාකරන්න උත්සහ ගත්ත වෙලාවේ හදිස්සියේ අපිට ගෝල්ෆේස් පිට්ටනිය අවසන් මොහොතේ ලැබුණා.ඒක දෙනගමන්ම මේ අය අභියෝගයකුත් කළා.එදා ඒ අභියෝගය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තමා එල්ල කලේ මේ ආණ්ඩුව.ඒත් ඒක පිළිගත්තේ ජනතාව කියලා හිතනවා.ඒ අභියෝගයට මුහුණ දෙන්න ජනතාව සංවිධානාත්මකව සම්බන්ධ වුණා.මම විශේෂයෙන්ම කියන්න ඕන.පරිසරයක් ඇති වෙලා තිබුණා ඒ වෙනකොට මේ ශ්‍රි ලංකාවේ විතරක් නෙමේ ඕනම ප්‍රජාතන්ත්‍රවාදි රටක ප්‍රබල විපක්ෂයක් අවශ්‍යයි.ඒක නැත්තම් රටක ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන්නේ නෑ.මේ රජය පිහිටවපු වෙලාවේ ඊනියා ජාතික රජයක් කියලා පිහිටුවලා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක එකතු වෙනකොට විපක්ෂය හැටියට එකතු වූණේ ඒත් ආණ්ඩුවට හවුල් වෙච්ච අය.ජනවාරි 08 වෙනිදා හංසයාට ඡන්දය දීපු දෙමළ ජාතික සන්ධානය ,ජනතා විමුක්ති පෙරමුණ කියන ඒවාට තමා මේ ආණ්ඩුව විරුද්ධ පක්ෂයේ සහ සංවිධායක කමේ නායකත්වය දුන්නේ.එතකොට රටේ නියම විපක්ෂය ලෙස පාර්ලිමේන්තුව ලෙස කටයුතු කරන්න නියම විපක්ෂයට අවස්ථාව දුන්නේ නෑ.ඒ කණ්ඩායම දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ නායකත්වයෙන් පිහිටුවා ගත්තා ඒකාබද්ධ විපක්ෂය.අනිත් පැත්තෙන් රටේ ජනතාවට සංවිධානය වෙන්න දේශපාලන පක්ෂයක් තිබුණේ නෑ.අන්න ඒ වගේ අවස්ථාවක තමා 2017 නොවැම්බර් 01 වෙනිදා මැතිවරණ කොමසාරිස්තුමාගෙන් ලියාපදිංචි වෙලා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ආරම්බ කලේ.එදා ඉදලා පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා ඇති ගම් 34,000 යි ග්‍රාම සේවා වසම් 14,000 යි එක්ක අපි ශාඛා සමිති කමිටු ගැසීමට මූලික කටයුතු ආරම්භ කළා.ඒ අතර තමයි මේ මැයි දිනය අපිට ආවේ.අපි ජනතාව එක්ක ඒකාබද්ධ විපක්ෂය එක්ක මේකට සහභාගි වුණා.

දැන් මේ රැලියට සහභාගිවූ ප්‍රමාණය ගැන විවිධ මත පල වෙනවා.දැන් මේක සංවිධානයක කල ඔබතුමා හිතන්නේ කීයක් විතර ආවාද ?

අපි හිතුවාට වඩා ආවා.මොකද අපි සංවිධානය කලේ උදාහරණයක් කිව්වොත් ඒකාබද්ධ විපක්ෂය ,වෘත්තිය සමිති සම්මේලන ඒ වගේම වියතුන් ,ව්‍යාපාරිකයින් ඒ වගේම හැම කෙනෙක්ම එකතුවෙලා ගම් මට්ටමින් මේක සංවිධානය කරලා අපි මේකට 10 ක් ගෙන්නුවා නම් අතිරේකව ආවා 20 ක් විතර.ඒ කියන්නෙ අපි සංවිධානය කල අපි හිතපු ප්‍රමාණය ඉක්මවලා.අපි අපේක්ෂා කලේ ගාලු මුවදොර අක්කර 18 පුරවන්න විතරයි.නමුත් ඊට අමතරව අර මහා පාරවල් මුහුදු තීරයේ තියන මීටර් 10 ක පාරයි ඒ වගේම ටාජ් හෝටලය වැනි තැන් එතකොට අළුතින් හදන පෝර්ට් සිටි එක එතකොට ගලධාරි දක්වා චෛත්‍ය පාර දිගටම ඊලගට සම්බෝධි විහාරය දක්වා ජනාධිපති කාර්යාල පසු කරගෙන ඒ පාර ලංකා බැංකු ගොඩනැගිල්ල තියන තැන.අනිත් පැත්තෙන් කොල්ලුපිටිය පසු කරලා බම්බලපිටිය ආසන්නය දක්වා අති විශාල පිරිසක් එක්වී සිටියා.මේකට ආපු විශාල පිරිසක් පෑලියගොඩින් හරවලා යැව්වා. පිරිසක් වැල්ලවත්තෙන් හරවලා යැව්වා .ඒ ආරක්ෂාව නිසා හරි මොණ මොණ හේතු නිසා හරි පොලිසිය දන්වලා තිබුණා මෙතනට එන්න බෑ කියලා .සමහර අයට ඇවිද ගන්න බැරුව හිටියා.ඒ ප්‍රමාණය අනුව මම සංඛ්‍යාවක් කියන්න යන්නේ නෑ.අපි හිතුවාට වඩා ප්‍රමාණයක් රජයට විරෝධය පල කිරීමටත් මහින්ද ජනාධිපතිතුමාට තියන ඇල්ම සහ සහයෝගය පල කිරීමටත් ආවා.ඔය ගණන් හිලව් ගැන නම් මම දන්නේ නෑ.ඔය ආණ්ඩුව තමා ගණන් හදන්නේ.අපි බලාපොරොත්තු වුණා නම් තුනෙන් එකක් මේ සදහා තුනෙන් දෙකක් ආවා.

දැන් බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා කියලා තිබ්බා ලක්ෂ 20 ක් ඇවිල්ලා තිබුණා කියලා.එතකොට විමල් වීරවංශ මන්ත්‍රිවරයා කිව්වා මිලියන ගානක් ඇවිත් ඉන්නවා කියලා .මේ ගණන් හිලව් ඔබතුමා පිළිගන්නවාද ?

ඒක පිළිගන්න වෙනවා.නමුත් ආණ්ඩුවට අවශ්‍ය නම් ඒක ආණ්ඩුවට අයිති කාර්යක්.බුද්ධි අංශ තියනවා ඒ කාලේ අපිත් තොරතුරු ගත්තේ ඒවායින්.හැබැයි ඒවා සමහර වෙලාවට හරි තොරතුරක් ලබා දුන්නා .සමහර වෙලාවට හරි තොරතුරු නොදීපු අවස්ථා තියනවා.මම හිතන්නේ මේ වෙලාවේ ආණ්ඩුවට අවශ්‍ය නම් ප්‍රමානය දැන ගන්න පුළුවන් .

ලක්ෂ 20 ක් කියන්නේ ලංකාවේ ජනගහනයෙන් දහයෙන් එකක්.ඒ වගේ ප්‍රමාණයක් ගෝල්ෆේස් එකේ දාන්න පුළුවන්ද කියලා ගැටළුවක් මතු වෙනවා.කොළඹ දිස්ත්‍රික්කයේ ජන ගහනය පවා ඉන්නේ ලක්ෂ 23 ක් වගේ ප්‍රමානයක්.

මම මේ ගැන වාදයකට යන්නේ නෑ.අපේ අපේක්ෂාව හිතුවාටත් වැඩිය වැඩි ජනතාවක් ආවා .ජනතාවගේ අපේක්ෂාවත් වැඩි.දැන් එස් .බි දිසානායක මැතිතුමාත් කිව්වානේ ගණන්.ඒක ඉතින් තම තමන්ට සුදුසු ආකාරයට කරන්න පුළුවන්.නමුත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් විද්‍යාත්මක ක්‍රමයට තමා මේ ගණන් කියන්නේ.අපි ආවාට ගියාට කියන්නේ නෑ.මම සංඛ්‍යා ලේඛන අනුව ඒ ගණන් කියන්න සූදානම් නෑ.මොකද අපි හිතුවා නම් 10 දෙනෙක් අපිට 30 ක් ආවා.

ඔබතුමාලා නුගේගොඩ මේ වගේම 2015 රැලියක් පැවැත්වූවා.නමුත් ලක්ෂ 58 ක් තිබ්බ මහින්ද ජනාධිපතිතුමාගේ ඡන්ද ප්‍රමාණය ඉන්පසු පැවති මැතිවරණයෙන් ලක්ෂ 47 කින් අඩු වුණා. මම මේ පෙන්නන හදන්නේ රැලිවලට ජනතාව ආවා කියලා ඒක ඇත්තටම ඡන්ද කියලා කියන්න බෑනේ.මොකද එහෙම නම් නුගේගොඩ රැලියට විශාල ප්‍රමානයක් ආවා.නමුත් අවසානයේ ඡන්ද ලක්ෂ 47 දක්වා අඩුවෙලා තිබුණා ?

ඒකට හොදම දේ තමා ඡන්දයක් තියන එක .තියලා බලමු මොකක්ද වෙන්නේ කියලා.හැබැයි නුගේගොඩ රැලියෙයි මේ රැලියෙයි ලොකු වෙනසක් තියනවා. සාමාන්‍යයෙන් විරුද්ධ පක්ෂය රැස්වීමක් තියනකොට ඒ පක්ෂවල සංවිධානාත්මක ශක්තිය වැඩි .සමහර පක්ෂ තියනවා ඒ අයගේ රැලි බැලුවාම සමහර ප්‍රධාන පක්ෂ වලට වඩා හොදට පවත්වනවා ප්‍රදේශිය මට්ටමෙන් පවා.නමුත් මැතිවරණ ප්‍රතිපල වෙනස් .මේකට හොදම දේ තමා එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රඥප්තියේ 21 වන වගන්තියේ කලින් කලට නියමිත කාලෙට ඡන්ද පැවැත්වීම ඉතාම වැදගත්.සාධාරණ මැතිවරණ පැවැත්වීම විතරක් නෙමේ.නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදි ලක්ෂණයක්.

පළාත් පාලන මැතිවරණය ගත්තොත් ඔබතුමා හදපු ක්‍රමය නිසා තමා ප්‍රශ්නය ඇති වුනේ .ඒ නිසා තමා මේක ඒ අය පරක්කු කරන්නේ .කොට්ටාශ වෙන් කිරීමේදී ඔබතුමාලාට වාසි විදියට කටයුතු කරලා තියනවා කියලා කියනවා ?

මම එදා පෙනී සිටියේ ඇමතිවරයෙක් හැටියට නෙමේ.ජාතික සංවිධායක හැටියට,ශ්‍රිලනිපයේ . මම යෝජනා ලබා ගෙන ගම්වලින් ඒවා ඉදිරිපත් කළා .හැම ප්‍රශ්නයක්ම ඒක කළා.ඒක ඉදිරිපත් කලෙත් ප්‍රධාන ලේකම් හැටියට 325 ම යෝජනා අත්සන් කලේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා.එයාගේ යුතුකම ක් ඒක පක්ෂය වෙනුවෙන් .ඊට පස්සේ කමිටුව යෝජනා හැදුවා .ඊට පස්සේ යෝජනා ගැසට් කරන්න කලින් මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනස් වුනා .ඊට පස්සේ පළාත් පාලන ඇමතිවරයා විදියට හිටියේ කරූ ජයසූරිය.එතුමා ඒවා නැවත සමීක්ෂණය කළා.එයින් රාශියක් වෙනස් කලා.ඊට පස්සේ මේක 2015 අගෝස්තු මාසයේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති හැටියට ගැසට් කළා .ඒ කොට්ඨාශ සියල්ලක්ම ගැසට් කලේ කරු ජයසූරිය අමාත්‍යවරයාගේ නිර්දේශ පරිදි මෛත්‍රිපාල සිරිසේන මහත්මයාගේ ගැසට් ඒක .ඊටත් පස්සේ තවත් කමිටුවක් දාලා අශෝක පිරිස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන්ම ,අනිත් කමිටුවේ හිටියේ ස්වාධින අය අමාත්‍යාංශ ලේකම්වරු වැනි අය .මෙතනින් අශෝක පිරිස් මහතා ඇරෙන්න අනිත් ඔක්කොම දේශපාලන පක්ෂ නියෝජනය කරන අය . ඒ අය දැන් ගැසට් කරලා තියෙන්නේ .මෙකේ දැන් මම බැලුවාම 95 % ම තියෙන්නේ අර නරකයි කියපු මම හදපු කොට්ඨාශ .සමහර ප්‍රාදේශිය සභාවල එකක්වත් වෙනස් කරලා නෑ .සමහර ඒවා වල කොට්ඨාශවල නමක් වෙනස් කරලා තියනවා.සමහරවිට ඒ නමට අයිති ග්‍රාම සේවා වසම් 03 ක් තියනවා නම් ඒකේ එක නමකට නම් ඒක භාවිතා කරලා තියෙන්නේ ඒ නම වෙනුවට වෙනත් නමක් දාලා තියනවා .එවැනි සුළු සංශෝදන තමා කරලා තියෙන්නේ.අපි මේවා හරි හෝ වැරදි අභියෝගයකට ලක් කරන්නේ නෑ .කියන්නේ මෙච්චරයි ඡන්දයක් පවත්වන්න.

ඒ වගේම කියන්න ඕන ඡන්ද ක්‍රමය ගැන .මේක දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු තුනක කාලයක් එක්ක පැවති කමිටුවක් .රනිල් වික්‍රමසිංහ අගමැති වෙලා ඉන්න කාලයේ ඉදලා ,චන්ද්‍රිකා මැතිණිය සහ මහින්ද රාජපක්ෂ ජනාධිපති හැටියට මේ කමිටුවේ හිටියා .එක්සත් ජාතික පක්ෂය ,ජනතා විමුක්ති පෙරමුන මේ සියළු දෙනා හිටියා .මෙකේ කුඩා පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුනේ නායකයා තමා මේ කමිටුවේ නායකත්වය ගත්තේ . කුඩා පක්ෂ වලට හානියක් වෙනවා නම් මම හිතන්නේ නෑ එතුමා කවදාවත් මේකට එකග වෙයි කියලා . අනිත් පැත්තෙන් මේ පනත ඉදිරිපත් කලේ අතාවුල්ලා ඇමතිතුමා . එතුමා කවදාවත් සුළු ජාතීන්ට ආසාධාරණ වෙන පනතක් ඉදිරිපත් කරන්නේ නෑ . මට මතකයි මේ මනාප ක්‍රමයට විරුද්ධව අපේ පක්ෂයේ මුලින්ම කතා කරපු පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා .එක්කෙනෙක් මෛත්‍රිපාල සිරිසේන අනිත් කෙනා ඩලස් අලහප්පෙරුම .

ඒකාබද්ධ විපක්ෂය මැයි රැලියට විශාල වියදමක් යන්න ඇති .කොහෙන්ද ඒ සල්ලි ?

හැම මැයි දිනයකටම යම් වියදමක් දරන්න වෙනවා.මේකට අර සෙනග වැඩි වුණා වගේ වියදමත් වැඩි වුණා.අපිට කිසිම බයක් සැකක් නැතුව කියන්න පුළුවන් අපිට මේකට විශාල ආධාර ලැබුණා.අපි බලය ඉන්න කාලේ ලැබුණට වඩා මේ පාර අපිට ආධාර ලැබුණා.

මේ වගේ රැලියක් සංවිධානය කරන්න කොපමණ මුදලක් වැය වෙනවාද ?

එහෙම වියදමක් ගැන මම දන්නේ නෑ .ඒකාබද්ධ විපක්ෂයේ කමිටුවක් මගින් තමා මෙය සංවිධානය කලේ.අපිට තිබුණ කාර්යක් තමා භූමිය වෙන් කර ගැනීම. උදාහරණයට කිව්වොත් කිරුළපනට බදින්න තිබුණේ රු .30,000 යි .මේකට පන්ලක්ෂ හතළිස් එක්දහස් පන්සියයක් අපිට ගෙවන්න වුනා .අපිට වේදිකාව ගහන්න දින දෙකකට ,එක දිනයක් විතරක් නෙමේ අපිට තියන කොන්දේසි ඔක්කොම දාලා තමා දුන්නේ .නොයෙක් බාධා ඇති වුණා .ඒවා අපිට ශක්තියක් වූණා .ඒකට ස්තූතියි.අපි ජනතාව ඒකෙන් ධෛර්යමත් වුනා .

ආණ්ඩු පක්ෂයෙන් චෝදනාවක් තියනවා රාජපක්ෂලා හංගලා තියපු සල්ලි තමා මෙහෙම එලියට දාන්නේ කියලා .මොකද ඔවුන් දන්නවා මේ ඔවුන්ගේ අවසන් තුරුම්පුව කියලා?

ඒ කට්ටිය දැන් හැම තැනම පරීක්ෂන කලානේ .මේක ජනතාවට කරන අපහාසයක් මේ මැයි දිනයට සහභාගි වෙච්ච තෙරපීම නිසා මිය ගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ ආදාහනයට ගියා .ඒ දෙන්නාම ඉතා දුප්පත් . මේ අය එළවලු වෙළදාමේ යෙදෙන අය .ඉතින් සුළු මුදලක් එකතු කරගෙන තමා මේ ඇවිත් තිබුනේ .ඉතා දුප්පත් අය.මේ දිස්ත්‍රික්කවල නායකයෝ අපේ පාර්ලිමේන්තු කණ්ඩායම් ,පළාත් පාලන කණ්ඩායම් එකට එකතු වෙලා බස් අරගෙන කෑම සකස් කරගෙන තමා ආවේ .වව්නියාවෙන් ආවා .ත්‍රිකුණාමලයෙන් ආවා .මොවරවැව ,ගෝමරංකඩවල වගේ තැන්වලින් ආවා . අම්පාර ,මොණරාගල වගේ තැන්වලින් ආවා . මේ දුර පළාත් වල මිනිස්සු ඊට කලින් දවසේ ඇවිල්ලා ගලිකිස්ස පැත්තේ තැනක බස් 05 ක් පමණ තියාගෙන ඉදලා තියනවා . කෑම හදාගෙන වන්දනාවේ එනවා වගේ තමා ආවේ .මේ චෝදනා ඒ අයට කරන අපහාසයක් .අපිටත් යම් වියදමක් දරන්න වුණා . අපේ පක්ෂය හැටියට අපි හිතවතුන්ගෙන් එකතු කරගෙන ආධාර ලබා දුන්නා.ඉතින් මේ අයට ඕන කම ඇති දීපු කට්ටියව FCID ගෙනියයයි CID තව තැන්වලට ගෙනියයි .ඒවලට බිය නැති පිරිස් තමා අපිට මේවා දුන්නේ .ඒ නිසා ඔය විදියට අපහාස කිරීම හොද නෑ .ජනතා විමුක්ති පෙරමුණ ඔය ටි ෂර්ට් වලට කොඩි වලට වියදම් කල හැටි අහන්න පුළුවන් .ඒ කට්ටිය යම් කිසි කැපවීමක් කරලා තමා ඒ මුදල හොයා ගන්නේ.ඒ වගේම සම සමාජ පක්ෂය අපිට සම්බන්ධ නොවුණත් ඒක ඉවර කරලා මෙතනට ආවා .ඒ වගේ පක්ෂ හැමදාම මැයි දිනයට තමුන්ගේ ශක්තිය වෙනුවෙන් සෑහෙන්න මුදලක් වියදම් කරනවා.

දැන් ඉදිරි පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව කියනවා පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් වලදී පවත්වනවා කියලා .ඔබතුමන්ලා මේ උත්සහ කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා පොදු ජන පෙරමුනෙන් ඉදිරිපත් කරන්නට ? එජාපය ,ශ්‍රිලනිපය වෙනම ඉදිරිපත් වෙනවා .ඇත්තටම ශ්‍රිලනිප ඇමතිවරුන් කියන හැටියට මේක බන්දේසියක තියලා එජාපයට ජයග්‍රහණයය ලබා දීමක් නෙමේද ?

එජාපය බන්දේසියක් නෙමේ අමු අමුවෙන් දුන්නේ ජනවාරි 09 . මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වශයෙන් දිවුරුම් දීලා තත්පර ගාණක් යන්න කලින් අගමැතිකම බන්දේසියක් නෙමේ කොහොම දුන්නද මම දන්නේ නෑ .අපිට ඒ වෙලාවේ 2010 ජනවරම තිබුනා .අපි පාර්ලිමේන්තුවේ එකසිය හතළිස් ගානක් අපි දිනලයි හිටියේ. ඒ වෙනකොටත් 123 ක් පැහැදිලිවම අපේ සන්ධානයට හිටියා .එහෙම තියෙද්දි බන්දේසිය පිටින්ම එජාපයට ආණ්ඩුව දුන්නේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයා.එතුමා තමා දැන් ශ්‍රිලනිප නායකයා.

ඔබතුමා දැන් කරන්නෙත් ඒකමද ?

පැහැදිලිවම නෑ .අපි මේක කරන්නේ ඒක නැති කරන්න .අපි හදන පක්ෂය ඡන්ද කඩන බෙදන පක්ෂයක් නෙමේ .අපි ඡන්ද දිනන පක්ෂයක් .අපිට දිනන්න පුලුවන් නම් විතරයි අපි ඉදිරිපත් වෙන්නේ.අපිට දැණුනොත් මේකෙන් ඡන්ද කැඩෙනවා ,ඡන්ද බෙදෙනවා කියලා අපි ඒ ගම්වල ඒ කොට්ඨාශයට තරග කරන්නේ නෑ.

පළාත් සභා මැතිවරණයේදී ඔබතුමා ඔය කියන දේ කරන්න බෑ .නමුත් පළාත් පාලන මැතිවරණයකදී කරන්න පුළුවන් .

ඔව් . පළාත් සභා වලදී අපි මේක අනුගමනය කරනවා .නමුත් පළාත් පාලන මැතිවරණයේදී අපි පැහැදිලිවම 300 වඩා තියනවා ඒවලින් අපි 200 කට වඩා අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරනවා .අපිට විතරයි එජාපය පරද්දන්න පුළුවන් .අවුරුදු ගාණකට පස්සේ මේ රටේ දරුවන්ට හිමිවූ ජාතික සම්පත් හම්බන්තොට වරාය ,ඒ වගේම ත්‍රිකුණාමලය ස්වභාවධර්මයෙන්ම අපිට ලැබිච්ච දායාදයන් .අපිට තියන සම්පතක් තමා මේ රට පිහිටි තැන සහ ත්‍රිකුණාමල වරාය ඒවා කොහොමද විකුණන්නේ ?ඒකට ජනවරමක් නෑ .ඒකට කොහොමද අනුමත කරන්නේ ?

ආණ්ඩුව කියලා නෑ මේවා විකුනනවා කියලා .බදු දෙනවා කියලා තමා කියන්නේ ?

ඒක හරියට ,අද ලංකාවේ තියන භූමියෙන් මහ වැලි ව්‍යාපාරය වේවා ,ගල්ඔය ව්‍යාපාරය වේවා ඕවායේ තියෙන්නේ මේ ඉඩම් විකුණන්න බෑ කියලා .ස්වර්ණභූමි ඔප්පුවක් හෝ ඊට පස්සේ දීපු අනිත් ඔප්පුවල හරි මොකක් හරි තියනවා නම් ඒක බදු තමයි දෙන්නේ .හැබැයි අයිතියක් නෑ .කියන්න පුලුවන් මේක විකුණන්නේ නෑ කියලා .හැබැයි විකුණනවාට වඩා අන්තයි බදු දෙන එක .

ජනතා විමුක්ති පෙරමුණ කිව්වා කොහොමද රාජපක්ෂලා මේ ගැන කතා කරන්නේ කියලා .ඔවුන් සින්නක්කර ඉඩම් ලබා දීලා තියනවා කියලා .

පැහැදිලිවම ජනතා විමුක්ති පෙරමුණ වගේ වගකීමක් තියන ප්‍රශ්න මේ වගේ බොරු කිම බරපතලයි .මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේ එක රාජ්‍ය ආයතනයක් ,එක සංස්ථාවක් විකුනුවේ නෑ .ප්‍රේමදාස මහත්තයාගේ කාලයේ 47 ,චන්ද්‍රිකා බණ්ඩාර නායකගේ කාලයේ 48 ක් පුද්ගලිකකරනය කරලා තිබුණ.මහින්ද රාජපක්ෂ මහින්ද චින්තනයෙන් කිව්වේ ආර්ථික මරමස්ථාන කිසිවක් පුද්ගලිකරණය කරන්නේ නෑ කියලා. එතුමා එතනින් නැවතුණේ නෑ .පුද්ගලිකරණය කරපුවාත් නැවත ගත්තා. රක්ෂණ සංස්ථාව ,ශ්‍රි ලංකන් ගුවන් සේවය ,ටෙලිකොම් එකේ කොටස් ,ෂෙල් ගෑස් සමාගම ,සෙවණගල ඇතුළු විශාල ප්‍රමානයක් නැවත එතුමා සල්ලි දීලා ගත්තේ .ඒවාට විශාල ලෙස මුදල් වියදම් කරන්න වුනා.විකිණීම සහ ආයෝජන කියන්නේ දෙකක් .අපේ රටට විතරක් නෙමේ ලෝකයේ ඕනම රටකට විදේශ ආයෝජන අවශ්‍යයි.

ඉතින් ආණ්ඩුව කියන්නෙත් ඔවුන් ආයෝජන කරනවා කියලා තමා ?

නෑ මේ ආයෝජන නෙමේ .මේක විකිණීමක් .ආයෝජන කියන්නේ මොකක්ද ?ඔබතුමාට තියනවා අක්කර 10 ක් .ඔය අක්කර 10 මුඩු වෙලා තියනවා .ඔබට පුළුවන් කවුරුහරි ව්‍යාපාරිකයෙක් එක්කන් ඇවිල්ලා කියන්න මම මෙතන තට්ටු ගාණක ගොඩ නැගිල්ලක් ගහනවා .හැබැයි ඒ ඉඩම විකුණන්නත් පුළුවන් .ඊට පස්සේ ඔයාගේ දරුවන්ට කියන්න පුළුවන් මේ ඉඩම මගේ එකක් මගේ තාත්තාගේ එකක් .මම තුට්ටු දෙකට විකුනුවා .ඒවා කියන අය ඉන්නවා .හැබැයි ඔබ ඒකට ආයෝජනයක් කරන්න කවුරුහරි හොයා ගත්තොත් එයා කියනවා මම මේකට මාසිකව 10 %ක් ආදායමෙන් ගෙවන්නම් .මේකට තට්ටු 20 න් 05 ක් ඔබට දෙන්නම් කියලා . කර්මාන්ත ශාලා මෙහේ දැම්මොත් ඒවා ආයෝජන . ඒ කාලයේ විකුනුවේ පුද්ගලික අංශයට .දැන් විකුණන්නේ බලගතු දේශපාලන රටවල් වලට .

ත්‍රිකුණාමල තෙල් ටැංකි ගත්තොත් ඔබතුමාලා සාකච්ඡාවක් කරලා තිබුණා 2013 වසරේ යම් වැඩපිළිවෙලක් ඒ සම්බන්ධයෙන් ?

නෑ .ඒක සම්පූර්ණයෙන්ම විකෘත්ති කිරීමක් .2001 රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවෙන් මේ සියල්ල විකුණලා තිබුනේ.නමුත් අපෙන් ඇවිල්ලා ඒක ඉල්ලනකොට අපිට හම්බුණා නිතීපතිතුමාගෙන් උපදෙසක් මේක විකිණීමේ වැරැද්දක් තියනවා කියලා.මේක විකුනලා තියෙන්නේ තෙල් සංස්ථාව.මේ භූමිය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ කාලයේ මේක වරායට අයිති භූමියක් හැටියට ගැසට් කරලා තිබුණා .මේක අපි පෙන්නලා ඔහෙලාට මේක අයිති නෑ කියන එක තමා අපි ඒ අයට පෙන්නුවේ. කරුණාකරලා ඉතිහාසය නොදන්න මිනිස්සු මේ ගැන කතා කරන්න එපා .එදා අපි කලේ දීලා තියපු තෙල් ටැංකි ආපසු සාකච්ඡා කරලා මේ රටට ගත්තා.රක්ෂණ සංස්ථාව ,සෙවණගල ගත්තා වගේ .සමහර ඒවා උසාවිය හරහා ගත්තා.සෙවනගල වගේ ඒවා ගත්තේ පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කරලා.රනිල් වික්‍රමසිංහ විකුණපු තෙල් ටැංකි බේර ගන්නයි අපි සාකච්ඡා කලේ .මේ සාකච්ඡාවලට සම්බන්ධ වෙච්ච ඇමතිලා මේ ආණ්ඩුවට ගිහිල්ලා මේවා ගැන දැන දැනත් මෙහෙම කියනවා කියන්නේ ඉදිරියේදී මොණවා කියයිද කියලා මම දන්නේ නෑ.

ඔබතුමා විකිණීමට එරෙහිව දැඩි ලෙස කතා කරනවා .පසුගිය දිනවලදී ජනාධිපතිතුමා කිව්වා ඔබතුමාලා කරලා තියන ලොකුම ද්‍රෝහිකම පෝර්ට් සිටි ව්‍යාපාරයෙන් චීනයට සින්නක්කරව ඉඩම් ලබා දීමට රාජපක්ෂලා කටයුතු කලාය කියලා ? ඇත්තක්ද මේක ?

එකක් කියන්න ඕන .එතුමා අපේ ආණ්ඩුවේ ප්‍රබලතම ඇමතිවරයෙක් .හැම පොදු තීන්දුවකදීම එතුමා හවුල් වුණා .හැබැයි අපි පැහැදිලිව කියනවා මහින්ද රාජපක්ෂ බලයට පත්වෙනකොට මේ රටේ මුහුදු තීරයෙන් 2/3 තිබුනේ නෑ .මුහුදු ඛාදනයෙන් මෙච්චර කාලයක් අපේ රටේ භූමියෙන් ,පළවෙනි වතාවට භූමිය වැඩි කර ගන්න ආයෝජනයක් හැටියට ගෙනාවේ .එතකොට ආයෝජකයෙක් ආවම ආයෝජනය කරනවා .අපි සතයක්වත් ණය වුනේ නෑ .සතයක්වත් සල්ලි දුන්නෙත් නෑ .ඒකත් එක්කම අපි යෝජනා කලා අපේ මුහුදු තීරය තියනවා .ඔයාලා මෙතන හදන්න කියලා . හදලා ඉවරවෙලා කොටසක් ඔහෙලට දෙන්නම් කියලා .අපිට හිමි වෙන්න තිබ්බ දැන් ගිවිසුමේ ලංකාවට මේ රටේ ජනතාවට ,ජාතියට හිමි වෙන්න තිබ්බ ඉඩම් ප්‍රමාණයක් අද නැති වුණා.ඒ අපේ ගිවිසුම අනුව අක්කර ගානක් අපිට එන්න තිබුණා.ඒක නැති වුණා .දැන් ඒක අපිට අයිති නෑ .දැන් ඒක චීනයට ඔක්කොම දුන්නා .

නමුත් ජනාධිපතිතුමා කියනවා චීනය එක්ක කතා කරලා ඔවුන්ට සින්නක්කරව ඉඩම් ලබා නොදීමට අප කැමති කර ගත්තා කියලා .

මේක චීනයට අයිති වෙන්නේ නෑ .පැහැදිලිවම මේ අපට නැති භූමියක් හදනවා .වරාය හදන එකයි හදලා විකුනන එකයි අතර වෙනසක් තියනවා . දැන් ඔය හම්බන්තොට වරාය හදන්න අපිට පවුල් 600 ක් ඔතනින් අයින් කරන්න වුණා .ඒ අයට වන්දි ගෙව්වා .ඒ අය වෙන තැන්වල පදිංචි කෙරෙව්වා. ඒක දැන් චීනෙට දෙනවා .සත 05 ක් දෙන්නේ නෑ.අපි වන්දි දීලා ඒ මිනිස්සු අයින් කලේ . දැන් තියන ගිවිසුම අනුව සතයක්වත් ඒ භූමියට අය කරන්නේ නෑ .විශාල වශයෙන් බදු දීමෙන් අපිට පාඩුවක් වෙනවා . අපේ භූමිය සදාකාලිකවම මේ භූමිය නැති වෙනවා .අවුරුදු 99 ක් කියන්නේ ලොකු කාලයක් . සින්නක්කරව ලබා දුන්නත් පවරා ගන්න පුලුවන් රජයකට .

ඒ කියන්නේ සින්නක්කරවම ලබා දීම වරදක් නෙමේද ?

නෑ .මම හිටපු ආර්ථික සංවර්ධන ඇමති හැටියට ඒක දැක්කේ නෑ .නමුත් මහින්ද රාජපක්ෂ ඒක බරපතල වරදක් හැටියට දැක්කා .පස්සේ අපි පනතකින් ගෙනාවා විදේශිකයන්ට මේ රටේ කිසිම ඉඩමක් ගන්න බෑ කියලා නිතියක්.

ආණ්ඩුව සහ වෘත්තිය සංගම් අතර ගැටුමක් තියනවා .ඔවුන් වර්ජනය කරනවා .මේක පිටුපස ඉන්නේ රාජපක්ෂලා කියලාත් චෝදනාවක් තියනවා ?

රාජපක්ෂලා වර්ජන මෙහෙය වන්නේ නෑ .සාධාරණ ඉල්ලීම් මත ඒ අය ඉල්ලීමක් කලොත් අපි ඒ අයට සහය දෙනවා.

තෙල් සම්බන්ධයෙන් පවා වර්ජනයක් තිබුණා .වර්ජන කිහිපයක් ක්‍රියාත්මක වුණා .මේ නිසා පීඩාවට පත් වුණේ ජනතාව.ඒකාබද්ධ විපක්ෂය පවා මේ සදහා සහය දුන්නා ?ඇයි සාකච්ඡා කරලා මේවා විසදන්න බැරිද ?

අපි තාමත් කියන්නේ සාකච්ඡා කරලා විසදගන්න කියල තමා .අපේ කාලයෙත් වර්ජන ආවා .අපි එතකොට සාකච්ඡා කළා .අපි වෘත්තිය සමිති එක්ක සාකච්ඡා කළා .ඒවා එදා අපි විසදගන්න කටයුතු කළා .මේක හැම ආණ්ඩුවකටම මුහුණ දෙන්න වෙන්න ප්‍රශ්නයක් . මොකක් හරි ප්‍රශ්නයක් තියනවා නම් විසදන්න මැදිහත් වෙන්න .පත්තරවල මේවා පල වෙනවානේ .අපේ පාලකයා ඉතින් පත්තර බලනවානේ .ඉතින් බලලා විසදුම් දෙන්න .

වෘත්තිය ක්‍රියාමාර්ග පාලනය කිරීම සදහා සරත් ෆොන්සේකා පත් කරන්න හදනවා .මේ ගැන අදහස මොකක්ද ?

මේ මැයි දිනයේදී ගෝල්ෆේස් පිටියට ආපු ජනතාව දීපු පණිවිඩ දෙකක් තියනවා .මෙ ආණ්ඩුව හැම පැත්තකින්ම ජනතාවට ලබා දෙන සහන කැපුවා .ඡන්ද කල් දැම්මා .අවුරුදු දෙකක් කිසිම ආණ්ඩුවක් මේ විදියට ඡන්ද කල් දැම්මේ නෑ .ජේ .ආර් ,ජයවර්ධන ජනමතයක් තියලා කල් දැම්මේ .ඒවගේ ඉතිහාසයක් තියනවා .කිසිම ආන්ඩුවක් මේක මෙහෙම කලේ නෑ .ඒ වැරදි නිවැරදි කර ගන්න කිව්වා .මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව ඉවත් කරලා .අපේ අයට නඩු දානවා .අපිව හිරේ දානවලු .මේ දෙකෙන් එක මාර්ගයක් ආණ්ඩුවට තෝර ගන්න පුළුවන් .අද නිල විපක්ෂය ආණ්ඩුවේම කොටසක් .

මල්වානේ හදපු ඔබතුමාගේ ඉඩමට මොකද වුනේ ?

ඒක මගේ එකක් නෙමේ .මමත් දැන ගන්න ආසයි .මම දැකලත් නෑ . මම ප්‍රාර්ථනා කරනවා ඒක මට ලැබුණොත් හොදයි කියලා .හැබැයි ඉතින් එහෙම වාසනාවක් නෑ . අපිට අයිති නැති ඉඩමක් .අයිතිකාරයෙක් නෑ කියන්න බෑ .මේ රටේ ඉඩම් සම්බන්ධයෙන් නීතියක් තියනවා .

ඔබතුමා හිතන්නේ නැද්ද අක්කර 16 ක ඉඩමක් මිලියන 200 කට වඩා වටිනාකමක් ඇති ඉඩමකට අයිතිකාරයෙක් නැති වෙන්නේ කොහොමද ?

අයිතිකාරයෙක් නැති වෙන්න බෑ .ඉන්නවා .ඔප්පුවක් තියනවා .බදු ගෙවලා තියනවා.මේ නඩුව ගැන මම කතා කරන්න කැමති නෑ .

ගීතා කුමාරසිංහට ඇයගේ මන්ත්‍රිධූරය අහිමි වෙනවා .මේකෙන් ඒකාබද්ධ විපක්ෂයේ බලය තවදුරටත් අඩු වෙනවා . ඒ නඩු තීන්දුව ගැන මොකද හිතන්නේ ?

නඩු තීන්දු ගැන කතා කරන්නේ නෑ මම .නමුත් ඇය ජයග්‍රහණය කල කෙනෙක් .ජනතාව විසින් පත් කල කෙනෙක් .ඒ මන්ත්‍රිවරියට යුතුමකක් තියනවා මේ ගැන පියවර ගන්න .අනික මේක යහපාලනයෙන් හදපු නීතියක් .ඒ නීතිය හැදුවේ බැසිල් රාජපක්ෂටත් ,ගෝඨාබය රාජපක්ෂටත් තරග කරන්න බැරි වෙන්න .ඒකට අහු වුනේ වෙන කෙනෙක් .යහපාලන නීතියක් .19 වන සංශෝදනයෙන් කරපු දෙයක් .

ඒක හොද දෙයක් නේද ?

නෑ ඒක හොද දෙයක් නෙමේ .දැන් මෙහේ පුරවැසිකමක් නැති අර්ජුන මහේන්ද්‍රන්ට මහ බැංකුවේ අධිපතිකම දෙනවා. ඒක භයානකයි .ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියනවා තනතුරේ දිවුරුම් දුන්නේ නැත්තම් පුරවැසියෙක් හැටියට ඔහුගේ ඒ තනතුර එවලෙම අහෝසි වෙනවා කියලා .

ඔබතුමා කතා කරන හැටියට මට පේන්නේ ඔබතුමා ඇමරිකානු පුරවැසිභාවය අත්හරින්න සූදානම් නෑ කියලා .

නෑ මම සූදානම් නෑ .මම ඒක පැහැදිලිවම කියනවා .මගේ දරුවෝ මගේ පවුල ඉන්නේ එහේ .හංගන්න දෙයක් නෑ .මම දේශපාලනයට එන්නේ ඒ පුරවැසිභාවය එක්ක .ජනතාව මාව තෝරා ගන්නෙත් ඒ පුරවැසිභාවය එක්කමයි .

ඒ කියන්නේ ඔබතුමා ඉදිරි ක්‍රියාකාරි දේශපාලනයේ පේන එකක් නෑ එහෙනම් අපිට ?

ඒක වෙන්න පුලුවන් .මම දේශපාලන පවුලකින් ඉපදුන කෙනෙක් . කුඩා කාලයේ ඉදලයි මම දේශපාලනය කරන්නේ .මහින්ද රාජපක්ෂ මහත්තයා දේශපාලනයට ආවට පස්සේ එතුමා එක්ක මම හිටියා .මහින්ද රාජපක්ෂ දේශපාලනයේ ඉන්නකම් විතරයි මමත් දේශපාලනයේ ඉන්නේ .මගේ පවුලෙන් මොනම විදියකින්වත් ඊට පස්සෙ දේශපාලනය කරන්න ඉඩ දෙන එකක් නෑ .අද තියන තත්වය අනුව මට මගේ දරුවෝ හම්බෙන්න බෑ .බිරිද හම්බෙන්න බෑ .මුනුබුරෙක් දකින්න නෑ මම ඇස් දෙකට දැක්කේ පලවෙනි අවුරුද්දෙ උපන්දිනයටත් පස්සේ .ඒ වගේ විශාල හිරිහැර ,වේදනාවලට ලක් වුනා . රට වෙනුවෙන් ඒවා විදගත්තා.අද සුළු ව්‍යාපාරිකයා පවා අසරනයි .තේ ,රබර් ගොවියා අසරණයි .සමහර අය කියන කතා ගැන ඇත්තටම හරිම වේදනායි .

මහින්දව පරාජය කලේ බැසිල් රාජපක්ෂද ?

වෙනස් වෙලා .පරාජයේ වගකීම භාර ගත්තා . එදා 2005 දී අපිට පක්ෂයක් තිබුනේ නෑ .පක්ෂ නායිකාව චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිනිය .එතුමිය ඒ වෙලාවේ මහින්ඩ මහත්තයාගේ මැතිවරණ ප්‍රකාශනයේ සන්ධාන ප්‍රකාශය කියලා නම දාන්න දුන්නේ නෑ .ඒ නිසා තමා මහින්ද චින්තනය කියලා නම දැම්මේ .ඒ වගේම නොයෙක් හිරිහැර කළා .අපි එදා ඒ ඡන්දේ දින්නා .එදා ඉදලා සෑම මැතිවරණයක්ම ජයග්‍රහණය කළා . ඒවා නෙමෙයි කලේ . හැබැයි පැරදිච්ච එකේ වගකීම මම භාර ගන්නවා .හැබැයි වගකීම භාර ගන්නවා කියන්නේ මම වැරදි කලා කියන එක නෙමේ .ඔය ඕන කෙනෙකුට කියන්න මහින්ද රාජපක්ෂට තිබුණ එක චෝදනාවකට මම මුල් වුණා කියලා .නොයෙක් චෝදනා තියනවා .ඒවා නිවරදි කර ගන්න ඕන .එදා මෛත්‍රිපාල මහත්තයා එකපාරටම අනිත් පැත්තට ගිහින් අපේක්ෂකයා වෙච්ච වෙලාවේ ඒ ඡන්ද ව්‍යාපාරය කරන්න මට යම් බරක් උසුලන්න සිදු වුනා.

මම මේ වෙලාවේ ආවේ දේශපාලනය කරන්න නෙමේ .මම ආවේ මේ බොරු චෝදනා වෙනුවෙන් . රාජපක්ෂලා 1936 ඉදලා හිරගෙවල් වල ගිහිල්ලා ගොඩ නැගුනේ . මම මේ චෝදනා වලට මුහුණ දෙන්නයි ආවේ.දේශපාලන පුද්ගලයෙකු හැටියට පවුලක් විදියට අපිට දේශපාලනයෙන් තොර ජිවිතයක් නෑ . මේ රටේ ශක්තිමත් විපක්ෂය හදන්න මට කරන්න පුළුවන් දෙයක් මම කරනවා .අර සමහරු කියනවා වගේ මහින්ද රාජපක්ෂව පරාජය කලේ මම නම් දිනවන්නෙත් මම .ඒක මම කොහොම හරි කරවනවා .

ඒත් මහින්ද රාජපක්ෂට ව්‍යවස්ථාව අනුව යළි බලයට එන්න බෑ .මේ අනුව කොහොමද කටයුතු කරන්නේ ? කතාවක් තියනවා ගෝඨාබය රාජපක්ෂව ගේන්න ඕන කියලා ජනාධිපති අපේක්ෂකයා හැටියට ?

මම මුලින්ම කියනවා මහින්ද රාජපක්ෂ තමා මේකට සුදුස්සා .සිරිමාවෝ මැතිණියගේ ප්‍රජා අයිතිය නැති කලා වගේ 19 සංශෝදනයෙන් කලේ වෙන මොකක්වත් බලයක් අඩු කලේ නෑ .19 මොකක්වත් කලේ නෑ .කලේ මහින්ද රාජපක්ෂටයි අපිටයි ඡන්දේ ඉල්ලන්න බැරි කරපු එක විතරයි .ඒක තනිකරම වංචාවක් .මහින්ද රාජපක්ෂව ජනතාව එකවරයි ප්‍රතික්ෂේප කලේ .

ගෝඨාබය රාජපක්ෂ මහත්තයාගේ පැමිණීම ගැන ඔබතුමාගේ අදහස ?

ඒක එතුමා තීරණය කරයි.ජනතාව තීරණය කරයි.කවුද සුදුස්සා කියන එක තීරණය කරන්න තව කල් තියනවා . ජනාධිපතිවරණයේදී කවුද අපේක්ෂකයා කියන එක කිව්වේ නෑනේ .මේ අපි ළග හිටපු කෙනානේ ..කරඩුවට අත තියලා දිවුරපු පුද්ගලයා ආප්ප කාපු කතාව කියන්නේ නෑ .අපි බෞද්ධයෝ හැටියට අපි කරඩුවට අත තියලා කිව්වොත් ඒක කරන්නේ නෑ .එස් .බී ;ලා එදා කරපු දේට කිව්වේ පාවා දුන්නා කියලා .මම දන්නේ නෑ මේකට මොකක් කියන්නද කියලා .දැන්ම කිව්වොත් කවුද කියලා ඒකට බාධා ඇති වෙන්න පුලුවන් .දැක්කනේ මැයි 01 දවසේ එක්සත් ජාතික පක්ෂයේ කතා 03.මුළු එක්සත් ජාතික පක්ෂයම එදා නැති කළා.

Check Also

ඊනියා යහපාලන කල්ලිය ශ්‍රේෂ්ඨාධිකරණය තින්දුවට පිටින් යමින් පස්සා දොරෙන් ඡන්ද නීතිය වෙනස් කළා

පළාත් සභාවල නිල කාලය දිගු කිරීමට හෝ ඡන්දය කල් දැමීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයට අමතරව ...