Home / Featured / මහින්දව එල්ලන්න ඕනෑ කකුල් දෙකෙන් …සාටකෙන් එල්ලන කතා මම කිව්වේ නෑ ඔහු කල ජඩ වැඩ වලට දඩුවම් දීම අනිවාර්යයි …

මහින්දව එල්ලන්න ඕනෑ කකුල් දෙකෙන් …සාටකෙන් එල්ලන කතා මම කිව්වේ නෑ ඔහු කල ජඩ වැඩ වලට දඩුවම් දීම අනිවාර්යයි …

පසුගිය මැයි 01 දා එක්සත් ජාතික පක්ෂ වේදිකාවේදී තමන් විසින් මහින්ද රාජපක්ෂව පණ යනතුරු සාටකයෙන් එල්ලා තැබිය යුතු යැයි ප්‍රකාශ නොකල බව ෆිල්ඩ් මාෂල් ,අමාත්‍ය සරත් ෆොන්සේකා පවසනවා.දේශය පුවත්පත වෙත සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව පවසා ඇත.

(උපුටා ගැනීම )

ඔබ මැයි 1 වැනිදා කැම්බල් පිටියේදී කිව්වා මහින්ද රාජපක්ෂව සාටකයෙන් එල්ලන්න ඕන පණ යනකල් කියලා. ඇයි එහෙම කිව්වේ?

පණ යනකන් කිව්වේ නෑ. මට මතක නෑ මොකක් නිසාද කිව්වේ කියලා. මම කිව්වේ කකුල් දෙකෙන් එල්ලලා තියන්න ඕන කියලා.

නමුත් ඔබ හුස්ම යනකන් කියන වචන භාවිත කරනවා වීඩීයෝවල තියෙනවා?

නෑ… නෑ… හුස්ම යනකන් කිව්වේ නෑ. ඒක වෙන්ඩ බෑ. කකුල් දෙකෙන් කිව්වේ.

මොකක්ද මේ රාජපක්ෂලා එක්ක තියෙන ඉවරයක් වෙන්නේ නැති වෛරය?

එයා කරපු වැඩ, ප්‍රකාශ දැන් කරන ඒවා අනුව මට හිතෙනවා ඔහු අනිවාර්යෙන්ම දඬුවම් ලැබිය යුතු පුද්ගලයෙක්. එල්.ටී.ටී.ඊට මිලියන ගණන් දුන්නා. එයාගේ මල්ලි බැසිල් රාජපක්ෂ මට කිව්වේ. විදෙස් රටකින් හම්බුණ ඩොලර් මිලියන 02ක් එහෙමම ප්‍රභාකරන්ට දුන්නා කියලා දෙමළ ජනතාවගේ ඡන්ද දාන්න කියලා. ඒවා අනිවාර්යෙන් දැඩි දඬුවම් දියයුතු වරදවල්. කකුල් දෙකෙන් එල්ලලා තියෙනවා කියන එක නීති පොතේ නෑනේ. ඒවා තියෙන්නේ සිංහල රජකාලේ නීති. මම විශ්වාස කරනවා සිංහල රජ දවසේ දඬුවම් තමයි ලැබිය යුත්තේ කියලා. සමහර අය කියන්න් මඩුවලිගෙන් තලන්න ඕන කියලා. පුවක් ගහේ බඳින්න ඕන කියනවා.

(උපුටා ගැනීම අවසන් )

නමුත් සරත් ෆොන්සේකා විසින් පසුගිය මැයි 01 දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සාටකයෙන් එල්ලා තැබිය යුතු යැයි ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂ වේදිකාවේදී ප්‍රකාශ කල අයුරු දැක්වෙන විඩියෝව …

Check Also

ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි වෙසක් අප්‍රේල් වලමයි-තීරණය කරන්න මට බලයක් නෑ -ඇමති කියයි

පටු දේශපාලන අරමුණු ඇති පිරිස වෙසක් පෝය දිනය සම්බන්ධයෙන් රජයට චෝදනා කරන බව ස්වදේශ කටයුතු ...