Home / Featured / මහින්ද ගඩාෆිගෙන් ණයට සල්ලි අරන් …පෞද්ගලික ගිණුමකට බැර කරලා …බැසිල් ,ගෝඨාට වෙන්න ඕන දේ ගැන මංගල හරියටම කියයි

මහින්ද ගඩාෆිගෙන් ණයට සල්ලි අරන් …පෞද්ගලික ගිණුමකට බැර කරලා …බැසිල් ,ගෝඨාට වෙන්න ඕන දේ ගැන මංගල හරියටම කියයි

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති විසින් ලිබියාවේ හිටපු ජනාධිපති මුවම්මර් ගඩාෆිගෙනන් ඩොලර් විශාල ප‍්‍රමාණයක් ණය මුදලක් වශයෙන් ලබාගෙන එය වංචා කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පවසනවා.එම මුදල් රාජපක්‍ෂ පවුලේ අයෙකුගේ ගිණුමකට දමා ඇති බවත් එය ඉදිරියේදී හෙලි කරන බවත් ඇමතිවරයා කියා සිටියේ මාතරදී පැවති එජාප පාක්‍ෂික හමුවක් අමතමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

ලිබියාවට ගිහිල්ලා ගඩාෆි මහත්තයාව ඉම්බා.ඉබලා අවුරුද්දක් යන්න කලින් ගඩාෆි සුන් වුණා.ගඩාෆිටත් වැඩක් දීලා තියනවා.ගඩාෆිගෙන් ලංකාවට ණයක් අරගෙන .ඒ ණය ගිහිල්ලා තියෙන්නේ පුද්ගලික කෙනෙකුගේ ගිණුමකට.මම එච්චරයි කියන්නේ.මෙන්න මේ විදියට මුළු ලෝකයම පිළිකුල් කරපු අයින් කරපු මුළු ලෝකයම චොර කරපු නායකයෙක් නිසා ලංකාවේ අපිත් මිනී කනනන්ගේ දේශයක් බවට ලේබල් ගැහුණා.

2015 අපි භාර ගන්නකොට මහින්ද රාජපක්ෂ සහ ඒ තක්කඩි හවුල අපට උරුම මහා කලා කදු තුනක්.එකක් තමා මිනී කන්ද . ජන මාධ්‍යවේදීන් මරලා , මානව අයිති වේදීන් මරලා ,ත්‍රස්තවාදීන්ගේ මුවාවෙන් අහිංසක දෙමළ සහ මුස්ලිම් මිනිස්සු මරලා මිනී කන්දක් ගොඩ ගැසුවා.ඒ රට තමා අද අපි භාර ගත්තේ.ඒවගේම මහා ණය කන්දක් භාර ගන්න වුණා.පරම්පරා විශාල ප්‍රමාණයක් බද්දට දීලා අපේම යම් යම් කොටස් වෙන රටවල සින්නක්කරව දීලා ,කෝටි ප්‍රකෝටි ගණන්වල එම ණය කන්ද අපිට උරුම වුණා.

තුන් වෙනි එක තමා එදා අපි දැකපු මහා කුණු කන්ද.මීතොටමුල්ල කුණු කන්ද සංඛ්‍යාතයක් විතරයි.මුළු රටම ජරා ජීර්ණ වෙලා තිබුණේ.

දැන් මොකක්ද මාතෘකාව.මහින්දගේ මැයි දිනය.ඒක බොහෝම සාර්ථක මැයි දිනයක්.විශාල සෙනගක් ආවා.නමුත් ඒ වගේම අති සාර්ථක මැයි දිනයක් අපි පැවැත්වූවා.මැයි දිනයට වඩා අපිට වැදගත් වෙන්නේ ඡන්ද දිනය.ඡන්ද දිනයේදී අපි මොණවාද කරන්නේ කියලා වැදගත් ලෝකයට එක අවුරුද්දක් තිස්සේ දෙසරයක් පෙන්නුවා.මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමයි ,අපියි ,ශ්‍රිලනිපයයි එක්සත් ජාතික පක්ෂයයි එකතු වුණා නම් ,ගෝල්ෆේස් වගේ පිට්ටනි 5ක් පුරවන්න තිබුණා.ගිය සතියේ බැසිල් රාජපක්ෂ කියනවා මම ඇමරිකාවේ පුරවැසියෙක්.මගේ දූ දරුවෝ ඉන්නේ ඇමරිකාවේ.මම කවදාහරි එහෙට යනවා කිව්වා කියලා .එතකොට ගෝඨාබය රාජපක්ෂත් ඇමරිකන් පුරවැසියෙක්.ඒ දෙන්නාම ඇමරිකන් පාස්පෝර්ට් කාරයෝ.දැන් ගීතාට වෙච්ච දේ දැක්කානේ .මේ දෙන්නාටම ඡන්දයක් ඉල්ලන්න බෑ.

Check Also

මහින්දගේ කඩේ විජේදාස අරී…-ගොම්බෙට්ට විජයදාසද? රනිල්ද?

නීතිඥ ලක්ෂාන් ඩයස් අලුත් පාර්ලිමේන්තුවේදි කල අනාවරණය පදනම් කරගෙන අමාත්‍ය විජේදාස රාජපක්ෂ ලක්ෂාන් ඩයස් සම්බන්දයෙන් ...