Home / Featured / බුද්ධි අංශ වාර්තා තහවුරුයි … මහින්දගේ ආරක්ෂාව අඩු කල යුතුමයි … කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි …අවසානය මහින්දගේ ජිවිතයද ?

බුද්ධි අංශ වාර්තා තහවුරුයි … මහින්දගේ ආරක්ෂාව අඩු කල යුතුමයි … කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි …අවසානය මහින්දගේ ජිවිතයද ?

රාජ්‍ය බුද්ධි අංශ වලින් ලබා ගත් තොරතුරු වලට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව ඉවත් කල බව , ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පවසනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන ,

“රාජ්‍ය බුද්ධි අංශ තොරතුරු අනුව වාර්තා වී ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාවට තර්ජනයක්‌ නැති බවයි. ඒ අනුව තමයි දැනට සිටින ආරක්‍ෂක නිලධාරීන් විශාල සංඛ්‍යාවෙන් 42 ක්‌ අඩු කළේ. එහෙම නැතිව මැයි රැලියට ගෝල්ෆේස් ‌ ආපු සෙනඟ දැකලා නොවෙයි. ඒ වගේ තීන්දු තීරණ ගන්න තරම් වත්මන් ආණ්‌ඩුව පහළට වැටිලා නැහැ”

කෙසේ වෙතත් ඊයේ දිනය වන විට හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට සිටී පොලිස් කොස්තාපල්වරුන් 50 ක්  ඉවත් කර තිබුණා. ඒ අතරට පොලිස් පරීක්ෂකවරු තිදෙනෙකු, උප පොලිස් පරීක්ෂකවරු පස් දෙනෙකු හා කාන්තා පොලිස් කොස්තාපල්වරියන් තිදෙනෙකු ද ඇතුළත්. සෙසු 39 දෙනා පොලිස් කොස්තාපල්වරුන්.මීට දින ගණනාවකට ඉහතදීද හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට සිටී නිළධාරින් 42 ක් ඉවත් කල අතර මේ වන විට ඔහුගේ ආරක්ෂකයින් 92 ක් ඉවත් කිරීමට රජය කටයුතු කර ඇත. 

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් දිගින් දිගටම චෝදනා කරන්නේ ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදය නැති කල මේ ආකාරයේ නායකයෙකුට ඇති ආරක්ෂාව ඉවත් කිරීමට තරම් වත්මන් හවුල් ආණ්ඩුව බංකොළොත්වී ඇති බවයි.මේ අවධානමකට ලක් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ ජිවීතය බවත් මේ හරහා ඔහුගේ ජිවීතයට යම් හානියක් සිදු වුවහොත් එහි වගකීම වත්මන් ආණ්ඩුව භාර ගත යුතු බවට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරුන් සදහන් කරනවා.මහින්ද රාජපක්ෂට එරෙහිව සැලසුම්සහගත කුමන්ත්‍රණයක් සිදුවන බවයි ඔවුන් පෙන්වා දුන්නේ. 

 

Check Also

රටම මහා ආපදාවේ …රට එකම සුන් ගොඩක් වෙද්දී … අගමැති රනිල් පුද්ගලික සංචාරයක් සදහා රට පනී …

පෞද්ගලික සංචාරයක් සදහා අගමැති රනිල් වික්‍රමසිංහ ඇමරිකා එක්සත් ජනපදය වෙත පිටව ගොස් තිබෙනවා. සති දෙකක ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *