Home / විශේෂාංග / සුන්දර පියයුරු යුගලක්…. වෙනුවෙන් සෑදෙන Bra Pad -අන්තවාදීන්ගේ ව්‍යාපෘතියක් කිරිමේ කලාව!

සුන්දර පියයුරු යුගලක්…. වෙනුවෙන් සෑදෙන Bra Pad -අන්තවාදීන්ගේ ව්‍යාපෘතියක් කිරිමේ කලාව!

සිංහල ජාතිය ලෝකයෙන් තුරන් කිරීමේ සැලසුමක් …තිසරපට ඇතුළේ සැගවුණු පෙති සහ ජෙල් පැකැට් …අන්තවාදීන්ගේ ව්‍යාපෘතියක් !….මේ වගේ කතා නිරන්තර අපි අහනවා…ඒ වගේම ඒ අකාරයේ ප්‍රවෘත්ති වලට ලැබෙන ප්‍රචාරයත් සැහෙන්න වැඩි….

සුන්දර පියයුරු යුගලක්….

කාන්තාවන්ගේ සිහින අතරේ ඉහලින්ම තියෙන සිහිනයක් තමයි සුන්දර පියයුරු යුගලක් තිබිම.එය කාන්තාවන් මෙන්ම පිරිමින්ද හොදින්ම දන්නා කරුණක් නමුත් ඇත්තටම හැමෝටම ඒ අකාරයේ පියයුරු යුගලක් පිහිටන්නේ නෑ. එහෙම පිහිටියත් හැමෝම එකෙන් සැහිමකට පත්වෙන්නේත් නෑ.එක තමා ඇත්තම කාරණය.

සුන්දර පියයුරු යුගලක් කෘතීමව නිර්මාණය කිරිම…

ඉතිහාසයේ පටන් කාන්තාවන් සුන්දර පියයුරු යුගලක්…. නිර්මාණය කර ගැනිම සදහා විවිධ ක්‍රමවේදයන් පාවිච්චි කළා.ආයුර්වේදයේද ඒ අකාරයේ ක්‍රමවේදයන් රැසක් තිබේනවා.ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයත් ඊට නොදෙවෙනි ප්‍රතිකාර තිබෙනවා පමණක් නොවේ ඒවා අයුර්වෙද තරම් කාලයක් ගත නොකර ලබාගත හැකි බව අමුතුවෙන් කියාදිය යුතු නෑ.

සුන්දර පියයුරු යුගලක් හදා ගන්න විදිය අපි කතා කරනේ නෑ.මේ අන්තර්ජාලයේ සැරිසරන ඔනේම කෙනෙක් ඒ පිලිබඳ විවිධ පුවත් දැක ඇතුවාට කිසිම සැකයක් නෑ.සමාන්‍යයෙන් ලංකාවේ ගොසිප් ආකරයේ වෙබ් අඩවි වල ඒ සම්බන්ධයෙන් පුවත් දෛනිකව පලවන බව නොරහසකි.

දැන් එක දිගට ප්‍රචාරයක් ගෙනියනවා තිසරපට අස්සට වඳවෙන්න ජෙල් වගයක්, පෙති වගයක් දාලා අන්තවාදී කණ්ඩායම් සිංහල ගෑනුන්ට වඳ වෙන්න දීලාලු….

නමුත් ඇත්තටම මේ මොනවාද?ඇයි ඒ වගේ පෙති හෝ ජෙල් පැකැට් තැන්පත් කරන්නේ…ඇත්තටම ඒවා පෙතිද?ජෙල්ද?කවුරුවත් ඒ ගැන මොහොතකට හෝ කල්පනා කලාද?

නමුත් ඇත්තටම මොනවාද මේ …

සුන්දර පියයුරු යුගලක් තාවකාලික හදා ගන්න ලේසිම ක්‍රමය කාන්තාවන් භාවිතා කරන්නේ තිසරපට නැත්නම් Bra එක.ඒ කොහොමද කියලා මේ කතාවේ කියලා දෙන්න යන්නේ නෑ.

පහත රූපය බලන්න ඒ චිනයේ නිෂ්පාදනයක්.Liquid Bra Pad තිසරපට නිෂ්පාදකයන් සදහා එය නිර්මාණය කර තිබේන අතර එම Bra Pad දෙකක් ඩොලර් 0.5කට අලෙවි කරන අතර අවම ඇනවුම යුගල් 3000ක් බවද සදහන් කර තිබේ.

 

එහි ඇති ඡායාරූපය නිරන්තරයෙන් සමාජ ජාලාවල දිකින්නට තිබේන එකක් අන අතර ඒ හරහා සමාජ මතය නිර්මාණක කිරිමට හදන්නේ “තිසරපට අස්සට වඳවෙන්න ජෙල් වගයක්, පෙති වගයක් දාලා ” යනුවෙනි.

එම නිෂ්පාදනය ලෝකය පුරා තිසරපට නැත්නම් Bra මහන කණ්ඩායම් මිලදි ගන්නා අතර පහත රූපයට අනුව එහි අඩංගු වන්නේ මොනවාද යන්න දැන ගැනිමට හැකිය.එම pad එක හරහා පියයුරු යුගල (Prevent Drooping and Expanding) ඒ කියන්නේ එල්ලා වැටෙන වැළැක්වීම හා පුළුල් කිරීම කිරිමට හැකියාව තියෙනවා. ඒ එහි අඩංගු රසායන ද්‍රවය නිසා නොවේ පියරුවට ලබාදෙන තෙරපුම හරහායි.එපමණක් නොවේ පියයුරු යුගයේ ආකර්ශනීය භාවය මේ හරහා වැඩි කරනවා.මේ අකාරයට ජෙල් වර්ග පමණක් නොවේ හුලං පුරවා සාදන ලද pad ද තිබේන බව මතක තබා ගන්න 

වැඩි විස්තර පහත LINK එක හරහා දැනගන්නට පුලුවන් ……..  http://www.made-in-china.com/showroom/elerfzq/product-detailESvmkGJUuQVq/China-Liquid-Bra-Pad-B96-.html

ඒ එක අකාරයක් පමණි තවත් ආකාර රැසක්ම තියෙනවා.නාගරික ඉහල පාන්තික කාන්තාවන්ට මේ දේවල් අලුත් දේවල් නොවේ. නමුත් සමාන්‍ය රෙදිපිලි කඩයකින් කොකටත් තෛලය ලෙස Bra එකක් මිලදි ගන්නා අයට නම් මෙය අලුත් දෙයක් වනු ඇත.සුන්දර පියයුරු යුගලක්….සදහා පමණක් නොවේ ශරිරයේ අනිකුත් ස්ථාන ලස්සන ලෙස නිර්මාණය කර ගැනිම සදහාත් විවිධ නිෂ්පාදනයන් තියෙනවා එවා කාන්තා/පිරිමි කියා වෙනසකින් තොරව මිලදි ගන්නටත් පුලුවන්.

පහත විඩියෝව නරඹන්න ………….

අපි ආසන්නතම ගැටුම ගමු…..

2017 මැයි මස 12 වැනි දින ලංකාදීප පුවත් පතේ මුල් පිටුවේ මීතොටමුල්ලේ දැරියන්ට බෙදු තිසරපට ඇතුළේ පෙති සහ ජෙල් පැකැට් තිබු බවට වාර්තාවක් පළවෙන ලදි. එම වාර්තාවේ සදහන් වන පරිදි යෞවනියන් සඳහා මෙම ඇඳුම් ලබා දීමට කිසියම් පිරිසක් කටයුතු කර ඇති බවය….

මීතොටමුල්ලේ ජනතාව මුහුණ් දුන් ඛේදවාචකය සමග විවිධ වර්ගයේ දේවල් මෙ මිනිසුන්ට ලැබුනා…බොහෝවිට ලැබුනේ කෑම-බිම ඇදුම්…නමුත් කාන්තාවගේ අවශ්‍යතාවයන් හදුනාගෙන ඊට අදාළව යමක් ලබාදෙන්නට ඉදිරිපත් වු අය හිටියේ බොහොම අඩුවෙන් ඒ අතර තුර මීතොටමුල්ලේ දැරියන්ට බෙදු තිසරපටය ඇතුලේ මේ දේවල් අඩංගු වි තිබිම අපේ රටේ මාතෘකාව වුනා.

මීතොටමුල්ලේ හෝ වෙනත් ප්‍රදේශයක ජිවත් වන සමාන්‍ය කාන්තාවකට මේ Liquid Bra Pad සහිත තිසරපටය අලුත් දෙයක් වන්නට ඇති.නමුත් වගකිමක් සහිතව වාර්තාකරණයේ යෙදෙන මාධ්‍ය හා මාධ්‍යවේදීන් මීට වඩා මේ ගැන කල්පනාකාරීව කටයුතු කලයුතුය. අනිත් අතර මේ සම්බන්ධයෙන් පැමිණි ඔනතරම් පොලීසි වලට ලැබී තිබේන්නට පුලුවන් ඒ සම්බන්ධයෙන් පරික්ෂණ කර මාධ්‍ය හරහා එයටද පුලුල් ප්‍රතිචාරයක් ලබාදිමට ඔහුන්ද කටයුතු කල යුතුය.

එසේ නොවුන හොත් කාන්තාවන්ගේ සුන්දර සිරුර තවත් සුන්දර කිරිම සදහා ලෝකය නිෂ්පාදනය කරන දේවල් වලින් අපි ජාතිවාදීන් ලෙස විවිධ කණ්ඩායම් වලට චොදන කරගනිමින් එය ගැටුමක් දක්වා වර්ධනය කර ගන්නා දිනය වැඩි ඇතක නැත.

Check Also

සංචාරකයෝ යන තැන වනසති … අලගල්ල කදුවැටිය අවධානමේ …තවත් පරිසර සංහාරයක්… පරිසර සංවිධාන ආනාවරණයක් !

  ඓතිහාසික හා පාරිසරික වශයෙන් ඉහළ වැදගත්කමක් සහිත අලගල්ල කදුවැටියේ සුන්දරත්වය අනිසි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *