Home / දවසේ පුවත / බෞද්ධයා මාධ්‍ය ජාලයට දස වසරක්-දින 5 ක් පුරා පැවැති ශ්‍රී සම්බෝධි වෙසක් කලාපය

බෞද්ධයා මාධ්‍ය ජාලයට දස වසරක්-දින 5 ක් පුරා පැවැති ශ්‍රී සම්බෝධි වෙසක් කලාපය

බෞද්ධයා මාධ්‍ය ජාලයට දස වසරක් පිරීම නිමිත්තෙන් ශ්‍රී සම්බෝධි මහා විහාරයේදී දින 5 ක් පුරා ශ්‍රී සම්බෝධි වෙසක් කලාපය පැවැත්විණ.

ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලයේ ගරු සභාපති ශාස්ත්‍රපති පණ්ඩිත පුජනීය දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ශ්‍රී සම්බෝධි වෙසක් කලාපය පැවැත්වුහ. රටදැය සමය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් උදාර මෙහෙයක් ඉටුකළ ගිහි පැවිදි විරුවන් හා උතුමන් වෙනුවෙන් ශ්‍රී සම්බෝධි වෙසක් කලාපයේ ප්‍රදර්ශනකුටි නිර්මාණය විය. විදේශ රටවල් ගණනාවක් නියෝජනය කරමින් තානාපති කාර්යාලද ප්‍රදර්ශන කුටි සකසා තිබිණ. ඒ අතර ඉන්දියාව ජපානය චීනය ඉන්දුනීසියාව මියන්මාරය හා රුසියාවද ඇතුළු රටවල් ගනානාවක් එක්විය.

ආගමික සංහිදියාව මනාව ප්‍රදර්ශනයවූ මෙම ශ්‍රී සම්බෝධි වෙසක් කලාපයේ ඇති උතුම් පාප් වහන්සේ නියෝජනය කරමින් වතිකානු රාජ්‍යද ශ්‍රී සම්බෝධි වෙසක් කලාපයට එක්වීම සුවිශේෂත්වයක් විය. කොලබ ආනන්ද විද්‍යාලය නාලන්ද විද්‍යාලය මියුසියස් බාලිකා විද්‍යාලය ගාල්ල මහින්ද විද්‍යාලය මෙන්ම කොලබ ඩී.එස්. සේනානායක විද්‍යාලයද ජාතික මෙහෙවරට උරදුන් විරුවන් සිහි කරමින් ප්‍රදර්ශන කුටි එක්කර තිබිණ. පසුගිය 09 වනදා ආරම්භ වූ වෙසක් කලාපයේ ආරම්භක උත්සවය ජනාධිපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

ශ්‍රී සම්බෝධි මහා සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කෙරුණේද , ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ පුස්තකාලය විවෘත කෙරුණේද ජනාධිපති වරයාගේ සුරතිනි. වෙසක් කලාපයේ විදුලි ආලෝක පුජාවටද වෙසක් කලාපයේ නිරීක්ෂණ චාරිකාවකද ජනාධිපති වරයා නිරතවිය. මෙම අවස්තාවට අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් අගරදගුරු තුමන්ද දේශීය විදේශීය ආගමික නායකයින්ද. දේශපාලනඥයින්ද එක්ව සිටියහ. ශ්‍රී සම්බෝධි මහා විහාර දායක සභාවේ අනුග්‍රහයෙන් පවතී මහා බත් දන්සල සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රම දායකත්වය සැපයීය.

උදෑසන කිරි ආහාර පුජාව සදහා හිටපු ජනාධිපති මහිද රාජපක්ෂ ද එක්විය. පන්ලක්ෂ දොළොස් දහස් විසි අට නමක් විෂයෙහි පිළිගැන්වූ කිරි ආහාර බුද්ධ පුජාව ප්‍රවීන සුපවේදී පබිලිස් සිල්වා විසින් සකසන ලදී. ජැක්සන් ඇන්තනී මහතා පරමුක කලාකරුවන් රැසක්ද මෙම පුණ්‍ය මහෝත්සවය සදහා සහභාගී විය. එක්සත්ජාතීන්ගේ වෙසක් දින සැමරුමත් අලලා ශ්‍රී සම්බෝධි විහායේ 07 වන වෙසක් මහා පෙරහැර ඊයේ රාත්‍රී වීදි සංචාරය කෙරිණි.සදාතුක කරඩුව හස්ති රාජ්‍ය මත තැම්පත් කෙරුණේද බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂගේ සුරතිනි. මෙම අවස්ථාවට අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් අගරදගුරු තුමන්ද සහභාගේ වූ අතර ඇති උතුම් පාප් වහන්සේගේ විශේෂ වෙසක් පණිවුඩය ද මෙහිදී ඉදිරිපත් කෙරිණි. දේශීය විදේශීය ආගමික නායකයින් රැසකගේත් විදේශීය නියෝජිතයින් රැසකගේත් සහභාගීත්වයෙන් පවතී ශ්‍රී සම්බෝධි වෙසක් කලාපය ට අති විශාල ජනතාවක් වෙසක් කලාපය නැරබීම සදහා පැමිණියහ.

ඡායාරූප – ඕෂද කුලරත්න. ​

විශාල කර බැලිම සදහා ඡායාරූපය මත Click කරන්න

Check Also

පාර්ලිමේන්තුවත්, අධිකරණයත් රටේ බහුතර ජනතාවගෙන් සගවා නීති සෑදීම ද නීතියේ පාලනයට ඇතුළත් ද?

නීතිය නො දැනීම සමාවට කරුණක් නොවන හෙයින් නීති සෑදීම කරණු ලබන්නේ රටක ජනතාවට කියවා තේරුම්ගත ...