Home / Featured / මුල්ලිවායික්කාල් සැමරුම් මහා ඉහළින් …රජයේ ප්‍රකාශ මායිමකට නොතකමින් …ත්‍රිවිධ හමුදාවටම නිගා කරයි

මුල්ලිවායික්කාල් සැමරුම් මහා ඉහළින් …රජයේ ප්‍රකාශ මායිමකට නොතකමින් …ත්‍රිවිධ හමුදාවටම නිගා කරයි

වත්මන් යහපාලන ආණ්ඩුවෙන්ද දෙමළ ජනතාවට සාධාරණය ඉටු වෙතැයි විශ්වාස කල නොහැකි බව , දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් පවසා තිබෙනවා.

මුල්ලිවායික්කාල් අනුස්මරණ සතියේ 04 වන දිනය වන 2017.05.15 වන දින ඩෙල්ෆ්හි පැවැති කුමුදුනි නෞකාවේදී ඝාතනය කල දෙමළ ජනතාවගේ අනුස්මරණ වැඩසටහනට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වා ඇති ශ්‍රිධරන් මන්ත්‍රිවරයා ,

“දෙමළ ජනතාවට එරෙහිව කල සෑම ඝාතනයක්ම ඉතිහාසයේ සටහන් වී ඇත. දෙමළ ජනතාව තම අයිතීන් ඉල්ලීම හේතුවෙන්, ඔවුන්ව ඝාතනය කර ඇත. කොක්කඩිචෝලෙයි, මාමාංගම්, වාකරේ, කුමාරපුරම්, නවාලි, නාගර්කෝවිල් සහ කුමුදුනි යනාදි ඝාතන, දෙමළ ජනතාවගේ ඉල්ලීම් සහ ඔවුන්ගේ පැවැත්ම විනාශ කිරීමේ අරමුණින් සිදුකර ඇත.

මෙවැනි ඝාතන සිදුකලත්, දෙමළ ජනතාව තම සටන අඛණ්ඩව සිදුකරමින් සිටියි. එම ඝාතන වෙනුවෙන් යුක්තිය ඉල්ලමින් සිටියි. නමුත්, ඔවුන් සඳහා වන යුක්තිය හෝ විසදුමක් ලබාදීමට දකුණේ කිසිදු රජයක් සූදානම් නොමැත. යහපාලන රජයක් බව ප්‍රකාශ කරන වත්මන් රජය, තමන් යහපත් පුද්ගලයින් බව පෙන්වීමට උත්සාහ කරනවා මිසෙක, ලබාදුන් පොරොන්දුවලට අනුව දෙමළ ජනතාව සඳහා වන විසදුමක් ලබාදීමට කිසිදු ක්‍රියාමාර්ගයක් මේ දක්වා ගෙන නොමැත.

ඒ අතරම, උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි සිංහල ජනතාව නොමැති ප්‍රදේශවල පවා වෙසක් උත්සව පවත්වා ඇත. එහි සංවිධාන කටයුතු හමුදාව විසින් සිදුකර ඇත. මෙමගින් හමුදාවේ පාලනය තුල දෙමළ ජනතාව සිටින බව අනාවරණය වී ඇත. එය ආක්‍රමණය කිරීම සඳහා සිදුකරන යුද්ධයකි. මෙමගින් අපගේ සදාචාරය සහ සංස්කෘතිය විනාශ කරමින් සිටින බව අපට දැකගැනීමට ඇත්තෙමු.

දෙමළ ජනතාව විශාල පිරිසක් ඝාතනය කල හමුදාව විසින් සමරන ලද වෙසක් දින උත්සවයට දෙමළ ජනතාව සහභාගිවී ඇත. එමගින්, දෙමළ ජනතාව සංහිදියාව අනාවරණය කර ඇත. නමුත්, යහපාලන රජය මේ ආකාරයෙන් සංහිදියාව අනාවරණය කිරීමට සූදානම් නොමැත. අප සඳහා වන විසදුම ලබාදීමට සූදානම් නොමැත. “

කොටි තහනම නොතකා ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම්, උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි සසිදරන් ඇතුළු පිරිසක්‌ මුල්ලිවයික්‌කාල්හිදී පහන් දල්වමින් කොටි සැමරුම ආරම්භ කර ඇත.

පසුගිය දින පූරාවටම එය පැවති අතර ලබන 18 දක්වා එම සැමරුම් උත්සව පැවැත්වෙනවා.

සිවාජලිංගම්ගේ මේ ක්‍රියාකලාපය රජයේ අමාත්‍යවරුන්ගේ දැඩි විවේචනයට ලක්වී ඇති නමුත් සිවාජලිංගම් ඇතුළු පිරිස රජයේ ප්‍රකාශ තඹ සතයකට මායිම් නොකරමින් මහා ඉහළින් කොටි සැමරුම් පවත්වමින් සිටින්නේ ත්‍රිවිධ හමුදාවම මහා බරපතල අපරාධකරුවන් ලෙස හංවඩු ගසමින්.

 

 

Check Also

රටම මහා ආපදාවේ …රට එකම සුන් ගොඩක් වෙද්දී … අගමැති රනිල් පුද්ගලික සංචාරයක් සදහා රට පනී …

පෞද්ගලික සංචාරයක් සදහා අගමැති රනිල් වික්‍රමසිංහ ඇමරිකා එක්සත් ජනපදය වෙත පිටව ගොස් තිබෙනවා. සති දෙකක ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *