Home / Featured / කොටි තහනම තඹ දොහිතුවකට මායිම් නොකරති …පහන් දල්වා …රැස්වීම් පවත්වා කොටි සමරයි -පොලිසියත් සීරුවෙන්

කොටි තහනම තඹ දොහිතුවකට මායිම් නොකරති …පහන් දල්වා …රැස්වීම් පවත්වා කොටි සමරයි -පොලිසියත් සීරුවෙන්

කොටි තහනම නොතකමින් උතුරු පළාත තුළ කොටි සැමරුම් පැවැත්වීමට සංවිධානාත්මකව පිරිස් උත්සහ දරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.මේ හේතුවෙන් උතුරු පළාතට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට කටයුතු කර ඇති බවද දැන ගන්නට ලැබෙනවා.

පසුගියදා උතුරු පළාත් සභා මන්ත්‍රි සිවාජලිංගම් විසින් යුද්ධයේදී මිය ගිය දෙමළ වැසියන් අනුස්මරණය කිරීම සදහා ජන සංහාර සතියක් ප්‍රකාශයට පත් කළා.එහි අවසාන දිනය හෙට (18) වන අතර විවිධ පිරිස් විසින් උතුර -නැගෙනහිර ප්‍රදේශවල විවිධ රාජ්‍ය විරෝධි පෙළපාලි සහ රැස්වීම් හෙට දිනයේදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති බව දැන ගන්නට ලැබෙනවා.

පොලිසිය සදහන් කලේ සාමය කඩවන අයුරින් කටයුතු කිරීම සදහා කිසිවෙකුටත් ඉඩ ලබා නොදෙන බවයි.ඒ අනුව හෙට දිනයේදී උතුර -නැගෙනහිර පළාත් සදහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට කටයුතු යොදා ඇත.

අසරණ දෙමළ ජනතාව මුළා කරමින් මෙම සැමරුම් උත්සව සදහා දෙමළ ජනතාව රැස් කර ගැනීම සදහා පිරිස් කටයුතු කරමින් සිටින බවටද තොරතුරු වාර්තා වෙනවා.

Check Also

රටම මහා ආපදාවේ …රට එකම සුන් ගොඩක් වෙද්දී … අගමැති රනිල් පුද්ගලික සංචාරයක් සදහා රට පනී …

පෞද්ගලික සංචාරයක් සදහා අගමැති රනිල් වික්‍රමසිංහ ඇමරිකා එක්සත් ජනපදය වෙත පිටව ගොස් තිබෙනවා. සති දෙකක ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *