Home / Featured / ත්‍රස්තවාදය පරාජය කල වරදට …මහින්දගේ රුව තනමින්,සෙරප්පුවෙන් පවා පහරදී පුළුස්සා දමති …

ත්‍රස්තවාදය පරාජය කල වරදට …මහින්දගේ රුව තනමින්,සෙරප්පුවෙන් පවා පහරදී පුළුස්සා දමති …

බෙදුම්වාදී සංවිධාන හා ත්‍රස්තවාදී සාමාජිකයන් සැමරීම නීතියෙන් තහනම්වී තිබියදී උතුරු පළාතේ ස්ථාන කිහිපයකම කොටි සැමරුම් පවත්වා ඇති බව දැන ගන්නට ලැබෙනවා.

ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම්, උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි සසිදරන් ඇතුළු පිරිසක්‌ මුල්ලිවයික්‌කාල්හිදී පහන් දල්වමින් කොටි සැමරුම ආරම්භ කර ඇති අතර පසුගිය දින පූරාවටම එය පැවති අතර එම සැමරුම් උත්සව හෙට (18) දිනයෙන් අවසන් වීමට නියමිතයි.යුද්ධයේදී අසරණ දෙමළ ජනතාව මිය ගිය බව පවසමින් දෙමළ ජනතාවද මුළා කර කොටි සැමරුම් පැවැත්වීමට මේ පිරිස කටයුතු කර ඇති බව දැන ගන්නට ලැබෙනවා.

මේ අතර බෙදුම්වාදීන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රුවට නිගා කරමින් ,පුළුස්සන විඩීයෝවක්ද අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතී.හිටපු ජනාධිපතිවරයාගේ රුව තනමින් ඔහුට සෙරප්පුවෙන් පවා ඉතා පහත් අන්දමින් පහර දෙන ආකාරයක් එහි දක්නට ලැබෙනවා .අදාළ විඩියෝව කවර ප්‍රදේශයක,කවර දිනයක සිදුවුවක්ද යන්න තහවුරු වි නෑ.

Check Also

රටම මහා ආපදාවේ …රට එකම සුන් ගොඩක් වෙද්දී … අගමැති රනිල් පුද්ගලික සංචාරයක් සදහා රට පනී …

පෞද්ගලික සංචාරයක් සදහා අගමැති රනිල් වික්‍රමසිංහ ඇමරිකා එක්සත් ජනපදය වෙත පිටව ගොස් තිබෙනවා. සති දෙකක ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *