Home / Featured / සුජීව අගමැතිට බැන්නේ කුණුහරුපෙන් …දැන් ඇමති පට්ටම් ඉල්ලනවා මටත් ඇමතිකමක් ඕනෑ …අපිත් කැපකිරීම් කළා … සුජීවට එහා මරික්කාර් …සුජීවගේ පට්ටන්දරයම දිග හරී

සුජීව අගමැතිට බැන්නේ කුණුහරුපෙන් …දැන් ඇමති පට්ටම් ඉල්ලනවා මටත් ඇමතිකමක් ඕනෑ …අපිත් කැපකිරීම් කළා … සුජීවට එහා මරික්කාර් …සුජීවගේ පට්ටන්දරයම දිග හරී

පක්ෂයේ ප්‍රශ්න තිබුනා කියලා උඩ බලාගෙන කෙළ ගහලා හරි යන්නේ නෑ’ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ “සැමට සෙවණ” ජාතික වැඩසටහන යටතේ කොළොන්නාව මැතිවරණ ආසනයේ අඩුඅදායම්ලාභී පවුල් දහසක් (1000) සදහා මුදලින් රුපියල් මිලියන 250 (කෝටි 25) ක් වටිනා නිවාස ණය ලබා දීමේ වැඩසටහනේ මූලික අදියර ආරම්භ කිරීමේ උත්සවයකට සහභාගී වෙමින්ය.

සුජීව සේනසිංහ මැතිතුමා විතරක් නෙමෙයි මේ ආණ්ඩුව පිහිටවන්න දායක වුණේ එතුමා දායක වුණේ නැහැයි කියනවා නෙමෙයි එතුමත් දායක වුණා. අපිත් ජීවිත පරදුවට තියල තමයි මේ ආණ්ඩුව පිහිටෙව්වේ ඉතා පැහැදිලිව කියන්න ඕන කඩුවෙල ආසනේ ගිය ජනාධිපතිවරණය සහ මැතිවරණය දින්නෙත් නෑ. හැබැයි අපි කොළොන්නාව දින්නා. චෝදනා නගන උදවිය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාට ඒ කාලෙ තැන් තැන් වල කුණුහරුපෙන් බැණගෙන යද්දී, බස්නාහිර පළාත් සභා මැතිවරණ වෙනුවෙන් බොහෝ ආසන වල පක්ෂයේ රැස්වීම ටික කරන්න උනේ මට. අපි එහෙම කරලා බස්නාහිර පළාතෙන්ම මම පළවෙනියාට වැඩිම මනාප ගත්තා. ජනාධිපතිවරණෙදි ආණ්ඩුව දිනෙව්වා, මහ මැතිවරණෙදි කොළොන්නාව දිනෙව්වා. පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත‍්‍රික්කයේ නවකයෝ අතරේ වැඩිම මනාප ගත්තේ මම. එහෙනම් අපිත් ඉල්ලන්න ඕනනේ. අඩුම ගානෙ මට කොළඹ දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිකමවත් හම්බුනේ නෑ . හැබැයි සුජීව සේනසිංහ මැතිතුමාට පසුකාලීනව නායකතුමා එක්ක ෂේප් වෙලා මේ රාජ්‍ය ඇමතිකමකුත් හම්බුණා, වෘත්තීය සමිති සභාපතිකමක් හම්බුණා කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකත්වය හම්බුණා. මේ වන විට අපිටත් ප‍්‍රශ්න තියෙනවා යූ. එන්. පී කාරයොන්ට රස්සාවල් දීගන්න විදිහක් නෑ යූ. එන්. පී කාරයොන්ට ගෙවල් දීගන්න විදිහක් නෑ රටේ ආර්ථිකය වේගවත් මදි සහ බලාපොරොත්තු වෙච්ච ආර්ථික වර්ධන වේගය මේ වන විටත් නෑ කියලා ප‍්‍රශ්න තියනවා. ඒ ප‍්‍රශ්න තිබ්බා කියලා අපි උඩබලාගෙන කෙල ගහන්නෙ නෑ. ඒ නිසා මේ මනාප වැඩිපුර ගත්තැයි කියලා දෙනවා නම් මටත් ඇමතිකමක් හම්බවෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මං හිතන්නෙ මෙතනදි අපි බලන්න ඕන පෞද්ගලික ඉලක්ක නෙමෙයි අපි අමාරුවෙන් භාග ආණ්ඩුවක් හදාගෙන තියනවා මේ භාග ආණ්ඩුව තනි ආණ්ඩුවක් බවට පත් කරන්නේ කොහොමද කියන එකයි අපි බලන්න ඕන ඒකට අපි කැපවීම දීලා පක්ෂෙට ශක්තියක් වෙන්න ඕන ඒක තමයි මගේ අදහස .”

 

Check Also

රටම මහා ආපදාවේ …රට එකම සුන් ගොඩක් වෙද්දී … අගමැති රනිල් පුද්ගලික සංචාරයක් සදහා රට පනී …

පෞද්ගලික සංචාරයක් සදහා අගමැති රනිල් වික්‍රමසිංහ ඇමරිකා එක්සත් ජනපදය වෙත පිටව ගොස් තිබෙනවා. සති දෙකක ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *