Home / Featured / මිය ගිය කොටි සැමරුවාට කිසි ප්‍රශ්නයක් නෑ …පහනක් පත්තු කර දානයක් දුන්නාට අවුලක් නෑ

මිය ගිය කොටි සැමරුවාට කිසි ප්‍රශ්නයක් නෑ …පහනක් පත්තු කර දානයක් දුන්නාට අවුලක් නෑ

යුද්ධයේදී මිය ගිය දෙමළ ජනතාව සිහි කරමින් පහන් පත්තු කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව ,ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.

සිවාජලිංගම් මන්ත්‍රිවරයා ඇතුළු පිරිස හෙට දිනයේදී මිය ගිය කොටි සැමරීමට සූදානමක් පවතින බවත් ,ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස කුමක්ද යැයි මාධ්‍යවේදීන් අද (17) සරත් ෆොන්සේකාගෙන් විමසීමක් කළා.

ඒ සදහා ප්‍රතිචාර දක්වමින් ෆොන්සේකා කියා සිටියේ ඕනෑම කෙනෙකුට මිය ගිය ඕනෑම කෙනෙක් සැමරීමට අයිතියක් පවතින බවත් එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවත්ය.

මිය ගිය කෙනෙකු සිහිපත් කරමින් දානයක් දෙන්න ,පහනක් පත්තු කරන්න ඕනෑම කෙනෙකුට හැකියාව පවතින බවත් එය රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවයි ෆොන්සේකා දිගින් දිගටම කියා සිටියේ.

Check Also

ඊනියා යහපාලන කල්ලිය ශ්‍රේෂ්ඨාධිකරණය තින්දුවට පිටින් යමින් පස්සා දොරෙන් ඡන්ද නීතිය වෙනස් කළා

පළාත් සභාවල නිල කාලය දිගු කිරීමට හෝ ඡන්දය කල් දැමීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයට අමතරව ...