Home / Featured / සංහිදියාව ගැන බයිලා එපා …චන්ද්‍රිකා නෝනාට කියන්න ප්‍රභාකරන් හිටියා නම් මීට හොදයි …සංහිදියා සාකච්ඡා උණුසුම් සංහිදියාව ගැන ඥානසාර හිමි ඇමතිගේ මූණටම කියා එයි !

සංහිදියාව ගැන බයිලා එපා …චන්ද්‍රිකා නෝනාට කියන්න ප්‍රභාකරන් හිටියා නම් මීට හොදයි …සංහිදියා සාකච්ඡා උණුසුම් සංහිදියාව ගැන ඥානසාර හිමි ඇමතිගේ මූණටම කියා එයි !

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු පිරිසක් (17) ජාතික සහජීවනය ,සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් හමුවුණා.

සහජීවනය සම්බන්ධයෙන් ගැටළුකාරි තත්වයක් මතුව ඇති බව එහිදී ඥානසාර හිමියන් විසින් පෙන්වා දුන් අතර සාකච්ඡාව අතරතුරදී දෙපිරිස අතර උණුසුම් වාදයක් ඇති වූවා.

එහිදී ඥානසාර හිමියන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කලේ මේ රට සිංහල බෞද්ධ රටක් බවට අමාත්‍යවරයා පිළිගන්නවාද යනුවෙනි.ඒ සදහා පිළිතුරු ලබා දෙමින් මනෝගනේෂන් අමාත්‍යවරයා කියා සිටියේ ,මේ රට සිංහල ,දමිළ ,මුස්ලිම් රටක් බවයි.සංහිදියාව ඇති කරනවා නම් මුලින්ම කළ යුත්තේ මහා සංඝයාගේ හඩට සවන් දීම බවත් එසේ නොකර කතා කිරීමෙන් කිසිදු ඵලක් නැති බවද ඥානසාර හිමි සදහන් කළා.

උතුරු -නැගෙනහිර සිංහල බෞද්ධ උරුමයන් විනාශ කර ඇති බව පෙන්වා දුන් ඥානසාර හිමියන් වැඩිදුරටත් පැවසුවේ ප්‍රභාකරන් ජීවත්ව සිටියා නම් මීට වඩා හොද බවයි.එසේ වූවා නම් මේ මායිම් සදහා කිසිවෙකුත් නොයන බවයි උන්වහන්සේ පැවසුවේ.

Check Also

රටම මහා ආපදාවේ …රට එකම සුන් ගොඩක් වෙද්දී … අගමැති රනිල් පුද්ගලික සංචාරයක් සදහා රට පනී …

පෞද්ගලික සංචාරයක් සදහා අගමැති රනිල් වික්‍රමසිංහ ඇමරිකා එක්සත් ජනපදය වෙත පිටව ගොස් තිබෙනවා. සති දෙකක ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *