Home / Featured / මව දූෂණය කර මැරූ එකාට පහන් පත්තු කිරීමකට ඉඩ දෙන්න එපා -ශිවාජිලිංගම් ත්‍රස්තවාදියාට තවත් ඉඩ දෙනවාද

මව දූෂණය කර මැරූ එකාට පහන් පත්තු කිරීමකට ඉඩ දෙන්න එපා -ශිවාජිලිංගම් ත්‍රස්තවාදියාට තවත් ඉඩ දෙනවාද

ශිවාජිලිංගම්ට සමූල ඝාතන සතියක් සැමරීමට ඉඩ හැරීම තමන්ගේ මව දූෂණය කර මැරූ එකාට පහන් පත්තු කිරීමකට සමාන බව රියද් අදිමිරාල් සරත් විරසේකර පවසයි.ඊයේ (16) නාරාහේන්පිට අභයාරාමයේ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් සරත් විරසේකර සදහන් කළේ සමූල ඝාතන සැමරුමට ආණඩුව ඉඩ නොතැබිය යුතු බවයි.

“ඛෙදුම්වාදි දෙමළ දේශපාලඥයින්ගේ සහ ඛෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාවේ සහයෝගයෙන් බලයට පැමිණී මේ රජය ඒකීය නම තියාගෙන රට ෆෙඩරල් කර, රණවිරුවන් පාවාදීමේ පොරොන්දු මතයි. අපේ වසරක් පාසා තිබුණු විජයග්‍රහණයේ පෙළපාළියත් නැවැත්වූවේ කොටි දෙමළ දේශපාලඥයින්ගේ ඉල්ලිම් මත. අතුරුදන්වීමේ පනත ගෙනැත් රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයට ගෙනයාමට මං පෑදුවා. අතුරුදන් කරවූවන්ගේ ජාත්‍යන්තර පනත පාර්ලිමේන්තුවට ගෙනත් ඉවරයි. මියගිය කොටි සමරන්න ආණ්ඩුව විලි ලැජ්ජා නැතිව නිල වශයෙන් හෝ නොනිල වශයෙන් අවසර දී තියෙනවා. මැයි 18 වැනිදා දෙමළ සමූල ඝාතනයක් වුණාය කියලා මියගිය කොටි සමරන්න සිවාජිලිංගම් සූදානම් වෙනවා. සමූල ඝාතන සතිය කියලා නම දාලා. ත්‍රස්තවාදියා කියන්නේ මාතෘභූමිය දූෂණය කරපු පිරිසක්. අරන්තලාව භික්ෂු ඝාතනය, දළදා මැදුරට කළ ප්‍රහාරය, ශ්‍රී මහා බෝධිය ළග ප්‍රහාරය, කාත්තන්කුඩි මුස්ලිම් ජාතිකයින් යාච්ඥා කරමින් සිටියදී ඝාතනය කිරීම, වැනි දේ කළ අයවයි මේ සමරන්න හදන්නේ.”

“මේක නවත්තන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. මෙය තමන්ගේ මව දූෂණය කර මැරූ එකාට පහන් පත්තු කරනවා වගේ වැඩක්. එවැනි නිවට තත්ත්වයට පත් වෙන්න එපා කියලා අපි පාලකයන්ට කියනවා. මේක රණවිරුවා විතරක් නොවයි. මාතෘභූමියත් පාවාදීමක්. ශිවාජිලිංගම් ත්‍රස්තවාදියාට මෙය කිරීමට ඉඩ හැරියොත් රණ විරුවන් ලෙස අපේ විරුද්ධත්වය පානවා. ඒ විරුද්ධත්වය කි්‍රයාවටත් නැංවෙයි. ත්‍රස්තවාදයට අතරමැදියෙක් නැහැ. ත්‍රස්තවාදයට සෘජුව වක්‍රව උදව් කරන සමරන හැමකෙනාම ත්‍රස්තවාදියෝ. ඒ නිසා ත්‍රස්තවාදීන් සමරන්න ශිවාජිලිංගම් ත්‍රස්තවාදියාට ඉඩ දෙන කැබිනට් එකත් ත්‍රස්තවාදීන් ගණයට වැටෙනවා. මේ පුද්ගලයා පළාත් සභාවේ රජයෙන් පඩි ගන්න කෙනෙක්. රටේ ඒකීයභාවය උදෙසා දිවුරුම්දුන් කෙනෙක්, මේ ලෙස හැසිරෙන්න ශිවාජිලිංගම්ට බැහැ. කරුණාකර මොහුගේ මන්තී්‍ර ධුරය අහෝසි කළ යුතුයි. අපි දකුණට එන්න එපායි ජනාධිපතිට කිව්වොත් එතුමා ඉන්නේ කොහෙද?”

“එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයාගේ වාර්තාවෙන් කියනවා 2009 මැයි 13 වන තුරු මැරුණේ 7721යි කොටිත් සමග කියලා. මැයි මාසේ 18 වැනිදා යුද්ධය ඉවර වුණා. එහෙම නම් ශිවාජිලිංගම් කියනවා වගේ 40000ක් මැරෙන්න දවස් හයට 32000ක් මැරෙන්න ඕනේ. ගැලවිලා ආපු දෙමළ ජනතාව කියනවා එහෙම දෙයක් වුණේ නැහැ කියලා. එහෙම නැත්නම් සමූහ මිනී වළවල් තියෙන්න ඕනේ. ගූගල්වලින් කියනවා එහෙම දෙයක් නැහැ කියලා. එහෙම නම් මේක රට ඛෙදන්න ජිනීවා යෝජනා සම්මත කරන්න ශිවාජිලිංගම් කියන්නේ සම්පූර්ණ අසත්‍යක්.”

“දෙලක්ෂ අනූ පන්දහසක් අපේ රණවිරුවෝ බේරා ගත්තා. සමූල ඝාතනයක් කරනවා නම් මේ වගේ බේර ගන්නවාද? දෙමළ ජනතාව ආරක්ෂාව පතා හමුදාව ළගට එයිද? සමූල ඝාතනය කරන හමුදාවක් තමන්ගේ බත්පත තමන්ගේ ආරක්ෂාව පතා ආ ජනතාවට දෙයිද?”

Check Also

රටම මහා ආපදාවේ …රට එකම සුන් ගොඩක් වෙද්දී … අගමැති රනිල් පුද්ගලික සංචාරයක් සදහා රට පනී …

පෞද්ගලික සංචාරයක් සදහා අගමැති රනිල් වික්‍රමසිංහ ඇමරිකා එක්සත් ජනපදය වෙත පිටව ගොස් තිබෙනවා. සති දෙකක ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *