Home / Featured / අවස්ථා 163 කදී ලක්ෂ 668 ක් අර්ජුන් කොල්ල කාලා …අගමැති ඇතුළු කල්ලියගේ මැදිහත් වීමක් …නඩු නෑ …බඩුත් නෑ

අවස්ථා 163 කදී ලක්ෂ 668 ක් අර්ජුන් කොල්ල කාලා …අගමැති ඇතුළු කල්ලියගේ මැදිහත් වීමක් …නඩු නෑ …බඩුත් නෑ

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු මුදලින් රුපියල් ලක්ෂ 668 ක් තම පෞද්ගලික අවශ්‍යතා සදහා යොදවා ගෙන ඇති බව දූෂණ විරෝධි හඩ සංවිධානය අනාවරණය කරනවා.එම සංවිධානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ සදහන් කලේ මේ සම්බන්ධයෙන් දුෂණ මර්දන කමිටු ලේකම්කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවයි.

අදාළ පැමිණිල්ලට අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු මුදල් මණ්ඩලය වත්මන් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඇතුළු මුදල් මණ්ඩලයත් අගමැති රනිල් වික්‍රමසිංහත් වග උත්තරකරුවන් ලෙස නම් කරන බවද ඔහු සදහන් කළා.

මේ සම්බන්ධයෙන් ජාතික පුවත්පතක් වෙත අදහස් දක්වමින් වසන්ත සමරසිංහ වැඩිදුරටත් පවසා ඇත්තේ ,මහ බැංකුවේ අභ්‍යන්තර විගණන වාර්තාවකින් හෙළිදරව්වූ කරුණු අනුව මහ බැංකු හිටපු අධිපතිවරයා සිය පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් මහ බැංකුවේ මුදල් ලක්ෂ 668 ක් අවස්ථා 163 කදී බිල් රහිතව පරිහරණය කර ඇති බවයි.ඉන් රුපියල් ලක්ෂ 334 ක් ක්‍රෙඩිඩ් කාඩ් හරහා භාවිතා කර ඇති බවද ඔහු පෙන්වා දෙනවා. ඉහත නම් සදහන් කල පාර්ශවයන් මේ සදහා වගකිව යුතු බවත් වත්මන් මහ බැංකු අධිපතිවරයාද මේ සම්බන්ධයෙන් කතා නොකිරීම සැක සහිත බවද ඔහු සදහන් කළා.

Check Also

රටම මහා ආපදාවේ …රට එකම සුන් ගොඩක් වෙද්දී … අගමැති රනිල් පුද්ගලික සංචාරයක් සදහා රට පනී …

පෞද්ගලික සංචාරයක් සදහා අගමැති රනිල් වික්‍රමසිංහ ඇමරිකා එක්සත් ජනපදය වෙත පිටව ගොස් තිබෙනවා. සති දෙකක ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *