Home / Featured / ආගමික ශාස්තෘවරුන්ට අවමන් නොකරනු!-අත්සන් 79 ලක්ෂයක් අඩංගු කිලෝමීටර් හතරහමාරක පෙත්සම අවසන් කල සුගත්

ආගමික ශාස්තෘවරුන්ට අවමන් නොකරනු!-අත්සන් 79 ලක්ෂයක් අඩංගු කිලෝමීටර් හතරහමාරක පෙත්සම අවසන් කල සුගත්

සියලුම ආගමික ශාස්තෘවරුන්ගේ රුව හා සලකුණු පත්තර කඩදාසි ඇතුළු වෙළෙඳ භාණ්ඩවල මුද්‍රණය කිරීමෙන් එම ආගම්වලටත් එහි ශාස්තෘවරුන්ටත් සිදුවන අගෞරවය නතර කිරීම සඳහා බලධාරීන්ගේ අවධානය යොමු කිරීම සඳහා අත්සන් 79 ලක්ෂයක මහජන පෙත්සමක් අත්සන් කිරිම වාරියගල ප්‍රදේශයේ පදිංචි යු.ජී. සුගත් සාර්ථකව අවසන් කර තිබේ.

ඊට අමතරව මෙයට අමතරව බුදුරුව මෙවැනි දෑ වලට යොදා ගැනීමෙන් සිදුවන අගෞරවය පිළිබඳ මහානාහිමිවරු ඇතුළු විහාරාධිපතීන් වහන්සේලා දැනුවත් කොට මේ වැඩපිළිවෙළට සහය වශයෙන් විහාරස්ථාන දසදහස් එකසියකින් (10100) ලිපි ලේඛනලබාගැනිමටද ඔහු කටයුතු කර තිබේ.

අත්සන් 79 ලක්ෂයක් අඩංගු කිලෝමීටර් හතරහමාරක් (4 1/2)ක් දිග පෙත්සම පේරාදෙණිය ගලහ මාර්ගයේ වාරියගල ප්‍රදේශයේදී මහජන ප්‍රදර්ශනය සඳහා තබා තිබු අතර එම අත්සන් සම්පූර්ණ කිරිම සදහා වසර හතයි මාස නවයක් තිස්සේ ලංකාව පුරා යැමට ඔහුට සිදුව තිබේ.

ආපන ශාලාවල බුදුරුව සහිත පත්තර කඩදාසි අතපිසීමට තබා ඇති බවත් මෙවැනි පත්තරවලින් මස්‌, මාළු ඔතන බවත්, බිම වැටී පෑගෙන බවත් ඒ තුළින් මහත් අගෞරවයක්‌ සිදුවන බවත් යු.ජී. සුගත් පෙන්වා දෙනවා.

ආගමික ශාස්‌තෲවරුන් සහිත සාරි, ගවුම්, කලිසම් ආදිය හා වෙළෙඳ භාණ්‌ඩ පවා ඇතත් ඒවා වැළැක්‌වීමට මෙතෙක්‌ පියවර ගෙන නොමැති බව පවසන ඔහු මෙම අත්සන් සහිත පෙත්සම මේ රටේ මහානායක නාහිමිවරු හා ජනාධිපති, අගමැති ප්‍රමුඛ අනෙකුත් ආගමික නායකයන් වෙත යොමුකර මේවා වැළැක්‌වීමට කටයුතු කරන ලෙස ඉල්ලීමටද සූදානම් ව සිටී.

Check Also

වැඩවර්ජනය දිගටම….ආරක්ෂක අංශ සිරුවෙන්…..-කොලොන්නාව ඛනිජ තෙල් පර්යන්තය නොසන්සුන්

ඛණිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා ...