Home / Featured / විරු සැමරුම් වෙනුවට ත්‍රස්තවාදීන් එළිපිට සමරයි … අළු යටවූ ගිණි පුපුරු ත්‍රස්තවාදයේ ගිණි ජාලා ලෙස මතු වෙනවා … ජනපති -අගමැති මීට වග කිව යුතුයි !

විරු සැමරුම් වෙනුවට ත්‍රස්තවාදීන් එළිපිට සමරයි … අළු යටවූ ගිණි පුපුරු ත්‍රස්තවාදයේ ගිණි ජාලා ලෙස මතු වෙනවා … ජනපති -අගමැති මීට වග කිව යුතුයි !

උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් හැසිරීම අනුමත නොකරන බවත් එයට ජනාධිපති -අගමැති වගකිව යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසනවා.ඊයේ (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මන්ත්‍රිවරයාගෙන් විමසීමක් කල අතර එහිදී අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

“මෙතෙක් කල් මේ රටේ තිබුනේ රණවිරු සැමරුම්. අද ජයග්‍රාහිීරණවිරුවන් සැමරීම නතර කරලා ඒ වෙනුවට පාරාධිත ත්‍රස්තවාදීන් සැමරීම දක්වා මේ රට අද ගමන් කරල තියෙනවා. අපිට මතකයි ඔය කියන සිවාජිලිංගම් 2009 සිට 20015 දක්වා මේ රටේ සිටියක් ඔවැනි කොටි සැමරුම් කරන්න උත්සහ කලේ නෑ. එදා පූස් පැටියෙන් ලෙස සිටිය ඔහු අද කොටියෙක් වෙලා මුළු රටම බය කිරීමේ අරමුනින් ගොරවන තත්වයක් ඇතුවුනේ මේ ආණ්ඩුවේ නිවට කම නිසයි. කොටින්ගේ මේ පිබිදීමට, කොටින්ගේ මේ නැගිටිීමට, ඒ වගේම උතුරේ පුංචි දරුවන්ගේ සිත්වල දෙමළ බෙදුම් වාදය වැපිරීමට සිවාජිලිංගම් වැනි අයට හැකිවීම පිලිබදව ආණ්ඩුවේ නායකයන් වන ජනපති සහ අගමැති වග කිව යුතුයි.

මේ ආරම්භ වන්නේ අළු යට වු ගිණි පුපුරු එළියට අරන් ත්‍රස්ථවාදයේ ගිණි ජාලාවෙන් නැවත මේ රටම දවන්නයි. ඒ නිසා සමස්ථ ජාතියම සිවාජිලිංගම්මේ හැකියාව සහ ජනපතිගේ නොහැකියාව නිසා යලි මතුවන බෙදුම්වාදය පරාජය කරන්න, ත්‍රස්ථවාදය පරාජය කරන්න පක්ෂ ජාති ආගම් භේද පසෙක ලා එකට එක්වීම රණ විරුවන්ට දැක්විය හැකි ඉහලම උත්තමාචාරයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ පැමිනීම සම්බන්ධව විරෝධතා එල්ල වෙද්දී ඒ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එතුමන්ව මුන ගැසුනා.

එම හමුව ගැන කිසිම ගැටළුවක් නැ. අපි විරෝධය පළ කරන්නේ මුනගැසිලායි. අපි ආයුධ වලින් නෙවෙයි කතා කරන්නේ. අපි ප්‍රචන්ඩව නෙවෙයි විරෝධය පල කරන්නේ. ඒ නිසා අපේ අදහස් දක්වන්න අපි විරුද්ධවන්නේ ඇයි කියා කියන්න අපිට අනිවාර්යෙන් සංවාදයක් පවත්වා ගැනීම අවශ්‍යයි.

අපි මෙ රටේ ජනපතිතුමන්ට අගමැතිතුමන්ට විරුද්ධයි. නමුත් එසේ කියා අපි ජනපතිතුමන් අගමැතිතුමන් මුන නොගැසී ඉන්නෑ. මැතකදී වාසුදේව නානායක්කාර මැතිතුමන්, ඩලස් අලහප්පෙරුම මැතිතුමන් මමත් කථානායක තුමන් හමුවුනා ගීතා කුමාරසිංහ මැතිතුමන්ගේ මන්ත්‍රීධූරය සම්බන්ධයෙන්. එයින් අදහස් වෙන් නැ කථානායක තුමන් පාර්ලිමේන්තුවේ ගෙන යන ප්‍රජාතන්ත්‍රවිරෝදී පාලනය අපි අනුමත කරන බව.

ඉන්දීය මහකොමසාරිස්තුමන් මාධ්‍ය හමුවකදී ප්‍රකාශකරල තිබුණා සුහදව සාකච්ඡාව පැවතිබවට සහ මහින්ද රාජපක්ෂ මැතිතුමන් දැනට ඉන්දියාව සහ ලංකාව අතර ඇති ගිවිසුම් පිළිබදව ප්‍රශංසාව පළ කළ බව.

ඒක වැරදියි. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ආධාරකිරීම සම්බන්ධයෙනුයි ප්‍රශංසාව පල කලේ .දැනට අත්සන් කිරීමට යන ගිවිුසම් සම්බන්ධයෙන් ප්‍රසාධය පල කල බව මහකොමසාරිස්තුමන් කොතනකවත් ප්‍රකාශ කර නෑ. ඒකාබද්ධ විපක්ෂය ලෙස අපි සාමූහිකවත් මහින්ද රාජපක්ෂ මහතා පුද්ගලිකවත් ශ්‍රී ලංකාව ඉන්දීය කොලණියක් කිරීමට විරෝධය පළ කර තිබෙනවා. අපි අපේ විරෝධය පල කිරීම එම නායකයන් සමග සිදු කෙරෙන සංවාද වලදී සිදු කරනවා. ඒ වගේම මෙවැනි ගිවිසුවම් ගැන අපේ ආණ්ඩුවක් ආවහම ගනු ලබණ ක්‍රියා මාර්ග ගැන අපි ඉන්දියාවටත් චීනයටත් දැනටමත් අනතුරු අගවා ඉවරයි.”

Check Also

රටම මහා ආපදාවේ …රට එකම සුන් ගොඩක් වෙද්දී … අගමැති රනිල් පුද්ගලික සංචාරයක් සදහා රට පනී …

පෞද්ගලික සංචාරයක් සදහා අගමැති රනිල් වික්‍රමසිංහ ඇමරිකා එක්සත් ජනපදය වෙත පිටව ගොස් තිබෙනවා. සති දෙකක ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *