Home / Featured / ඩෙංගු තරමටම මැලේරියාත් …අවධානම් තත්වයක් 2014 දී 33000 ක් 2015 දී 40000 ක් 2016 දී 64000 ක් …පාලකයින් මර නින්දේ …

ඩෙංගු තරමටම මැලේරියාත් …අවධානම් තත්වයක් 2014 දී 33000 ක් 2015 දී 40000 ක් 2016 දී 64000 ක් …පාලකයින් මර නින්දේ …

ඩෙංගු මර්ධනයට යැයි පවසමින් සංදර්ශන නොපවත්වා මුළු රටේම ජනතාව සම්බන්ධ කරගත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ගෙන එන්නැයි අයතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය රජයෙන් ඉල්ලීමක් කරනවා. 

(17) දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් එම සංවිධානය මේ බව සදහන් කළා.

එම සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ පැවසූවේ මේ වනවිට ඩෙංගු රෝගය මුළු රටම භීතියට පත්කර ඇති බවයි. සාමාන්‍ය උණක් වැලඳුණු අයෙකු පවා ඩෙංගුදැයි සැක හිතන තරමටම මෙය ව්‍යාප්ත වී ඇති බවත් මේ වසරේ ගෙවුණු මාස 05ට පමණක් ඩෙංගු රෝගීන් හතලිස් පන්දහසක් (45,000) පමණ වාර්තා වී ඇති බවත් ඉන් රෝගීන් 115 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඇය කියා සිටියා.

2014 වසරේදී තිස්තුණ්දහසකුත්, 2015 වසරේදී හතලිස් දහසකුත් පසුගිය 2016 වසරේදී හැටහතර දහසකුත් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බව පැවසූ ඇය අවධාරණයෙන්ම කියා සිටියේ මේ වසරේ පසුගිය මාස 05 තුළ පමණක් රෝගීන් හතලිස් පහන්දහසක් වාර්තා වීමෙන්ම මෙහි බරපතලකම තේරුම් ගත හැකි බව ය.

මේ අතර මැ‍ලේරියා රෝගය සඳහා රුධිර පරීක්ෂා කරගැනීමට ජනතාව නොපැමිණීම හේතුවෙන් නැවත එම රෝගය හිස එසවීමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි මැ‍ලේරියා මර්දන වැඩ සටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.මැ‍ලේරියාව නැවත හිස එසව්වහොත් ඩෙංගු මෙන් නොව ලක්ෂ ගණනින් පුද්ගලයන් රෝගයට ගොඳුරු වීම වැළැක්විය නොහැකි බවයි ඔහු වැඩිදුරටත් සදහන් කලේ.

මේ අවදානම් තත්ත්වය මතුව ඇත්තේ රුධිය පරික්ෂා කරන මුවාවෙන් එච්අයිවී වෛරසය ශරීර ගත කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙන බව සඳහන් කරමින් පසුගිය දා අන්තර්ජාලය හරහා පැතිර ගිය අසත්‍ය ප්‍රචාරය හේතුවෙන් රුධිර පරික්ෂා කර ගැනීමට පුද්ගලයන් යොමු නොවීම නිසා බවද ඔහු පෙන්වා දෙනවා.

Check Also

රටම මහා ආපදාවේ …රට එකම සුන් ගොඩක් වෙද්දී … අගමැති රනිල් පුද්ගලික සංචාරයක් සදහා රට පනී …

පෞද්ගලික සංචාරයක් සදහා අගමැති රනිල් වික්‍රමසිංහ ඇමරිකා එක්සත් ජනපදය වෙත පිටව ගොස් තිබෙනවා. සති දෙකක ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *