Home / Featured / වැල්ලවත්ත සිනමා ශාලාව ආසන්නයේ ගොඩනැගිල්ලක් කඩා වැටේ … 12 කට තුවාලයි …යටවූ ගණන සොයා මෙහෙයුම්

වැල්ලවත්ත සිනමා ශාලාව ආසන්නයේ ගොඩනැගිල්ලක් කඩා වැටේ … 12 කට තුවාලයි …යටවූ ගණන සොයා මෙහෙයුම්

වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසල ගොඩ නැගිල්ලක් කඩා වැටී තිබෙනවා. තට්ටු හතක ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

එයින් 12 ක් තුවාල ලබා ප්‍රතිකාර සදහා කළුබෝවිල රෝහලටද ඇතුළත් කර තිබෙනවා.

තවත් පිරිසක් ගොඩනැඟිල්ලට යටවී ඇතැයි විශ්වාස කරන අතර පොලීසිය විසින් ඔවුන් මුදාගැනීමට කටයුතු කරමින් සිටී.

අවට දැඩි රථ වාහන තදබදයක් නිර්මාණයවී ඇති අතර පොලීසිය හා අවට පිරිස් එක්ව තුවාලවූ පිරිස් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.

Check Also

සහන සේවා හෙලිකොප්ටරය කඩන් වැටිලා නෑ … සිදුවී ඇත්තේ ගොඩ බෑමක් …

අද උදෑසන සහන සේවා වල යෙදී සිටියදී කඩා වැටුණේ යැයි කියන එම් .අයි 17 වර්ගයේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *