Home / Featured / ඡන්ද දායකයින් ලියාපදිංචි කිරිමේ විශේෂ විධි විධාන පනත අන්ත ජාතිවාදියි …ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝණය කරලා

ඡන්ද දායකයින් ලියාපදිංචි කිරිමේ විශේෂ විධි විධාන පනත අන්ත ජාතිවාදියි …ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝණය කරලා

ඡන්ද දායකයින් ලියාපදිංචි කිරිමේ විශේෂ විධි විධාන පනත් කෙටුම්පත ජාතිවාදී පදනමින් ඉදිරිපත් කල ඇති බැවින් එය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල කටයුතු කළා.

එම පනත සම්බන්ධයෙන්එහිදී දීර්ඝ ලෙස අදහස් පල කල මන්ත්‍රිවරයා ,

“ශ්‍රී ලංකාවේ දේශපාලනය සදහටම වෙනස් කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ පනතක් විදිහටයි ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ විශේෂ විධ්විධාන පනත අපි දකින්නේ. මේ පනත හරහා උතුරු නැගෙනහිර අවතැන් වුවන්ට අනිකුත් පලාත්වලින් අවතැන් වුවන්ට වඩා විශේෂිත සැලකීමක් ලැබෙනවා. අපි හිතුවොත් මඩ කළපුව පොලොන්නරුව මායිමේ යම් බෝම්බයක් පුපුරල පොළොන්නරුවේ කෙනෙකුත් අවතැන් වෙනවා, මඩ කළපුවෙ කෙනෙකුත් අවතැන් වෙනවා කියලා. මේකෙන් මඩකළපුවේ අවතැන් වී දැන් කොළඹ පදිංචි දෙමළ පුද්ගලයට කොළඹ ජීවත්වෙමින් මඩකළපුවේ ඡන්දය පාවිචිකිීමට අයිතියක් ලැබෙනවා. නමුත් වැලිකන්දේ අනාථ වු දැනට නුවර ජීවත්වෙන කෙනෙක් ඉන්නවනම් එම පුද්ගලයට එම අයිතිය ලැබෙන් නෑ.

මේක ජාතිවාදී පදනමින් ප්‍රදේශවාදී පදනමින් ගෙනාපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) 12 (2) වගන්තිය අමු අමුවේ උල්ලංඝණය කරනු ලබන පනත් කෙටුම්පතක්.

මෙතෙක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතේ යම් ඡන්ද හිමියෙක් විදිහට ලියාපදිංචි වීමට තියෙන සියළුම විධිවිදාන නොසලකා හැරලා කිසියම් පුද්ගලයෙකු අවතැන් වූවා කිව්වොත් එයාලට පුළුවන් වෙනවා උතුරු නැගෙනහිර ලියාපදිංචිවෙන්න. ඒ සදහා ඒ සදහා අවශ්‍ය වෙන්නේ තමන් දැනට පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී විසින් ඔහු අවතැන් වුවෙක් බවට සහතික නිකුත් කිරීම පමණමයි.
එහෙමනම් කැනඩාවෙන් බ්‍රිතාන්‍යයෙන් නෝර්වේ වලින් වගේම තමිල්ණාඩුවෙන් ලංකාවට ඇවිල්ලා හෝටලයක නතරවෙලා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන්ගෙන් ඉල්ලන්න පුළුවන් මම අවතැන් වුවෙක් බවට සහතිකයක් දෙන්න කියලා.

මේක එක් පැත්තකින් සමස්ථ ග්‍රාමනිලධාරීන්ම අනවශ්‍ය පීඩනයකට වංචාවන් කිරීමට පොළඹවන පනතක්. මොකද ඒ ග්‍රාම නිලධාරියා සහතික කරන්නේ කොහොමද තීරනය කරන්නේ කොහොමද මෙම පුද්ගලයා කිලිනොච්චියේ හරි මඩකලපුවේ හරි අවතැනු වුවෙක් කියලා. කිසිසේත්ම තමන් නොදන්නා තමන්ට කිසිම සාක්ෂියක් නැති කාරණයක් පිළිබදවයි ග්‍රාම නිලධාරීවරයාට සහතික කරන්නට වේන්නේ. ඡන්ද ලියාපදිංචිය සදහා පිටරටින් පැමිනෙන බෙදුම් වාදියාව බොරුවෙන් නිදහස් කරලා ඔහුගේ මේ පීඩනය ග්‍රාම නිලධාරියා වෙත පටවන්නයි මේ පනතමගින් උත්සහ කරල තියෙන්නේ.

මේ පනතේ අරමුණු දෙකක් තියෙනවා. පළමු අරමුණ වෙලා තියෙන්නේ දැනට බටහිර රටවල ජීවත්වෙන ලක්ෂ සංඛ්‍යාත දෙමළ බෙදුම්වාදී ප්‍රවනතාවයේ ඉන්න දෙමළ ජනතාවට මැතිවරණයක් ආවහම ඇවිල්ල ඡන්දය දීල ආපහු යන්න පුළුවන් වෙනවා. ඒ හරහා මේ පනත ක්‍රියාත්මක උනොත් මින්ස්සු සදාකාලිකවම මේ රට පාලණය කරන්නේ දෙමළ බෙදුම් වාදීන් සහ ඔවුන්ගේ රූකඩ ආණ්ඩු කියන එක සීයට සීයක්ම විශ්වාසයි .

ඒ වගේම අපි දන්නවා සෑම වසරකම ජුනි 1 වෙනකොට ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ ලැයිස්තුව යාවත්කාලීන කරනවා. ඒ අළුත් ලැයිස්තුව අනුව පාර්ිමේන්තු මන්ත්‍රීවරුන් 196 දෙනෙකු දිස්ත්‍රික් අනුව බෙදා හරිනවා. ඒ අනුව හැම අවුරුද්දකම වාගේ දිස්ත්‍රිකවල එක් මන්ත්‍රීධුරයක් අඩු වැඩි වෙනවා. මෙ උත්සහ කරන්නේ යාපනේ ඇතුළු උතුරු නැගෙනහිර දිස්ත්‍රිකවල ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව කෘථීමව ඉහල නංවල ඒ පළාත්වලට හිමි මන්ත්‍රීධූර සංඛ්‍යාව වැඩි කරල අනික් ප්‍රදේශවල මන්ත්‍රීධුරයන් ඩැහැගන්න.

මේ කාරණා දෙකම ඡාතිවාදී පදනමින් රටේ ප්‍රස්න ඇතිකිරීමේ පදනමින් ගෙනාපු දේවල්. අපි මේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා මැතිතුමන් පෙන්වා දුන්නා මෙය ජනතාවගේ ඡණ්ද බලය සහ ඡන්ද අයිතිය ප්‍රකාශකිරීම විකෘථීකිරීම උදෙසා ගෙන එන ලද පනතක්. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වෙනි වගන්තියට අමතරව වෙනි වගන්තියත් උල්ලංඝණය වෙනවා. එම නිදසා ජනමත විචාරණයකින් තොරව මෙය සම්මක කරන්න බෑ කියන තර්කය අපි මතුකලා. අපි විශ්වාෂ කරනවා මේ පනතේ ඇති භයානක කම තේරුම් අරගෙන ශ්‍රේෂ්ඨාධිකරණය මෙය ජනමත විචාරණයක් සදහා යොමු කරාවි කියලා.”

Check Also

රටම මහා ආපදාවේ …රට එකම සුන් ගොඩක් වෙද්දී … අගමැති රනිල් පුද්ගලික සංචාරයක් සදහා රට පනී …

පෞද්ගලික සංචාරයක් සදහා අගමැති රනිල් වික්‍රමසිංහ ඇමරිකා එක්සත් ජනපදය වෙත පිටව ගොස් තිබෙනවා. සති දෙකක ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *