Home / Featured / මුල්ලිවයික්කාල් සැමරුම් මහා ඉහළින් …මිය ගිය දෙමළ ජනයා වෙනුවෙන් සාධාරණය ඉල්ලයි

මුල්ලිවයික්කාල් සැමරුම් මහා ඉහළින් …මිය ගිය දෙමළ ජනයා වෙනුවෙන් සාධාරණය ඉල්ලයි

යුද්ධයේදී මිය ගිය දෙමළ වැසියන් සිහි කරමින් සැමරුම් උත්සවයක් අද (18) මුල්ලිවයික්කාල් වෙරළ තීරයේදී පැවැත්වුණා. ඒ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි .වි විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන්.

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කොට නිහඬතාවය සුරැකීම සිදුකොට, පහන් දල්වා අදාළ සැමරුම් උත්සවය පැවැත්වුණා.

මෙම සැමරුම් උත්සවය සදහා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් .සම්බන්ධන් ඇතුළු ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රිවරුන් පිරිසක් සහ යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාවගේ ඥාතීන් ඇතුලු පිරිසක් සහභාගිවී සිටියා.

යුද්ධයෙන් මිය ගිය ජනතාවට සාධාරණය ඉටු විය යුතු බවත් මේ සම්බන්ධයෙන් රජය පැහැදිලි පරීක්ෂණයක් කල යුතු බවද එහිදී විග්නේෂවරන් පැවසුවා.

Check Also

දේශප්‍රේමීත්වය දේශපාලන තක්කඩියාගේ අවසාන තිප්පොළයි…

සිල් රෙදි නඩුවේ දඩ මුදල් ගෙවන්න ඕනෑ මහජනතාව නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව අමාත්‍ය ...