Home / Featured / පසුපෙළ මන්ත්‍රින් ලවා අගමැති ජනපතිට එළවා එළවා ගහයි …වහාම ආණ්ඩු සංශෝදනයක් ඕනෑ …

පසුපෙළ මන්ත්‍රින් ලවා අගමැති ජනපතිට එළවා එළවා ගහයි …වහාම ආණ්ඩු සංශෝදනයක් ඕනෑ …

මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ කැබිනට් සංශෝදනයක් නොව ආණ්ඩු සංශෝදනයක් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ මේ බව කියා සිටියා.

මැයි 18 රටේ සැමරිය යුතු දිනයක් බවත් එදා උතුරේ ජනතාවට මානුෂික මෙහෙයුම අවසන් කර ලබා දුන් වරප්‍රසාද ,වරදාන යහපාලන ආණ්ඩුව තුළින් ලබා දීමක් සිදු නොවන බවද ඔහු කියා සිටියා.

අපේ ආණ්ඩුවෙන් එදා මානුෂිය මෙහෙයුම සිදු කල බවත් අද ආණ්ඩුව පලි ගැනීමේ මෙහෙයුමක් කර ගෙන යන බවත් ඔහු කියා සිටියා.

මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගැනීම සදහා සි .අයි .ඩියට තොරතුරු ලබා දී ඇති බවත් මෙහෙම මෙහෙයුම් කරන්නේ ටොප් 10 වැඩසටහනින් ගෙනාපු චෝදනා සම්බන්ධව හෙළිදරව් කල නිසා බවද ඔහු කියා සිටියා.

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රිවරුන් යොදා ගෙන වර්තමාන ජනාධිපතිවරයාට අභියෝග කරන බවත් “ඒ කැබිනට් සංශෝදනය කලහොත් බලාගන්නම් කියන තැනට පසුපෙල මන්ත්‍රිවරුන් මෙහෙය වූයේ, අගමැති රනිල් වික්‍රමසිංහ බවද ඔහු පැවසුවා.

රටට වගකියන්න ඕන ජනාධිපතිද අගමැතිද කියා සමහරු නොදන්නා බවත් මේ මොහොතේ මොන සංශෝදන පැවතියද රටේ පවතින තත්වයට විසදුමක් ලබා දීමට හැකියාව පවතින්නේ ආණ්ඩු සංශෝදනයකින් පමණක් බවත් ඔහු දිගින් දිගටම කියා සිටියා.

Check Also

30% ක් කාන්තා නියෝජනයෙන් 25%ක් තේරි පත් විය යුතුයි…

රටේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා හා දරුවන් ...