Home / Featured / නිරායුධ සිසුන්ට අමානුෂික ලෙස පහරදිමට දෙමාපියෝ එරෙහි වෙයි-විශ්ව විද්‍යාල සිසුන්ගේ තනියට දෙමාපියෝ සටන අතට ගනී

නිරායුධ සිසුන්ට අමානුෂික ලෙස පහරදිමට දෙමාපියෝ එරෙහි වෙයි-විශ්ව විද්‍යාල සිසුන්ගේ තනියට දෙමාපියෝ සටන අතට ගනී

රජයේ පොළිස් නිළධාරීන් නිරායුධ සිසුන්ට අමානුෂික ලෙස පහර දීම පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර රජය සයිටම් අර්බුදය විසඳීම පිණිස වෛද්‍ය සිසුන්ට සහ වෛද්‍ය සභාවට පිළිගත හැකි විසඳුමක් ලබා දෙන තෙක් දෙමාපියන් වශයෙන් රටේ ජනතාව දැනුවත් කර විශ්ව විද්‍යාල සිසුන් තනි නොකර රජයට බලපෑම් කරන බව රජයට අවධාරණය කරමින් වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

රජයේ පොළිස් නිළධාරීන් නිරායුධ සිසුන්ට අමානුෂික ලෙස පහර දීම පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

සයිටම් අර්බුදය සම්බන්ධයෙන් රජය පැහැදිලිවම සයිටම් ආයතනය වෙනුවෙන් පෙනී සිටිමින් කටයුතු කිරීම සහ සයිටම් අර්බුදයට අදාලව ලබා දුන් ඊනියා විසඳුම් වලට ප‍්‍රතිචාර ලෙස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව නිරායුධ සාමකාමී විරෝධතා රැලියක් 2017-05-17 වන ඊයේ දින කොළඔ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් ආරම්භ කළහ. රැලිය ඉබ්බන්වෙල හංදිය දෙසට ගමන් කරමින් සිටියදී නිරායුධ විශ්ව විද්‍යාල සිසුන්ට සාහසික ලෙස කඳුඑ ගෑස්, අධිපීඩන ජලප‍්‍රහාර යොදා පහර දී අවහිර කරමින් සිටියදී සිසුන් මාර්ගය වෙනස් කරමින් විහාරමහා දේවී උද්‍යානය තුලට ඇතුඑ’ වී සිටියදීද නැවතත් කඳුඑ ගෑස් සහ අධිපීඩන ජලප‍්‍රහාර රජයේ පොළිස් නිළධාරීන් විසින් එල්ල කර ඇත. මෙලෙස අමානුෂික සහ නීතිවිරෝධී ලෙස පහර දී ශිෂ්‍යයින්ට තුවාල කිරීම සහ අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බව වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංගමයේ ලේකම් නීතීඥ ගාමිණී ඒකනායක මහතා පුවත් පත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

පොලීසිය විසින් කඳුඑ ගෑස් යොදා පහරදීමේදී නීතිවිරෝධී සහ සාහසික ලෙස සිසුන් ඉලක්ක කරමින් ප‍්‍රහාර එල්ල කරන ලද බව රූපවාහිනී දර්ශණ මගින් පැහැදිලිවම දැකගැනීමට හැකිවූ බවත් අංශක 45 ක කෝණයකින් කඳුඑ ගෑස් ප‍්‍රහාර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට යොදාගත යුතුය යන මූලික පොලිස් රෙගුලාසි උල්ලංඝනය කරමින් පැයකට අධික කාලයක් කඳුඑ’ ගෑස් ප‍්‍රහාර එල්ල කර ඇත.

“සයිටම්” පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදය රජය විසින් වගකීමකින් යුක්තව විසදිය යුතු යැයි පවසමින් රජයේ විශ්ව විද්‍යාල වෛද්‍ය ශිෂ්‍යයන් විසින් අවුරුදු එකහමාරකට අධික කාලයක් තිස්සේ සාමකාමී සත්‍යග‍්‍රහයක යෙදුණි. කෙසේ වෙතත් රජය එය තමන්ට නොඇසුනා සේ හගවමින් සයිටම් ප‍්‍රශ්ණයට වගකිව යුතු විසඳුම් ලබා නොදෙමින් දිගින් දිගටම කටයුතු කිරීම හේතු කොටගෙන තම ඉල්ලීම වෙනුවෙන් සාධාරණ විසඳුමක් ලබා ගැනීම පිණිස පාරට බැස විරෝධතා සිදුකිරීමට වෛද්‍ය ශිෂ්‍යයන්ට සිදු වී ඇත.

මෑතකදී රජය විසින් මාධ්‍යයට ප‍්‍රකාශයක් නිකුත් කරමින් සයිටම් ගැටලුව සඳහා විසඳුම් ලබා දී ඇති බවට ප‍්‍රකාශ කළද රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, රජයේ වෛද්‍ය ශිෂ්‍ය දෙමාපියන්ගේ ජාතික සංගමය, රජයේ වෛද්‍ය පීඨ ආචාර්්‍යවරුන්ගේ සංගමය සහ තවත් විශාල පිරිසක් එකී රජයේ විසඳුම් දැඩි ලෙස ප‍්‍රතික්‍ෂේප කර ඇත්තේ රජය ඒ සඳහා නියම විසඳුම් ලබා නොදෙමින් ඊට ව්‍යාජ විසඳුම් ලබා දී ඇති හෙයිනි. දැනට රටේ බරපතල ලෙස සාකචිඡුාවට බදුන්ගත මෙම අර්බුදයට නිවැරදි පිළිතුරු ලබා නොදීම හේතුකොටගෙන විශ්ව විද්‍යාල සිසුන්ට පාරට බැස අරගල කිරීමට සිදුවීම ඛෙිදනීය සහ අවාසනාවන්ත තත්වයක් බවයි.

රජයේ මෙකී නීතිවිරෝධී සහ අමානුෂික ක‍්‍රියාකලාපය මගින් මානව අයිතිවාසිකම් දැඩිලෙස උල්ලංඝනය වී ඇති බවත් වගකිව යුතු රජයක් වශයෙන් මෙවැනි බරපතල ප‍්‍රශ්ණයන්හිදී රජයේ ඇතැම් ඇමතිවරුන්ගේ පෞද්ගලික න්‍යාය පත‍්‍රයන්ට මුල්තැන නොදෙමින් මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් එමගින් රටේ ජීවත්වන පොදු ජනතාවගේ යහපත ඉටුවෙන බවයි. රජයේ විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවයන්හිදී එම විරෝධතාවයන් මැඩ පැවැත්වීමට සිංහ ලීලාවෙන් නොපැකිලිව අප‍්‍රමාදව නීතිවිරෝධී ප‍්‍රහාර එල්ල කරන පොලිස් නිළධාරීන් සයිටම් ආයතනයේ විධායක නිළධාරී සමීර සේනනායක මහතා විසින් තමන්ට මරණීය තර්ජන ඇති බවට අසත්‍ය පැමිණිලි කල නමුත් ඔහු වෙනුවෙන් නීතිය ක‍්‍රියාත්මක කිරීමට නිවටයන් ලෙස මගහරිමින් සිටීග රටේ නීතිය එක් පක්‍ෂයකට එක් ආකාරයටද තවත් පාර්ශවයකට තවත් ආකාරයකට ද ක‍්‍රියාත්මක කරන ආකාරයක රජය යෙදෙන බව ඉතාමත් පැහැදිලි කාරණයකි. නීතිය බිඳවැටීම තුලින් කිසිවිටෙක රටේ ප‍්‍රශ්ණ විසඳාගත නොහැකි බවත් එමගින් ඉතාමත් ඛෙීදජනක තත්වයන් උද්ගත වන බවයි.

රජය මෙම සයිටම් අර්බුදය විසඳීම පිණිස වෛද්‍ය සිසුන්ට සහ වෛද්‍ය සභාවට පිළිගත හැකි විසඳුමක් ලබා දෙන තෙක් දෙමාපියන් වශයෙන් අප රටේ ජනතාව දැනුවත් කර විශ්ව විද්‍යාල සිසුන් තනි නොකර රජයට බලපෑම් කරන බව අවධාරණයෙන් දන්වා සිටී.

Check Also

දේශප්‍රේමීත්වය දේශපාලන තක්කඩියාගේ අවසාන තිප්පොළයි…

සිල් රෙදි නඩුවේ දඩ මුදල් ගෙවන්න ඕනෑ මහජනතාව නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව අමාත්‍ය ...