Home / Featured / ඥාණසාර හිමිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු-මුස්ලිම් නායකයන් පොලිස් ප්‍රධානින් හමුවෙයි

ඥාණසාර හිමිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු-මුස්ලිම් නායකයන් පොලිස් ප්‍රධානින් හමුවෙයි

සිංහල, දමිළ, මුස්ලිම් ජනතාව අතර විරසක ඇති කර ඔවුන් එකිනෙකා ඇන කොටා ගැනිමේ තත්වයට පත් කරමින් ජාතීවාදීව කටයුතු කරන බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් සහ උන්වහන්සේ සමඟ කල්ලි ගැසි දරුණු ලෙස ජාතිවාදය වපුරමින් කටයුතු කරමින් සිටින කණ්ඩායමේ සාමාජිකයින්ද වහාම අත් අඩංගුවට ගැනිමට කටයුතු කරන ලෙස ඉල්ලා මුස්ලිම් පක්ෂ කිහිපයක නායකයන් අද සවස පොලිස් ප්‍රධානින්ගෙන් ලිඛිතව ඉල්ලිමක් කර තිබේ.

ජනතා කොංග්‍රසයේ (People’s Congress)නායක අමාත්‍ය රීෂාඩ් බදියුදීන්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන නී අමාත්‍ය ෆයිසර් මුස්තාෆා,එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් සහ ජාතික සමගිය පෙරමුණේ(National Unity Front) නායක අසාද් සාලිය පොලිස් මුලස්ථානයට පැමිණ මෙම පැමිණිල්ල කර තිබේ.

මෙහිදි පොලිස් ප්‍රධානින් හමුවේ මුස්ලිම් නායකයන් පෙන්වා දි ඇත්තේ ඥාණසාර හිමියන්ගේ ක්‍රියා කලාපයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනිම හරහා යහපාලනය සම්බන්ධයෙන් ජනතාව තබා ඇති විශ්වාසය බිඳවැටීමට ලක්වන බවයි.

Check Also

ලොව දිගම ඔසරි පොට වැඩේ අනාගනී…..පාසල් ළමයින් 250 ක් හිංසනයට ලක් කරලා…

ලොව දිගම ඔසරි පොට ඇඳි මනාලියගේ සැතපුම් ගණනාවක් මග දිගට ඔසරි පොට අල්ලා ගැනීමට පාසල් ...