Home / Featured / සිවාජිලිංගම්ලා දණ ගහන්න ඔනේ රණවිරු ස්මාරක ලග-උතුරට වෙනම නීතියක්,මේ යන්නේ ඊළම හදන්න

සිවාජිලිංගම්ලා දණ ගහන්න ඔනේ රණවිරු ස්මාරක ලග-උතුරට වෙනම නීතියක්,මේ යන්නේ ඊළම හදන්න

ජන සංහාර සතියක් ප්‍රකාශයට පත්කරමින් වේළුපිල්‍ලේ ප්‍රභාකරන්ගේ සරණ යමින් නැවත වතාවක් බෙදුම්වාදයට යන පාර නිර්මාණය කරමින් උතුරේ ඇතැම් දේශපාලනඥයන් කටයුතු කරමින් සිටින බව ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පවසයි.

ජාතික හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සදහන් කළේ “හාමුදුරුවරු උද්ඝෝෂණ කළාම සාමය බිඳවැටෙනවා, ජාතිවාදය අවුළවනවා කියලා උසාවි ගේනවා. සමහර අයට එරෙහිව මුකවාඩම් බඳිනවා. නීතිය ක්‍රියාත්මක කරනවා. තහංචි පනවනවා. මේ මොකුත් සිවාජිලිංගම්ට නෑ. නීතිය සියල්ලන්ටම සමාන විය යුතු බවයි.”

දෙමළ ජනතාව තම මියගිය ඥාතීන් නිවසේදී සිහිකර පහනක් දැල්වීම වරදක් නැතත්, ජන සංහාර සති ප්‍රකාශයට පත්කිරීම සිවාජිලිංගම්ලා තම ජාතියට ආරක්ෂක හමුදාවට මෙන්ම රටට කරන ද්‍රෝහීකමක් බවද ඔහු පෙන්වා දුන්නා.

“ජන සංහාර සතියක් ප්‍රකාශයට පත්කරමින් වේළුපිල්‍ලේ ප්‍රභාකරන්ගේ සරණ යමින් නැවත වතාවක් බෙදුම්වාදයට යන පාර නිර්මාණය කරමින් උතුරේ ඇතැම් දේශපාලනඥයන් කටයුතු කරමින් ඉන්නවා. ජන සංහාරය තිස් වසරක් මේ රටේ තිබුණා. ඒ තිස් වසරක ජන සංහාරය නිමා කරලා, රටට නිදහස සාමය උදාකරපු දිනය වෙනුවට අද ජන සංහාරක සතියක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ වේළුපිල්‍ලේ ප්‍රභාකරන්ගේ මස්සිනා වූ උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් මහතා විසින් ඇත්තටම බැලුවොත් සිවාජිලිංගම් වැනි දෙමළ දේශපාලන නායකයන් කළ යුත්තේ උතුරු නැගෙනහිර තියෙන රණවිරු ස්මාරක ඉස්සරහට ගිහිල්ලා මල් කලඹක් තියලා දණ ගහලා වඳින එකයි. තිස් වසරක් රට පුරා වූ බෙදුම්වාදී ම්‍ලේච්ඡ ත්‍රස්තවාදය නිමාකළ නිසා තමයි අද මේ රටේ සියලු දෙනාට නිදහසේ සාමයෙන් ජීවත්වෙන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඒ නිසා සිවාජිලිංගම්ලා කළ යුත්තේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ජන සංහාර සති පවත්වමින් වෛරය වැපිරීම නොවෙයි.”

“යුද්ධය නිමාවීමෙන් පසු ඒ සඳහා විවිධ වැඩසටහන් කළා. ඒත් උතුරු ප්‍රදේශයේ ප්‍රශ්නයක් තිබෙනවා. උතුරේ දෙමළ දේශපාලනඥයන් මේ දිනය සිහිකරන්න පහන් දල්වන්න යනවා නම් එය අපි දකින්නේ මේ රටට කරන ද්‍රෝහිකමක් වගේම අපේ රටේ ආරක්ෂක හමුදාවට කරන ද්‍රෝහිකමක් හැටියටයි. ඒ වගේම සිවාජිලිංගම් මන්ත්‍රීවරයා කරගෙන යන මෙම ක්‍රියාකලාපය නතර කරන්න ඇයි පියවරක් නොගන්නේ.”

“උතුරට එක නීතියක් වෙන්න බෑ. පැහැදිලිවම මෙතන සිදුවන්නේ වෛරය ඇවිස්සීමයි.එය රටේ ජාතික සංහිඳියාවට සහජීවනයට බාධාවක්. ඒ නිසා සිවාජිලිංගම්ගේ මෙම ක්‍රියාකලාපයට එරෙහිව රජය වහාම පියවරක් ගත යුතුයි. ඔහු දිගින් දිගටම කටයුතු කරන්නේ ඊළම වෙනුවෙන්. ප්‍රභාකරන්ගේ මග ගන්න ඕන කියලා.ඔහු උතුරේ තරුණයන් උසි ගන්වනවා. මෙය රටේ සංහිඳියාවට, ජාතික ඒකාග්‍රතාවට බාධාවක්.”

Check Also

රටම මහා ආපදාවේ …රට එකම සුන් ගොඩක් වෙද්දී … අගමැති රනිල් පුද්ගලික සංචාරයක් සදහා රට පනී …

පෞද්ගලික සංචාරයක් සදහා අගමැති රනිල් වික්‍රමසිංහ ඇමරිකා එක්සත් ජනපදය වෙත පිටව ගොස් තිබෙනවා. සති දෙකක ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *