Home / Featured / හොරු අල්ලන්න ආ යහපාලනය අල්ලපු හොරෙක් නෑ …හොරු එක්කම හවුලේ කනවා …යහපාලන සංවිධාන ආණ්ඩුවට යුධ ප්‍රකාශ කරති

හොරු අල්ලන්න ආ යහපාලනය අල්ලපු හොරෙක් නෑ …හොරු එක්කම හවුලේ කනවා …යහපාලන සංවිධාන ආණ්ඩුවට යුධ ප්‍රකාශ කරති

වත්මන් යහපාලන ආණ්ඩුව වහාම ජනතාවට වූ පොරොන්දු ඉටු කල යුතු බව පුරවැසි බලය සංවිධානය පවසයි.

කොළඹ 10, ඞීන්ස් පාරේ, සී.එස්.ආර්. ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි නියෝජිතයින් මේ බව සදහන් කළා.

එහිදී අදහස් දැක්වූ පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය,

ඕනෑම ආණ්ඩුවක හොඳම කාලේ මුල්ම අවුරුදු දෙක. ඊට පසුව එන්නේ පල්ලම් බසින කාලේ. ඒ නිසා කරගන්න තියෙන වැඩටික ඒ කාලය තුළ කරගත යුතුයි. ඒ කාලේ තුළ කරගන්න බැරි වුණොත් ඊළඟට කරනවා කියන එක හිතන්න බැහැ.නව ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවක් ගෙන ඒම සහ ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම අප මේ ආණ්ඩුවෙන් ප‍්‍රධාන වශයෙන් බලාපොරොත්තු වුණු කාරණාවලින් එකක්.

නමුත් තවම ආණ්ඩුව ඒ සඳහා කෙටුම්පතවත් සකස් කරලා නැහැ. ඒ වගේම කෝ හොරු ඇල්ලූවද? ඇතුළට දැම්මද? කියලා සමහරු අහනවා. ගොඩක් අය ඇතුළට නම් දැම්මා. නමුත් ඒ අයට දඬුවම් දීම ප‍්‍රමාදයි. අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මේවා තව දුරටත් ප‍්‍රමාද කරන්නේ නැතිව ඉටු කරන්න කියලයි. පහුගිය ආණ්ඩුවලින් සිදුවුණු වැරදි මේ ආණ්ඩුවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ.

දැන් ජී.එස්.පී. සහනය අපේ රටට ලැබෙනවා. ඒ අනුව භාණ්ඩ 6,600ක් තීරු බදු නැතිව යුරෝපා කොමිසමේ රටවල් 28කට අපනයනය කරන්න පුළුවන්. එ් ලැබෙන වාසිය හාම්පුතුන්ට පමණක් නොවෙයි වැඩ කරන ජනතාවටත් ලැබෙන විදියට රජය කටයුතු කළ යුතුයි.මාසෙකට සැරයක් ආණ්ඩුව ප‍්‍රශ්නයක් හදා ගන්නවා. රටක් විදියට කළමනාකරණය ඇති කරගෙන රට ඉදිරිය ගෙන යාමට ආණ්ඩුව කල්පනා කළ යුතුයි.

එම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු ගාමිණී වියන්ගොඩ,

යහපාලන ආණ්ඩුවේ දින 100 වැඩසටහන තුළදී පමණයි තීරණාත්මක වැඩ කොටසක් කරලා තිබෙන්නේ. ඊට පසුව මේ දක්වා ගත වුණු කාලය තුළ රටට සමාජයට දැනෙන දෙයක් කරලා නැහැ. නායකයෝ වෙනස් කිරීම පමණක් නොවෙයි ආණ්ඩු මාරු කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ. දැන් පහුගිය ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් අතර වෙනසක් නැහැ වගේ. ඒකාබද්ධ විපක්ෂය කතා කරන්නේ මේ ආණ්ඩුවෙන් මුකුත් කරලා නැහැ වගේ. ඒක ඒ අයගේ වරදක් නෙමෙයි. මේ ආණ්ඩුව සමත් වෙලා නැහැ ඔවුන්ගේ වැරදි ඔප්පු කර රටට පෙන්වන්න. පහුගිය ආණ්ඩුවේ අකටයුතුකම් ගැන හොයන්න වෙනම අධිකරණයක් පත් කරන්න කියා අපි රජයෙන් ඉල්ලූවා. මේ පවතින අධිකරණ ක‍්‍රමය තුළ ඔවුන්ට දඬුවම් නෙමෙයි මාස හත අටකට නඩු කල් දැමීමයි සිදු වන්නේ.

එහි සම කැදවුම්කරු කේ. ඩබ්ලිව්. ජනරංජන,

ජනවාරි 08 පොරොන්දු ඉටුකරන්න ආණ්ඩුවට උනන්දුවක් නැහැ. දේශපාලන අධිෂ්ඨානයක් නැහැ. පරණ ආණ්ඩුවේ හොරු මේ ආණ්ඩුවෙත් සිටිනවා. ඔවුන් මේවා ප‍්‍රමාද කරවීමට කටයුතු කරනවාද කියා සැකයි. හැම දේකටම කමිටුවක් හෝ කොමිසමක් පත්කරනවා. නමුත් ජනතාවට ඒ ගැන අමතක වෙන්න ඇරලා පත් කරපු කමිටු නිර්දේශ කළ තීරණ කි‍්‍රයාත්මක නොකර ඉන්නවා. විමර්ශන පස්සට දානවා. වැලිකඩ බන්ධනාගාරයේ සිරුකරුවන්ට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ති‍්‍රපුද්ගල කමිටුවක් පත් කළා. ඒ කමිටුව විසින් නිකුත් කරපු වාර්තාවේ තියෙනවා එයට වගකිව යුතු පුද්ගලයන් අත්ඩංගුවට ගත යුතුයි කියලා සාක්ෂි හා සාධක සහිතව. නමුත් එය අද වන තුරු ඉටු වී නැහැ.

එහිදි අදහස් දැක්වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු සරත් විජේසූරිය,

අපට පුද්ගලයන් සම්බන්ධව නොවෙයි ප‍්‍රතිපත්ති සම්බන්ධවයි ගැටලූව තිබෙන්නේ. ජනවාරි 8 සහ අගෝස්තු 17 පැරදුණු ශී‍්‍රලනිපයේ අයත් එජාපයේ පිරිසකුත් මෙම ප‍්‍රමාද කිරීම් සිදු කරනවා.තිබුණු රාජ්‍ය තන්ත‍්‍රය නැවත පත්වීමට ඉඩ නොදී මේ ආණ්ඩුව තව දුරටත් රැක ගත යුතුයි. ආණ්ඩුවට බලපෑම් සිදු කරමින් අරගල කරමින් ආණ්ඩුව නිවැරදි මාවතට තල්ලූ කිරීමට අප කටයුතු කරනවා.

විකට් 10ම අපි ළඟ තියෙනවා. විශාල පන්දු තොගයක් වැයවෙලා තිබෙනවා. නමුත් අපි අවසන් ඕවරය අවසන් වන තුරු අපි පිටියේ ඉන්නවා.

Check Also

ලොව දිගම ඔසරි පොට වැඩේ අනාගනී…..පාසල් ළමයින් 250 ක් හිංසනයට ලක් කරලා…

ලොව දිගම ඔසරි පොට ඇඳි මනාලියගේ සැතපුම් ගණනාවක් මග දිගට ඔසරි පොට අල්ලා ගැනීමට පාසල් ...