Home / Featured / කිලිනොච්චියේදී පොලිසිය බලා සිටියදීම පොලිසියට වෙඩි තබා පලා යයි …LTTE සැමරුම් හා සම්බන්ධ දැයි සැකයි

කිලිනොච්චියේදී පොලිසිය බලා සිටියදීම පොලිසියට වෙඩි තබා පලා යයි …LTTE සැමරුම් හා සම්බන්ධ දැයි සැකයි

කිලිනොච්චි පලෙයි පොලිසිය බල ප්‍රදේශයේදී ඊයේ (18) මධ්‍යම රාත්‍රියේදී පොලිස් ජංගම රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇත.එම අවස්ථාවේදී පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු රාජකාරි කටයුතුවල යෙදී ඇත.

වෙඩි ප්‍රහාරය නිසා කිසිවෙකුත් තුවාල ලබා නොමැති අතර පොලිස් ජංගම රථයටද කිසිදු හානියක්වී නෑ.නමුත් එම ස්ථානයට ආසන්නයේ තිබූ දුම්රිය ආලෝක සංඥා කිහිපයකට වෙඩි ප‍්‍රහාර එල්ලවී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ඊයේ දිනයේදී ත‍්‍රස්තවාදය අවසන් කළ හා එල්.ටී.ටී.ඊ නායකයා මියගිය දිනය හේතුවෙන් කිසියම් පුද්ගලයකු කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් සිදුකිරීම සඳහා මෙලෙස වෙඩි ප‍්‍රහාර එල්ලකරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

අදාළ ස්ථානයට මේ වන විටත් දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නෑ.

Check Also

විශේෂ කණ්ඩායම් වෙනුවෙන් අධිකරණ පිහිටුවීමටන් නීතියෙන් ඉඩ නෑ – නීතිපති දෙපාර්තමේන්තුවට අපහාස කිරීම වැරදියි

පසුගිය රජයේ සිටි ඇතැම් පුද්ගලයන් විසින් සිදුකළේ යැයි කියන වැරැදිවලට අදාළ නඩු විභාග කිරීම සඳහා ...