Home / Featured / විජයග්‍රහණයේ සැමරුම මායිම් නොකර අත්හිටුවීම -කොටි හිතවාදීන්ගේ උවමනාව මත සිදු වූවක් …

විජයග්‍රහණයේ සැමරුම මායිම් නොකර අත්හිටුවීම -කොටි හිතවාදීන්ගේ උවමනාව මත සිදු වූවක් …

ආණ්ඩුව විසින් විජයග්‍රහණයේ සැමරුම් උළෙල නවතා ඇත්තේ දෙමළ ජනතාවගේ සිත් රිදෙන නිසා නොව කොටි හිත්වාදීන්ගේ බලාපොරොත්තු ඉටු කරලීමට බව දේශ හිතෛශි භික්ෂු පෙරමුණේ නායක පූජ්‍ය බැංගමුවේ නාලක හිමි පවසනවා.ඊයේ (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.

“ත්‍රස්තවාදය නිමා වුණාට පස්සේ හමුදාව ඒ පළාත් වල රැදී සිටිමින් අහිංසක දෙමළ මිනිස්සුන්ට මහා සේවයක් කළා.ඒ නිසා විජයග්‍රහණයේ සැමරුම නැවැත්වූයේ දෙමළ ජනතාවගේ හිත් රිදෙන නිසා කියන එක අමූලික බොරුවක්.ඒකෙන් හිත් රිදෙන පිරිසක් ඉන්නවා.විග්නේෂ්වරන්ලා ,සම්බන්ධන්ලා උන්ගේ හිත් රිදෙනවා.මොකද ඒ අය කොටින්ට උදව් කරපු අය.කොටින්ට සම්බන්ධ වෙච්ච අය.අපි රණවිරුවන් ආරක්ෂා කරනවා.ඒ අය වෙනුවෙන් පෙනී ඉන්නවා.එහෙම කරනකොට ආණ්ඩුවට රිදෙනවා නම් අපිට කරන්න දෙයක් නෑ. “

නමුත් යුද්ධයේදී මියගිය රණවිරුවන් සැමරීමේ උත්සවයක් අද පස්වරුවේදී පැවැත්වෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.පාර්ලිමේන්තු සංකීර්ණය අසල පිහිටි රණවිරු ස්‌මාරකය අභියසදී මෙම සැමරුම් උත්සවය පැවැත්වෙනවා .

කොටි සංවිධානයට එරෙහිව ආරක්‍ෂක හමුදාව දියත් කළ මානුෂීය මෙහෙයුමේදී සෙබළුන් හා නිලධාරීන් 29,000 ක්‌ පමණ මරුමුවට පත්වූ අතර තවත් 10,000 කට අධික පිරිසක්‌ ආබාධිත තත්ත්වයට පත්වූහ.ඒ අය සිහිපත් කරමින් මෙම සැමරුම් උත්සවය පැවැත්වෙනු ඇති.

Check Also

රටම මහා ආපදාවේ …රට එකම සුන් ගොඩක් වෙද්දී … අගමැති රනිල් පුද්ගලික සංචාරයක් සදහා රට පනී …

පෞද්ගලික සංචාරයක් සදහා අගමැති රනිල් වික්‍රමසිංහ ඇමරිකා එක්සත් ජනපදය වෙත පිටව ගොස් තිබෙනවා. සති දෙකක ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *