Home / Featured / මිය ගිය කොටි 500 කගේ නම ගලේ කොටයි …යුධ හමුදාවටත් මහා අවමන් කර පිළිරුවක් විවෘත්ත කරන්න යයි …විවෘත්ත කිරීම වළකාලමින් තහනම් නියෝගයක් !

මිය ගිය කොටි 500 කගේ නම ගලේ කොටයි …යුධ හමුදාවටත් මහා අවමන් කර පිළිරුවක් විවෘත්ත කරන්න යයි …විවෘත්ත කිරීම වළකාලමින් තහනම් නියෝගයක් !

යුධ සමයේදී මිය ගිය පිරිස් සිහි කරන මුවාවෙන් මිය ගිය කොටි සාමාජිකයන් 500 ගේ නම් ඇතුළත් පුවරුවක් සහ ආරක්ෂක හමුදාව අපකීර්තියට පත් කරන ආකාරයේ පිළිරුවක් විවෘත්ත කිරීම වළකමින් මුලතිව් දිසා විනුසුරු එම් .අයි .එම් විසින් ඊයේ තහනම් නියෝගයක් ලබාදී තිබෙනවා.

මුලතිව් පොලිසිය විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කර ඇත්තේ ,මෙම ප්‍රතිමාවේ සහ නාම පුවරුවේ කොටි සාමාජිකයන් නිරූපණය වන බවයි.ඒ අනුව මුලතිව් දිසා විනිසුරුවරයා විසින් දින 14 කට වලංගු වන ලෙසට මෙම තහනම් නියෝගය පනවා තිබෙනවා.

මේ පිරිස විසින් ඊයේ වෙල්ලමුල්ලිවයික්කාල් වලදී සැමරුම් කිහිපයක් පවත්වා තිබුණා.

පිරිමියෙකු තුවාල ලබා සිටින කාන්තාවක දෑතින් ඔසවා ගෙන සිටීමත් ,කුඩා දරුවා එය දැක හඩා වැළපෙන අයුරුත් නිරූපණය කරමින් මෙම පිළිරුව නිර්මාණය කර ඇත්තේ මුලතිව් කරමුල්ලිවයිකාල්හි ශාන්ත පාවුළු දේවස්ථානයේ එල්ලිරාජන් වියතුමන් ඇතුළු පිරිසක් විසින්.

කෙසේ වෙතත් මෙම ප්‍රතිමාවේ පිරිමියෙකු ලෙස නිරූපණය කර ඇත්තේ යුධ හමුදා සෙබලෙකි.ද්‍රවිඩ කාන්තාවන් හමුදාව විසින් පැහැර ගෙන ගිය බව සනාත කරමින් හමුදාව අපකීර්තියට පත් කරන ලෙසට මෙම පිළිරුව නිර්මාණය කර ඇත.

Check Also

උතුරු-නැගෙනහිර රජයෙන් උදුරා ගත් ඉඩම් වහාම නැවත ලබා දෙනු! -පීඩිත ජනතාව වීදි බසියි

රජය විසින් දේපල පවරා ගැනීම නිසා අයුක්තියට පත් සියලු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණයක් ඊයේ (27) ...