Home / Featured / උද්ඝෝෂණ මඩින්න තුවක්කුව අතට ගන්න …විරෝධතා කරන උන්ට වෙඩි තියන්න කියා ජනතාව කියනවා

උද්ඝෝෂණ මඩින්න තුවක්කුව අතට ගන්න …විරෝධතා කරන උන්ට වෙඩි තියන්න කියා ජනතාව කියනවා

ජනතාවට පීඩා වන ලෙසට උද්ඝෝෂණ මැඩලීමට පසුගිය පාලනය මෙන් තුවක්කුව අතට ගන්නා ලෙසට ජනතාව ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.සයිටම් විරෝධි උද්ඝෝෂණ හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට ලක්ව ඇති බවත් එම පීඩාකාරි තත්වයන් මැඩලීමට දැන් හෝ ආණ්ඩුව වෙඩි නොතබන්නේ මන්දැයි ජනතාව ප්‍රශ්න කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

පසුගියදා සයිටම් විරෝධයේදී සිසුන්ගේ හැසිරීම ත්‍රස්තවාදය මෙන් ම්ලේච්ඡ බවත් මෙවැනි ක්‍රියාවල සීමාවක් පැවතිය යුතු බවද අමාත්‍යවරයා කියා සිටියා.

නමුත් විරෝධතා දක්වන පිරිසට වෙඩි තබා මර්දනය කිරීමට ආණ්ඩුව සූදානම් නැති බවත් , මේ විරෝධතා පිටුපස දේශපාලන බලපෑමක් පවතින බවට සැකයක් මතුව ඇති බවද ඔහු කියා සිටියා. අධිකරණ නියෝග පවා නොතකමින් සිසුන් හැසිරෙන බවත් සිසුන්ගේ මේ ක්‍රියාකලාපය අනුමත කල නොහැකි බවයි අමාත්‍යවරයා කියා සිටියේ.මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.

Check Also

රටම මහා ආපදාවේ …රට එකම සුන් ගොඩක් වෙද්දී … අගමැති රනිල් පුද්ගලික සංචාරයක් සදහා රට පනී …

පෞද්ගලික සංචාරයක් සදහා අගමැති රනිල් වික්‍රමසිංහ ඇමරිකා එක්සත් ජනපදය වෙත පිටව ගොස් තිබෙනවා. සති දෙකක ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *