Home / Featured / 18 න් හමුදාව ආ තරුණයා 20 න් වෙඩි කෑවා …දැන් පතෝල කරලක් වගේ ඇදන් උඩ …විරුවන් වෙඩි කෑවේ ඔබ වෙනුවෙන් ..ඔබේ දරුවා වෙනුවෙන්

18 න් හමුදාව ආ තරුණයා 20 න් වෙඩි කෑවා …දැන් පතෝල කරලක් වගේ ඇදන් උඩ …විරුවන් වෙඩි කෑවේ ඔබ වෙනුවෙන් ..ඔබේ දරුවා වෙනුවෙන්

30 අවුරුදු යුද්ධයක් නිමා කරමින් රණවිරුවන් කල කැපවීම අමතක කල නොහැකි බව , මේජර් ජනරාල් කමල් ගුණරත්න පවසයි.2009 මැයි 18 න් පසු වසර 08 ක් පූරාවටම කිසිදු ආකාරයේ ත්‍රස්තවාදි ක්‍රියාකාරකමක් මේ වන තුරු මව්බිමෙන් වාර්තාවී නැති බවද ඔහු සදහන් කළා.ඒ ගෞරවය නියත වශයෙන්ම රණවිරුවන්ට හිමි විය යුතු බවයි ඔහු කියා සිටියේ.

යුද්ධයේදී මිය ගිය රණවිරුවන් සිහිපත් කිරීමේ වැඩසටහනක් සහ ආබාධිත රණවිරුවන්ට උපහාර පිදීමේ උත්සවයක් දැරණියගල ප්‍රාදේශිය සභාව අසල ඇති රණවිරු පිළිරුව අසලදී මේජර් ජනරාල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.ඒ අවස්ථාවට එක් වෙමිනුයි කමල් ගුණරත්න මේ බව කියා සිටියේ.

“අවුරුදු 18 දී යුධ හමුදාවට බැදිලා අවුරුදු 20 දී තුවාල ලබපු ඒ ළමයා අවුරුදු 70 ක් ජීවත් වෙනවා නම් අවුරුදු 50 ක් ඇද උඩට දාලා පතෝල කරලක් වගේ ජීවත් වෙනවා.ඒ අය එහෙම ජීවත් වෙන්නේ ඔබගේත් ඔබගේ දරුවන්ගේත් දරුවන්ගේ දරුවන්ටත් හෙට දවසේ ජීවිතය දීපු නිසයි.2009 මැයි 18 යුද්ධය අවසාන කලාට පස්සේ අද වෙනතුරු මේ මව්බිම තුළ එක තැනකවත් කිසිම ත්‍රස්තවාදි ක්‍රියාවක් වාර්තා වෙලා නෑ.එක පතුරමක් පත්තු වෙලා නෑ.ත්‍රස්තවාදින් විසින් කල එක බෝම්බයක් පත්තු වෙලා නෑ .ඒ තත්වයට මේ රට ගෙනාවේ රණවිරුවන්.ඒක කවදාවත් අමතක කරන්න එපා . “

Check Also

රටම මහා ආපදාවේ …රට එකම සුන් ගොඩක් වෙද්දී … අගමැති රනිල් පුද්ගලික සංචාරයක් සදහා රට පනී …

පෞද්ගලික සංචාරයක් සදහා අගමැති රනිල් වික්‍රමසිංහ ඇමරිකා එක්සත් ජනපදය වෙත පිටව ගොස් තිබෙනවා. සති දෙකක ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *