Home / Featured / මහින්ද -ගෝඨාගේ රණවිරු සැමරුමට යහපාලනයෙන් බාධා උත්සවයට නිදහස් චතුරස්‍රය ලබා නොදෙයි

මහින්ද -ගෝඨාගේ රණවිරු සැමරුමට යහපාලනයෙන් බාධා උත්සවයට නිදහස් චතුරස්‍රය ලබා නොදෙයි

හෙට කොළඹ නිදහස් චතුරස්‍රයේදී විජයග්‍රහණයේ රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට අවසර ලබා දිය නොහැකි බව එහි සංවිධායකයන්ට නිදහස් චතුරස්‍රයේ පරිපාලනය විසින් දැනුම්දී තිබේ.

උත්සවයේ සංවිධායකටන් සදහන් කලේ අද සවස නිදහස් චතුරස්‍රයේ පරිපාලනය විසින් මේ බව දැනුම් දුන් බවයි.

කෙසේ වෙතත් සැමරුම් උත්සවයේ සංවිධායකයන් සදහන් කලේ රණවිරුවන් සැමරීමේ උත්සවය පැවැත්වීමට නිදහස් චතුරස්‍රය ලබා නොදුන්නද එය විහාර මහා දේවි උද්‍යානයේ හෝ පවත්වන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන අයගේ ප්‍රධානත්වයෙන් විජයග්‍රහණයේ රණවිරු සැමරුම් උත්සවය නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබුණා.

ගෝලීය ශ්‍රී ලංකා සංසදය, ජාතික සංවිධාන සම්මේලනය සහ ජාතික රණවිරු සංවිධාන එක්‌ව “දිනූ මව්බිම රැකගමු – රණවිරුවන් තනි නොකරමු” යන්න තේමාව කරගනිමින් මෙම විජයග්‍රහණයේ රණවිරු සමරු උත්සවය සංවිධානය කර තිබුණා .

මහා සංඝරත්නය ප්‍රධාන, රණවිරු පවුල් හා බැඳුණු ඥතීන් ඇතුළු විශාල පිරිසක්‌ මෙම රණවිරු සමරු උත්සවයට සහභාගි වන අතර උපන් බිමට නිදහස දිනා දුන් රණවිරුවන්ට බුහුමන් දැක්‌වීම සඳහා මෙම අවස්‌ථාවට එක්‌වන ලෙස ගෝලීය ශ්‍රී ලංකා සංසදය ඇතුළු ජාතික සංවිධාන සියලු දේශප්‍රේමී පුරවැසියන්ට ආරාධනා කර සිටී.

Check Also

මල්ටි බැරල්, රොකට් උණ්ඩ නෑ, රට බෙදුම්වාදයට යනවා……. ඥාණසාර හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්

වෙඩි උණ්ඩ නොමැතිව, මල්ටි බැරල් රොකට් උණ්ඩ නොමැතිව ලියවිලි වලින් පමණක් රට බෙදුම්වාදය කරා ගෙන ...